ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 10 පරි.
  • යෙරුසලමට කළ සංචාරයන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරුසලමට කළ සංචාරයන්
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ගේ ළමා විය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • තරුණ යේසුස් දේවමාළිගාවේ
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස් කීකරුකම ඉගෙනගත්තා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 10 පරි.

10වෙනි පරිච්ඡේදය

යෙරුසලමට කළ සංචාරයන්

වසන්තය උදා වෙලා. සාමාන්‍යයෙන් වසන්ත කාලයේදී යෝසෙප්ගේ පවුලේ අය තම හිතමිතුරන් හා ඥාතීන් සමඟ එකතු වී වාර්ෂිකව පැවැත්වෙන පාස්කු මංගල්‍යය සැමරීම සඳහා යෙරුසලමට ගමන් කරනවා. ඔවුන් කිලෝමීටර් 100ක පමණ වන එම ගමන ආරම්භ කරද්දී සුපුරුදු පරිදි සියලුදෙනාගේම උද්‍යෝගය පැහැදිලිව දැකගන්න පුළුවන්. දැන් වයස අවුරුදු 12ක් වන යේසුස් මංගල්‍යයට යෑම සඳහා පුල පුලා බලා සිටින්නේ විශේෂ උනන්දුවකින්.

යේසුස්ට හා ඔහුගේ පවුලේ අයට පාස්කුව නිකම්ම එක් දවසකට සීමා වූ කටයුත්තක් නොවෙයි. ඊළඟ දින හත පුරා පැවැත්වෙන මුහුන් නොදැමූ රොටි මංගල්‍යයටත් ඔවුන් නැවතී සිටිනවා. ඔවුන් එය සලකන්නේ පාස්කු සමයට අයත් සැමරීමක් ලෙසයි. ඒ නිසා, යෙරුසලමේ නැවතී සිටින දවස් කිහිපය ඇතුළුව, නාසරෙත්වල පිහිටි ඔවුන්ගේ නිවසේ සිට කරන මුළු ගමනට සති දෙකක් පමණ ගත වෙනවා. නමුත් මේ වසරේදී, යේසුස් හා සම්බන්ධ යම් සිද්ධියක් නිසා එයට ඊට වඩා වැඩි කාලයක් ගත වෙනවා.

ගැටලුව මතු වෙන්නේ යෙරුසලමේ සිට ආපසු නිවෙස් බලා යන ගමනේදීයි. යෝසෙප් හා මරියා සිතන්නේ ඔවුන් සමඟ එකට ගමන් කරන ඥාතීන් හා මිතුරන් පිරිස අතරෙහි යේසුස් සිටින බවයි. නමුත් රෑ බෝවීගෙන එන නිසා ගමන නතර කරද්දී, යේසුස් කොතැනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් සමඟ ගමන් කරන පිරිස අතරේ යේසුස්ව සෙව්වත් ඔහුව සම්බ නොවන නිසා යෝසෙප් හා මරියා නැවතත් යෙරුසලමට යනවා.

මුළු දවසක්ම ඔහුව සෙව්වත් ඉන් කිසි පලක් වන්නේ නැහැ. දෙවන දවසේදීත් ඔහුව සොයාගන්න බැරි වෙනවා. අන්තිමේදී, තුන්වන දවසේදී ඔවුන් යන්නේ දේවමාලිගාවටයි. එහි එක් ශාලාවක යේසුස් යුදෙව් ගුරුවරුන් මැද වාඩි වී, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින් සිටිනවා ඔවුන් දකිනවා.

‘පුතා, අපට මේ වගේ දෙයක් කළේ මන්ද? බලන්න, ඔබේ පියාත් මමත් මානසික පීඩනයකින් ඔබව සෙව්වෙමු’ කියා මරියා පවසනවා.

තමාව සෙවිය යුත්තේ කොතැනද කියා ඔවුන් නොදැන සිටීම ගැන යේසුස් පුදුම වී අසන්නේ මෙසේයි. ‘මාව සෙව්වේ මන්ද? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතු බව ඔබ දැන සිටියේ නැද්ද?’

තම දෙමව්පියන් මෙය දැන නොසිටියේ මන්ද කියා යේසුස්ට තේරුම්ගත නොහැකියි. පසුව, යේසුස් සිය දෙමව්පියන් සමඟ නිවසට ගොස් ඔවුන්ට යටත්ව ජීවත් වෙනවා. ඉන්පසු ඔහු ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි ප්‍රසාදය ලබමින්ද වැඩෙනවා. ඇත්තෙන්ම, තම ළමා කාලයේ සිටම ආත්මික කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් විතරක් නොව, තම දෙමව්පියන්ට ගෞරවය දැක්වීම සම්බන්ධයෙනුත් යේසුස් තබන්නේ අනගි ආදර්ශයක්. ලූක් 2:40-52; 22:7; NW.

▪ වසන්ත සමයේදී යේසුස් තම පවුලේ අය සමඟ සිරිත් පරිදි යන ගමන කුමක්ද? එය කොපමණ දිග ගමනක්ද?

▪ යේසුස්ට වයස අවුරුදු 12ක් වන විට ඔවුන් යන ගමනේදී සිදු වන්නේ කුමක්ද?

▪ අද දින සිටින යෞවනයන්ට යේසුස් තබන්නේ කිනම් ආදර්ශයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න