ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rq 11 පාඩම 22-23 පි.
  • දෙවිට අප්‍රසන්න විශ්වාසයන් හා චාරිත්‍ර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට අප්‍රසන්න විශ්වාසයන් හා චාරිත්‍ර
  • දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • සමාන තොරතුරු
  • පාස්කුවද නැතහොත් සිහිකිරීමද—ඔබ පැවැත්විය යුත්තේ මින් කුමක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මුළු හිතින්ම සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට සලකන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • හැම උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද?
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
rq 11 පාඩම 22-23 පි.

11වන පාඩම

දෙවිට අප්‍රසන්න විශ්වාසයන් හා චාරිත්‍ර

වැරදි වන්නේ කිනම් ආකාරයේ විශ්වාසයන් හා චාරිත්‍රද? (1)

දෙවි ත්‍රිත්වයක් බව ක්‍රිස්තියානීන් විශ්වාස කළ යුතුද? (2)

සැබෑ ක්‍රිස්තියානීන්, නත්තල, පාස්කුව හෝ උපන් දින පවත්වන්නේ නැත්තේ ඇයි? (3, 4)

ජීවතුන්ට හානි කිරීමට මළවුන්ට හැකිද? (5)

යේසු මියගියේ කුරුසයකද? (6)

දෙවිව සතුටු කිරීම කෙතරම් වැදගත්ද? (7)

1. සෑම විශ්වාසයක් හා චාරිත්‍රයක්ම නරක නැහැ. එහෙත් ඒවා පැමිණෙන්නේ බොරු ආගමෙන් නම්, නැතහොත් බයිබලයේ ඉගැන්වීම්වලට ඒවා විරුද්ධ නම්, දෙවි ඒවා අනුමත කරන්නේ නැහැ.—මතෙව් 15:6.

2. ත්‍රිත්වය: යෙහෝවා ත්‍රිත්වයක්ද—එක දෙවිකෙනෙක් තුළ පුද්ගලයන් තුන්දෙනෙක් සිටීද? නැහැ! ‘එකම සැබෑ දෙවි’ වන්නේ පිය වූ යෙහෝවා පමණයි. (යොහන් 17:3; මාර්ක් 12:29) යේසුස් ඔහුගේ කුලුඳුල් පුත්‍රයා වන අතර, ඔහු දෙවිට යටත්. (1 කොරින්ති 11:3) පියා, පුත්‍රයාට වඩා උතුම්. (යොහන් 14:28) ශුද්ධාත්මය පුද්ගලයෙකු නෙවෙයි; එය දෙවිගේ ක්‍රියාකාරක බලයයි.—උත්පත්ති 1:2; ක්‍රියා 2:18.

3. නත්තල හා පාස්කුව: යේසුස් දෙසැම්බර් 25වනදා ඉපදුණේ නැහැ. ඔහු ඉපදුණේ ඔක්තෝබර් 1වනදා පමණ වන අතර, එය එඬේරුන් තම බැටළු රැළවල් රාත්‍රියේදී එළිමහනේ තැබූ කාලයක්. (ලූක් 2:8-12) තම උපත උත්සවාකාරයෙන් පැවැත්වීමට යේසු ක්‍රිස්තියානීන්ට කිසිදාක ආඥා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු තම ගෝලයන්ට කිව්වේ තම මරණය සමරන්න නොහොත් සිහි කරන්න කියලයි. (ලූක් 22:19, 20) නත්තල සහ ඒ හා බැඳි චාරිත්‍ර පැමිණෙන්නේ පුරාණ බොරු ආගම්වලිනුයි. බිත්තර හා හාවුන් භාවිත කිරීම වැනි පාස්කුව හා බැඳි චාරිත්‍ර සම්බන්ධයෙන්ද මෙය සැබෑවක්. මුල් ක්‍රිස්තියානීන් නත්තලවත් පාස්කුවවත් පැවැත්වූයේ නැති අතර, අදදින සැබෑ ක්‍රිස්තියානීන්ද එසේ කරන්නේ නැහැ.

4. උපන් දින: බයිබලයේ සඳහන් කර තිබෙන උපන් දින උත්සව දෙකම පවත්වනු ලැබුවේ, යෙහෝවාට නමස්කාර නොකළ පුද්ගලයන් විසිනුයි. (උත්පත්ති 40:20-22; මාර්ක් 6:21, 22, 24-27) මුල් ක්‍රිස්තියානීන් උපන් දින පැවැත්වූයේ නැහැ. උපන් දින පැවැත්වීමේ චාරිත්‍රය පැමිණෙන්නේ පුරාණ බොරු ආගම්වලිනුයි. සැබෑ ක්‍රිස්තියානීන් වර්ෂයේ වෙනත් අවස්ථාවලදී තෑගි බෝග දී, විනෝදයෙන් එකට කල් ගෙවනවා.

5. මළවුන් පිළිබඳ බිය: මළවුන්ට කිසිවක් කළ නොහැකි අතර, ඔවුන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔවුන්ට උපකාර කිරීමට අපට බැරි අතර අපට හානි කිරීමටත් ඔවුන්ට බැහැ. (ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10) ප්‍රාණය හෙවත් මුළු මිනිසා නැසෙනවා; මිනිසාට මරණයෙන් පසුව පැවැත්මක් නැහැ. (එසකියෙල් 18:4) එහෙත් භූතයන් යනුවෙන් හඳුන්වනු ලබන දුෂ්ට දූතයන්, මළවුන්ගේ ආත්ම හැටියට බොරුවට පෙනී සිටිනවා. මළවුන්ට භයවීම හෝ පුද පූජා කිරීම හා බැඳි ඕනෑම චාරිත්‍රයක් වැරදියි.—යෙසායා 8:19.

6. කුරුසය: යේසුස් කුරුසයක් මත මියගියේ නැහැ. ඔහු මියගියේ තනි කඳක නැත්නම් කණුවකයි. බොහෝ බයිබල්වල “කුරුසය” හැටියට පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙහි තේරුම, නිකම්ම තනි කඳක් යන්නයි. කුරුසයේ සංකේතය පුරාණ බොරු ආගම්වලින් පැමිණෙන්නක්. මුල් ක්‍රිස්තියානීන් කුරුසය භාවිත කළේවත්, ඊට නමස්කාර කළේවත් නැහැ. එමනිසා, නමස්කාරයේදී කුරුසයක් භාවිත කිරීම හරියි කියා ඔබ සිතනවාද?—ද්විතීය කථාව 7:26; 1 කොරින්ති 10:14.

7. මෙවැනි විශ්වාසයන් හා චාරිත්‍ර සමහරක් අත්හැරීම ඉතා අමාරු දෙයක් වෙන්න පුළුවන්. නෑයන් හා මිතුරන්, ඔබේ විශ්වාසයන් වෙනස් නොකරන ලෙස පවසමින් ඔබට බලපෑම් කිරීමට වෑයම් කරන්න පුළුවන්. එහෙත් මිනිසුන් සතුටු කරනවාට වඩා දෙවිව සතුටු කිරීමයි ඉතා වැදගත් වන්නේ.—හිතෝපදේශ 29:25; මතෙව් 10:36, 37.

[22වන පිටුවේ පින්තූරය]

දෙවි ත්‍රිත්වයක් නොවෙයි

[23වන පිටුවේ පින්තූරය]

නත්තල හා පාස්කුව පුරාණ බොරු ආගම්වලින් පැමිණෙයි

[23වන පිටුවේ පින්තූරය]

මළවුන්ට පුද පූජා කිරීමටවත් ඔවුන්ට බියවීමටවත් කිසිම හේතුවක් නැහැ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න