ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 93
  • යේසුස් බොහෝදෙනෙකුට කන්ට දෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් බොහෝදෙනෙකුට කන්ට දෙයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යේසුස් දහස් ගණනකට ආශ්චර්යවත් ලෙස කන්න දෙයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් දහස් ගාණකට කන්න දුන්නා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 93
යේසුස් පාන් ගෙඩි පහකුයි මාළු කූරීන් දෙන්නෙකුගෙනුයි ගොඩක්දෙනෙක්ට කන්න දෙනවා

කතන්දර 93

යේසුස් බොහෝදෙනෙකුට කන්ට දෙයි

හරිම නරක දෙයක් තමයි වෙලා තියෙන්නේ. යොහන් බව්තීස්තව මේ දැන් මරලා. හෙරෝදියස්, ඒ කියන්නේ රජුගේ බිසව එයාට ආස නැහැ. ඉතින් ඇයට පුළුවන් වුණා රජුට කියලා යොහන්ගේ බෙල්ල කපලා දාන්න.

යේසුස්ට මේ ගැන දැනගන්න ලැබුණාම ඔහුට හරිම දුකයි. තනියෙන් ඉන්න ඕනේ වෙලා ඔහු පාළු තැනකට යනවා. නමුත් මිනිස්සු ඔහු පස්සෙන් එනවා. මේ සෙනඟ එනවා දැක්කාම යේසුස්ට ඒ අය ගැන ගොඩක් දුක හිතෙනවා. ඉතින් ඔහු ඒ අයට දෙවිගේ රාජ්‍යය ගැන කතා කරමින් ඒගොල්ලන් අතර ඉන්න ලෙඩුන්ව සුව කරනවා.

එදා හවස ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් කියනවා: ‘දැන් ගොඩක් රෑ වෙලා. ඒ මදිවට මේක පාළු තැනක්. ඒ හින්දා මේ මිනිසුන්ට ඕන කරන කෑම මේ ළඟ තියෙන ගම්වලින් හොයාගන්න ඒ අයව යවන්න’ කියලා.

‘ඒගොල්ලන් කොහේවත් යන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන් ඒ අයට කන්න මොනවා හරි දෙන්න’ කියලා යේසුස් උත්තර දෙනවා. දැන් යේසුස් පිලිප්ගෙන් අහනවා: ‘මේ හැමදෙනාටම ඇති වෙන්න කෑම ගන්න තැනක් තියෙනවාද?’

‘හැමදෙනාටම පොඩ්ඩ පොඩ්ඩ හරි කන්න දෙන්න උනත් ලොකු වියදමක් යයි’ කියලා පිලිප් කියනවා. අන්දෘ දැන් කතා කරලා කියනවා: ‘අපේ කෑම තියාගෙන ඉන්න මේ දරුවා ළඟ පාන් ගෙඩි පහකුයි මාළු කූරීන් දෙන්නෙකුයි ඉන්නවා. ඒ වුණාට ඒක මේ හැමදෙනාටම කොහොමත් මදිනේ.’

‘මිනිස්සුන්ට බිම වාඩි වෙන්න කියන්න’ කියලා යේසුස් කියනවා. ඊට පස්සේ ඔහු මේ කෑමවලට දෙවිට ස්තූති කරලා ඒවා කෑලිවලට කඩන්න පටන්ගන්නවා. ඊළඟට ගෝලයෝ ඒ පාන් ටිකයි මාළු ටිකයි හැමදෙනාටම බෙදනවා. එතන පිරිමි අය පන්දහස්දෙනෙකුත් තව ස්ත්‍රීන් හා දරුවන් දහස් ගණනකුත් ඉන්නවා. මේ හැමදෙනාම බඩ පිරෙනකම්ම කනවා. ඊට පස්සේ ගෝලයන් ඉතුරු කෑම එකතු කරන්න ගත්තාම, මෙන්න කූඩ 12ක් පිරෙන්න කෑම තියෙනවා!

යේසුස් දැන් ඔහුගේ ගෝලයන්ට බෝට්ටුවක නැඟලා ගලීලයේ මුහුද හරහා යන්න කියනවා. එදා රෑ ලොකු කුණාටුවක් හමන්න පටන්ගන්නවා. ඉතින් මුහුදු රැල්ල නිසා බෝට්ටුව එහාටයි මෙහාටයි තල්ලු වෙනවා. ගෝලයන් හොඳටම භය වෙනවා. එතකොට මහා රෑ, කවුදෝ ඒගොල්ලන් ළඟට මුහුද පිට පයින් එනවා පේනවා. මේ කවුද කියලා ඒගොල්ලන් දන්නේ නැති නිසා ඒගොල්ලන් භයෙන් කෑගහනවා.

‘භය වෙන්න එපා. මේ මම’ කියලා යේසුස් කියනවා. ඒගොල්ලන්ට තවමත් ඒක විශ්වාස කරන්න බැහැ. ඉතින් පේතෘස් මෙහෙම කියනවා: ‘ස්වාමිනී, ඒ ඇත්තටම ඔබ නම්, ඔබ ළඟට එන්න මුහුද පිට ඇවිදින්න කියලා මටත් කියන්නකෝ.’ යේසුස් උත්තර දීලා කියනවා ‘එන්න’ කියලා. ඉතින් පේතෘස් බෝට්ටුවෙන් එළියට ඇවිත් මුහුද පිට ඇවිදිනවා! ඒ වුණාට එයා භය වුණ හින්දා මුහුදේ ගිලෙන්න පටන්ගන්නවා. නමුත් යේසුස් එයාව බේරාගන්නවා.

පස්සේ කාලෙක යේසුස් ආයෙත් දහස් ගණනකට කන්න දෙනවා. මේ වතාවේ ඔහුට තියෙන්නේ පාන් ගෙඩි හතකුයි පොඩි මාළු කූරියන් කිහිපදෙනෙකුයි. මේ වතාවෙත් හැමදෙනාටම ඇති වෙන්න කන්න පුළුවන් වෙනවා. යේසුස් මිනිස්සුන්ව කොච්චර හොඳට බලාගන්නවාද නේද? ඔහු දෙවිගේ රජ හැටියට පාලනය කරනකොට නම් අපිට කිසිම දෙයක් ගැන කරදර වෙන්න ඕනේ වෙන්නෙම නැහැ!

මතෙව් 14:1-32; 15:29-38; යොහන් 6:1-21.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න