ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 98
  • ඔලීව කන්ද උඩ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔලීව කන්ද උඩ
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යේසුස් ස්වර්ගයට යයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසු මිහිපිට ගත කළ අන්තිම දවස්වල නැවත ජීවත් වීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පැය පැමිණ තිබේ”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ආයෙත් ස්වර්ගයට යයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 98
ඔලීව කන්ද උඩදී යේසුස් එයාගේ ගෝලයන් කීපදෙනෙක් එක්ක කතා කරමින්

කතන්දර 98

ඔලීව කන්ද උඩ

දැන් යේසුස් ඉන්නේ ඔලීව කන්ද උඩයි. ඔහු එක්ක ඔහුගේ ප්‍රේරිතයන් හතරදෙනෙකුත් ඉන්නවා. ඒ අන්දෘ හා එයාගේ සහෝදර පේතෘස්, යාකොබ් හා එයාගේ සහෝදර යොහන්. අර ඈත පේන්නේ යෙරුසලමේ දේවමාළිගාවයි.

යෙරුසලමේ දේවමාළිගාව

යේසුස් කොටළු පැටවා පිට නැඟලා යෙරුසලමට ගමන් කරපු දවසේ ඉඳන් දැන් දවස් දෙකක් පහු වෙලා. අද අඟහරුවාදා. යේසුස් උදේ දේවමාළිගාවේ ඉන්නකොට පූජකවරු යේසුස්ව අල්ලලා මරලා දාන්න උත්සාහ කළා. ඒ වුණාට මිනිස්සු යේසුස්ට කැමති නිසා මේක කරන්න ඒගොල්ලන් භය වුණා.

‘සර්පයෙනි, සර්පයන්ගේ පුත්‍රයෙනි’ කියලා තමයි යේසුස් ඒ ආගමික නායකයන්ට කතා කරන්නේ. දැන් යේසුස් ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලන් කරලා තියෙන නරක දේවල්වලට දෙවි ඒගොල්ලන්ට දඬුවම් කරන්න යනවා කියලා. යේසුස් මේ ඔලීව කන්ද උඩට නැග්ගට පස්සේයි මේ ප්‍රේරිතයන් හතරදෙනා ඔහුගෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තේ. ඒගොල්ලන් යේසුස්ගෙන් අහන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?

ප්‍රේරිතයන් අහන්නේ අනාගතයේ වෙන්න යන දේවල් ගැනයි. ඒගොල්ලන් දන්නවා යේසුස් මේ ලෝකයේ තියෙන නරක දේවල් නැති කරන්න යනවා කියලා. හැබැයි ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ ඒක වෙන්නේ කවදාද කියලා දැනගන්නයි. රජෙක් හැටියට පාලනය කරන්න යේසුස් ආයෙත් එන්නේ කවදාද?

යේසුස් ආයෙත් එනකොට පොළොවේ ඉන්න ඔහුගේ අනුගාමිකයන්ට ඔහුව දැකගන්න බැරි වෙයි කියලා ඔහු දන්නවා. ඒකට හේතුව ඔහු ඉන්න යන්නේ ස්වර්ගයේ නිසයි. එහෙ ඉන්නකොට ඒගොල්ලන්ට ඔහුව දැකගන්න බැහැ. ඉතින් ඔහු ස්වර්ගයේ ඉඳන් පාලනය කරනවා කියලා දැනගන්න මේ ලෝකයේ වෙන්න යන දේවල් සමහරක් යේසුස් කියනවා. ඒවා මොනවාද?

ලොකු යුද්ධ ඇති වෙන්න යනවා කියලත් හුඟදෙනෙක් ලෙඩින් හා බඩගින්නෙන් ඉන්න යනවා කියලත් යේසුස් කියනවා. අපරාධ ගොඩක් ඇති වෙන්න යනවා. ලොකු භූමිකම්පාත් ඇති වෙන්න යනවා. ඒත් එක්කම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය මුළු ලෝකයේම දේශනා කරන්න යනවා කියලත් යේසුස් කියනවා. මේ දේවල් අපේ කාලයේ වෙනවා අපි දැකලා තියෙනවාද? ඇත්තටම ඔව්! එහෙමනම් යේසුස් දැන් ස්වර්ගයේ ඉඳන් පාලනය කරනවා කියලා අපිට හොඳ හේතු ඇතුව කියන්න පුළුවන්. වැඩි කාලයක් යන්න කලින් මේ ලෝකයේ තියෙන නරක දේවල් ඔක්කොම ඔහු අහක් කරන්න යනවා.

මතෙව් 21:46; 23:1-39; 24:1-14; මාර්ක් 13:3-10.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න