ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 65
  • රාජ්‍යය බෙදා වෙන් කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාජ්‍යය බෙදා වෙන් කිරීම
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • රාජ්‍යය දෙකට බෙදෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවිට පක්ෂපාත අය ඔහුට අනර්ඝයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පළමුවන රාජාවලිය පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 65
අනාගතවක්තෘ අහියා යෙරොබොවම් එක්ක කතා කරන ගමන් එයාගේ සළුව ඉරනවා

කතන්දර 65

රාජ්‍යය බෙදා වෙන් කිරීම

මේ මිනිසා එයාගේ සළුව කෑලිවලට ඉරන්නේ ඇයි කියලා ඔයා දන්නවාද? මෙහෙම කරන්න කියලා එයාට කිව්වේ යෙහෝවා. මේ මිනිසාගේ නම අහියා. එයා දෙවිගේ අනාගතවක්තෘවරයෙක්. අනාගතවක්තෘවරයෙක් කියන්නේ කාටද කියලා ඔයා දන්නවාද? දෙයක් වෙන්න කලින්, දෙවි මේ වාගේ කෙනෙකුට තමයි මොනවාද වෙන්න යන්නේ කියලා කියන්නේ.

අහියා යෙරොබොවම් එක්ක කතා කරන එකයි මේ පින්තූරෙන් පේන්නේ. සාලමොන් එයාගේ ගොඩනැඟිලි වැඩවලින් සමහරක් දේවල් කරන්න භාර දුන්න මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් යෙරොබොවම්. පාරේ යද්දී අහියාට යෙරොබොවම්ව හමු වුණාම, අහියා අමුතු දෙයක් කරනවා. එයා ඇඳගෙන ඉන්න අලුත් සළුව ගළවලා ඒක කෑලි 12කට ඉරනවා. එයා යෙරොබොවම්ට කියනවා ‘කෑලි 10ක් ඔයා ගන්න’ කියලා. අහියා යෙරොබොවම්ට කෑලි 10ක් දෙන්නේ ඇයි කියලා ඔයා දන්නවාද?

යෙහෝවා සාලමොන්ගෙන් රාජ්‍යය අහක් කරන්න යනවා කියලා අහියා තේරුම් කරලා දෙනවා. එයා කියනවා යෙහෝවා යෙරොබොවම්ට ගෝත්‍ර 10ක් පාලනය කරන්න දෙන්න යනවා කියලා. ඒ කියන්නේ රෙහොබොවම් කියන සාලමොන්ගේ පුතාට පාලනය කරන්න ඉතුරු වෙන්නේ ගෝත්‍ර දෙකක් විතරයි.

අහියා යෙරොබොවම්ට කිව්ව දේ ගැන සාලමොන් දැනගත්තාම, එයාට හරියට තරහ යනවා. එයා යෙරොබොවම්ව මරන්න උත්සාහ කරනවා. ඒ වුණාට යෙරොබොවම් ඊජිප්තුවට පැනලා යනවා. ටික කාලෙකට පස්සේ සාලමොන් මැරෙනවා. එයා අවුරුදු 40කට රජ වෙලා හිටියා. නමුත් දැන් එයාගේ පුතා රෙහොබොවම් රජකමට පත් වෙනවා. ඊජිප්තුවේ ඉන්න යෙරොබොවම්ට දැනගන්න ලැබෙනවා සාලමොන් මැරිලයි කියලා. ඉතින් එයා ආයෙත් ඉශ්‍රායෙල් දේශයට එනවා.

රෙහොබොවම් නරක රජෙක්. එයාගේ තාත්තා සාලමොන්ටත් වඩා එයා මිනිස්සුන්ට නපුරුකම් කරනවා. යෙරොබොවම් තව වැදගත් මිනිස්සුන් කීපදෙනෙක් එක්ක රෙහොබොවම් රජ ළඟට ගිහිල්ලා, මිනිස්සුන්ට හොඳින් සලකන්න කියලා එයාට කියනවා. ඒ වුණාට රෙහොබොවම් ඇහුම්කම් දෙන්නේ නැහැ. ඇත්තටම, එයා කලින් කළාටත් වඩා නපුරුකම් කරනවා. මේ නිසා ගෝත්‍ර 10ක් පාලනය කරන්න, මිනිස්සු යෙරොබොවම්ව රජකමට පත් කරනවා. නමුත් බෙන්යමින් හා යූදා කියන ගෝත්‍ර දෙකට අයිති මිනිස්සු ඒගොල්ලන්ගේ රජ හැටියට රෙහොබොවම්ව තියාගන්නවා.

යෙහෝවාගේ මාළිගාවේ නමස්කාර කරන්න එයාගේ මිනිස්සු යෙරුසලමට යනවාට දැන් යෙරොබොවම් කැමති නැහැ. ඉතින් එයා රත්තරන්වලින් වසුපැටියන් දෙන්නෙක් හදලා ගෝත්‍ර දහයේ රාජ්‍යයට අයිති මිනිස්සුන්ට කියනවා උන්ට නමස්කාර කරන්න කියලා. වැඩි කාලයක් යන්න කලින් මුළු දේශයම අපරාධවලින් පිරෙනවා.

ගෝත්‍ර දෙකක් අයිති රාජ්‍යයෙත් කරදර තියෙනවා. රෙහොබොවම් රජ වෙලා අවුරුදු පහක් යන්න කලින්, ඊජිප්තුවේ රජ යෙරුසලමට විරුද්ධව සටන් කරන්න එනවා. එයා යෙහෝවාගේ මාළිගාවෙන් වටිනා දේවල් ගොඩක් අරන් යනවා. මේ නිසා ඒ දේවමාළිගාව හදපු විදිහටම තියෙන්නේ ටික කාලෙකට විතරයි.

1 රාජාවලිය 11:26-43; 12:1-33; 14:21-31.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න