ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 94
  • ඔහු පොඩි ළමයින්ට ආදරෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔහු පොඩි ළමයින්ට ආදරෙයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • සමුගැනීමට පෙර ප්‍රේරිතයන්ව සූදානම් කිරීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • විවාදයක් හටගනී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • නිහතමානිකම ගැන කදිම පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 94
යේසුස් කුඩා දරුවෙක්ව තුරුළු කරගෙන ඉන්නවා

කතන්දර 94

ඔහු පොඩි ළමයින්ට ආදරෙයි

යේසුස් මේ පොඩි පිරිමි දරුවා වටේ අත දාගෙන ඉන්න හැටි බලන්න. යේසුස් පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි වගේ නේද? යේසුස් දිහා බලාගෙන ඉන්නේ ගෝලයන්. යේසුස් ඒගොල්ලන්ට මොනවාද කියන්නේ කියලා බලමුද?

දුර ගමනක් ගිහින් යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් එක්ක මේ දැන් ආවා විතරයි. මඟදී ප්‍රේරිතයන් අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් ආවාට පස්සේ යේසුස් ඒගොල්ලන්ගෙන් අහනවා ‘මොනවා ගැනද ඕගොල්ලන් මඟදී රණ්ඩු කළේ’ කියලා. ඇත්තටම, යේසුස් දන්නවා මේගොල්ලන් රණ්ඩු කළේ ඇයි කියලා. ඒ වුණාට ඔහු මෙහෙම අහන්නේ, ප්‍රේරිතයන් ඔහුට කියයිද කියලා බලන්නයි.

ඒගොල්ලන් මඟදී රණ්ඩු කළේ ඒගොල්ලන්ගෙන් උසස්ම කෙනා කවුද කියන එක ගැන නිසා, ප්‍රේරිතයන් උත්තර දෙන්නේ නැහැ. ප්‍රේරිතයන්ගෙන් සමහරදෙනෙකුට ඕනේ වෙනවා අනික් අයට වඩා උසස් වෙන්න. උසස්ම කෙනා වෙන්න උත්සාහ කරන එක වැරදියි කියලා යේසුස් මේගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද?

ඔහු මේ පොඩි පිරිමි ළමයාව ළඟට ගෙනල්ලා, ඒ හැමදෙනාටම පේන්න එයාට හිටගන්න කියලා කියනවා. එතකොට ඔහු ප්‍රේරිතයන්ට මෙහෙම කියනවා: ‘ඕගොල්ලන් මේක හොඳට හිතට ගන්න ඕන දෙයක්. ඕගොල්ලන් හිතන හැටි වෙනස් කරලා පොඩි ළමයින් වගේ වෙන්නේ නැත්නම්, ඕගොල්ලන් කවදාවත් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ. රාජ්‍යයේ උසස්ම කෙනා වෙන්නේ මේ දරුවා වගේ ඉන්න එක්කෙනයි.’ ඔයා දන්නවාද යේසුස් මෙහෙම කිව්වේ ඇයි කියලා?

පොඩි ළමයින් අනික් ළමයින්ට වඩා උසස් වෙන එක ගැන කරදර වෙන්නේ නැහැ. ඉතින් ප්‍රේරිතයිනුත් මේ විදියට ළමයින් වගේ වෙන්න ඉගෙනගෙන, උසස් වෙන එක ගැන රණ්ඩු කරන්නේ නැතුව ඉන්න ඕනේ.

ඔහු පොඩි ළමයින් ගැන කොච්චර සැලකිලිමත් වෙනවද කියලා යේසුස් පෙන්නපු තවත් අවස්ථාවලුත් තිබුණා. මාස කිහිපයකට පස්සේ සමහරුන් ඒගොල්ලන්ගේ ළමයි අරගෙන යේසුස් ළඟට එනවා. ප්‍රේරිතයන් උත්සාහ කරන්නේ ඒගොල්ලන් යේසුස් ළඟට එන එක නවත්වන්නයි. ඒ වුණාට යේසුස් ඔහුගේ ප්‍රේරිතයන්ට මෙහෙම කියනවා: ‘දරුවන්ට මං ළඟට එන්න ඉඩහරින්න. ඒගොල්ලන්ව නවත්වන්න එපා, දේවරාජ්‍යය අයිති වෙන්නේ ඒ වගේ අයටයි.’ ඊට පස්සේ යේසුස් ළමයින්ව වඩාගෙන ඒගොල්ලන්ට ආශීර්වාද කරනවා. යේසුස් පොඩි ළමයින්ට ආදරෙයි කියලා දැනගන්න එක හොඳයි නේද?

මතෙව් 18:1-4; 19:13-15; මාර්ක් 9:33-37; 10:13-16.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න