ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 45 පාඩම 110 පි.-111 පි. 2 ¶
  • රාජ්‍යය දෙකට බෙදෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාජ්‍යය දෙකට බෙදෙයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • රාජ්‍යය බෙදා වෙන් කිරීම
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවිට පක්ෂපාත අය ඔහුට අනර්ඝයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ අනුමැතිය එයාට ලැබුණාද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පළමුවන රාජාවලිය පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 45 පාඩම 110 පි.-111 පි. 2 ¶
අහියා, යෙරොබොවම් ඉස්සරහා එයාගේ ඇඳුම කෑලි 12කට ඉරයි

45වෙනි පාඩම

රාජ්‍යය දෙකට බෙදෙයි

සලමොන් යෙහෝවාට නමස්කාර කරන කල් ඊශ්‍රායෙල්වල හැමෝම සාමයෙන් හිටියා. ඒත් සලමොන් වෙන රටවල්වල හුඟක් කාන්තාවන්ව විවාහ කරගත්තා. එයාලා රූපවලට නමස්කාර කරපු අය. අන්තිමේදී එයාත් රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. යෙහෝවාට ඒ ගැන හුඟක් කේන්ති ගියා. ඔහු එයාට මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල් රාජ්‍යය මං ඔයාගේ පවුලෙන් උදුරගෙන ඒක දෙකට බෙදනවා. ඒකෙන් වැඩි කොටසක් මං ඔයාගේ සේවකයෙක්ට දෙනවා. ඔයාගේ පවුලේ අයට ලැබෙන්නේ පොඩි කොටසක් විතරයි.’

දවසක් සලමොන්ගේ සේවකයෙක් වුණ යෙරොබොවම්ට අනාගතවක්තෘ අහියාව හම්බ වුණා. අහියා එයාගේ ඇඳුම කොටස් 12කට ඉරලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා ඊශ්‍රායෙල් රාජ්‍යය සලමොන්ගේ පවුලෙන් අරන් ඒක දෙකට බෙදනවා. මේ රෙදි කෑලිවලින් දහයක් ඔයා ගන්න. ගෝත්‍ර දහයක් මං ඔයාට දෙනවා.’ සලමොන් ඒක දැනගත්තාම යෙරොබොවම්ව මරන්න හැදුවා. ඒ නිසා යෙරොබොවම් ඊජිප්තුවට ගිහින් හැංගුණා. කාලයක් ගියාම සලමොන් මැරිලා එයාගේ පුතා රෙහබෝවම් රජ වුණා. ඒක දැනගත්ත යෙරොබොවම් ආයෙත් ඊශ්‍රායෙල්වලට ආවා.

හුඟක් ඊශ්‍රායෙල්වරු යෙරොබොවම් හදපු රන් වස්සාට නමස්කාර කළා

ඊශ්‍රායෙල්වල වැඩිමහල්ලන් රෙහබෝවම්ට කිව්වා ‘සෙනඟට හොඳට සැලකුවොත් එයාලත් කීකරුව ඉඳියි’ කියලා. ඒත් ‘සෙනඟගෙන් තවත් වැඩියෙන් වැඩ ගන්න’ කියලා එයාගේ වයසේ යාළුවෝ කිව්වා. රෙහබෝවම් යාළුවෝ කියපු විදිහට වැඩ කරපු නිසා සෙනඟ එයාට කැමති වුණේ නැහැ. එයාලා ගෝත්‍ර දහයක රජ විදිහට යෙරොබොවම්ව පත් කළා. ඒ ගෝත්‍ර දහයට කිව්වේ ඊශ්‍රායෙල් රාජ්‍යය කියලා. රෙහබෝවම්ට ඉතුරු වුණේ ගෝත්‍ර දෙකයි. ඒකට කිව්වේ යූදා රාජ්‍යය කියලා. ඒ විදිහට ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 දෙකට බෙදුණා.

සෙනඟ යෙරුසලමට ගිහින් නමස්කාර කරනවාට යෙරොබොවම් කැමති වුණේ නැහැ. ඒ මොකද දන්නවාද? එයා බය වුණා සෙනඟ ආයෙත් රෙහබෝවම්ගේ පැත්ත ගනියි කියලා. ඒ නිසා එයා රත්තරන්වලින් වස්සන් දෙන්නෙක්ව හදලා සෙනඟට මෙහෙම කිව්වා. ‘යෙරුසලම හුඟක් දුරයි. ඒ නිසා ඔයාලා මෙතන ඉඳන් නමස්කාර කරන්න.’ ඉතින් සෙනඟ ආයෙත් යෙහෝවාව අමතක කරලා රන් වස්සන්ට නමස්කාර කරන්න පටන්ගත්තා.

‘දෙවියන්ට සේවය කරන්නේ නැති අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා. ධර්මිෂ්ඨකමයි, දුෂ්ටකමයි අතර සම්බන්ධයක් තියෙනවාද? දෙවියන්ට සේවය කරන කෙනෙකුයි, සේවය කරන්නේ නැති කෙනෙකුයි අතර කිසිම ගැළපීමක් තියෙනවාද?’—2 කොරින්ති 6:14, 15

ප්‍රශ්න: ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකට බෙදුණේ ඇයි? රෙහබෝවම් රජ සහ යෙරොබොවම් රජ කරපු නරක දේවල් මොනවාද?

1 රාජාවලිය 11:1-13, 26-43; 12:1-33

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න