රාජ්‍ය ආරංචි අංක 36
නව සහස්රයයි—ඔබේ අනාගතයයි!
නව සහස්‍රය—නව යුගයක උදාව?
වර්ෂ 1999 දෙසැම්බර් 31වනදා මැදියම් රැයේදී 20වන සියවස එහි නිමාව දුටුවා.a ඒ තරම්ම අවුල් වියවුල් වූ තවත් සියවසක් ගැන ඔබට සිතාගත හැකිද! එහෙත්, එය නවීන තාක්ෂණයේ, විස්මයජනක වෛද්‍ය දියුණුවේ සහ තොරතුරු ව්‍යාප්තියේ මෙන්ම ශීඝ්‍ර ලෝක ආර්ථික වර්ධනයේ උදාව සනිටුහන් කළා. එමනිසා, බොහෝදෙනා නව සහස්‍රය පිළිගත්තේ බලාපොරොත්තුවේ සහ විපර්යාසයේ සංකේතයක් ලෙසයි. නව සහස්‍රය යුද්ධයටත්, දිළිඳුකමටත්, පරිසර දූෂණයටත්, අසනීපවලටත් කෙළවරක් ගෙනේවිද?
බොහෝදෙනෙක් නම් සිතන්නේ නව සහස්‍රය මේ දේවලට කෙළවරක් ගෙනෙයි කියලයි. එහෙත් එය ඔබේත් ඔබේ පවුලේ අයගේත් ජීවිත සුරක්ෂිත කිරීම වැනි ඔබට ප්‍රයෝජනවත් වෙනස්කම් සිදු කරාවියයි සිතිය හැකිද? අප මුහුණ දෙන ගැටලු කිහිපයක් කොතරම් පුළුල්ව පැතිර ඇද්ද කියා මොහොතකට සිතා බලන්න.
පරිසර දූෂණය
කාර්මිකකරණය වූ රටවල් “ලෝක ව්‍යාප්ත පරිමාණයකින් සිදු වන පාරිසරික හානියටත්, පරිසර දූෂණයටත්, පරිසර පද්ධතිය බිඳවැටීමටත් හේතු වී තිබේ.” මේ තත්වය මේ ආකාරයට දිගින් දිගටම පැවතුණොත් “ස්වභාවධර්මයා අධික පීඩාවට ලක් වෙයි.”—“ලෝක පරිසර දැක්ම—2000,” එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන.
අසනීප
“වසර 2020 වන විට දියුණු වූ රටවල සිදු වන මරණ දහයකින් හතකට හේතු වනු ඇත්තේ බෝ නොවන රෝග කියායි අපේක්ෂා කරන්නේ. එය අද පවතින තත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.”—“ලෝක රෝගී උවදුර,” 1996 හාව’ඩ් විශ්වවිද්‍යාල ප්රවෘත්ති වාර්තාව.
සමහර විශේෂඥයන් කියන විදිහට “දැනට [ඒඩ්ස්] වසංගතය රටවල් 23ක දරුණු ලෙස පැතිර තිබේ. වසර 2010 වන විට එම රටවල වෙසෙන දසලක්ෂ 66ක පමණ සෙනඟක් මේ හේතුවෙන් [මිය ගොස්] සිටිනු ඇත.”—“ඒඩ්ස් විරෝධය: දියුණු වන රටවලින් සාක්ෂි,” යුරෝපීය කොමිසම සහ ලෝක බැංකු වාර්තාවක්.
දිළිඳුකම
“අදදින මිනිසුන් ප්‍රකෝටි 1.3ක් සිටින්නේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් එකකටත් අඩුවෙන් ලබමිනි. එමෙන්ම තවත් ප්‍රකෝටියක් පමණ ජනයාට දෛනික ආහාරයවත් ලබාගැනීමට හැකියාවක් නැත.”—“1999 මිනිස් සංවර්ධන වාර්තාව,” එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන.
යුද්ධය
“[විවිධ රටවල] රට අභ්‍යන්තරයේ සිදු වන සැහැසියාව පෙර නොවූ විරූ මට්ටමකට ළඟා විය හැක. වාර්ගික, ගෝත්‍රික සහ ආගමික [බෙදීම්] හේතුවෙන් උසිගැන්වුණු . . . එවන් සැහැසියාවක් . . . ඊළඟ අවුරුදු 25 ඇතුළතදී සිදු වන ගැටුම්වලට ප්‍රධානතම හේතුකාරකය බවට පත් වන අතර, . . . එය සෑම වසරකදීම සියදහස් ගණන් ජනයාගේ මරණයටද මඟ පාදනු ඇත.”—“අලුත් ලොවක් එළඹේ: 21වන සියවසේ ඇමරිකාවේ ආරක්ෂාව,” අ.එ.ජ. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කොමිසම/21වන සියවස.
ඉහත කී විශාල පරිමාණයෙන් සිදු වන පරිසර දූෂණය, අසනීප, දිළිඳුකම සහ යුද්ධ යනාදියෙන් පෙන්වන්නේ නව සහස්‍රයේ පිටාතර ඔපය සහ සිත්ගන්නාසුලුබව, යථාර්ථය වසා දමන නිකම්ම නිකම් වෙස් මුහුණක් පමණක්ම වී ඇති බවයි. තවදුරටත් මේ ගැටලුවලට හේතු වී තිබෙන්නේ විද්‍යාත්මක පර්යේෂණවලට හෝ තාක්ෂණයට හෝ දේශපාලනයට උදුරා දැමිය නොහැකි ගතිලක්ෂණ වන ගිජුකම, අවිශ්වාසය සහ ආත්මාර්ථයයි.
මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද ගෙනෙන සහස්‍රය
එක් පුරාණ ලේඛකයෙක් ප්‍රකාශ කළේ ‘මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැත. ගමනේ යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීමට අයිති නැත’ කියලයි. (යෙරෙමියා 10:23) ඇත්තෙන්ම, පොළොව පාලනය කිරීමට මනුෂ්‍යයාට හැකියාවත් අයිතියත් නැහැ. මනුෂ්‍යවර්ගයාගේ ගැටලු විසඳීමට අයිතිය තිබෙන්නෙත් විසඳන ක්‍රමය දන්නෙත් අපේ සැදුම්කරු වන යෙහෝවා දෙවි පමණයි.—රෝම 11:33-36; එළිදරව් 4:11.
එහෙත් ඔහු එය කරන්නේ කවදාද? කොහොමද? අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල” අවසාන කොටසේ බවට කියාපාන සාක්ෂි අපි ඉදිරියේ ඇති තරම් තිබෙනවා. ඔබට බයිබලයක් ඇත්නම් කරුණාකර 2 තිමෝති 3:1-5ට පෙරළා බලන්න. එහි ඉතා පැහැදිලිව විස්තර කරන්නේ මේ “අර්බුදකාරි කාලවලදී, [NW]” මිනිසුන් අතර දකින්න තිබෙන ගතිලක්ෂණ ගැනයි. මතෙව් 24:3-14 සහ ලූක් 21:10, 11ත් “අන්තිම දවස්” ගැන විස්තර කරනවා. එහි යොමු දක්වන්නේ වර්ෂ 1914 සිට ලෝකය පුරා පැතිර තිබෙන යුද්ධ, සාගත සහ ආහාර හිඟය වැනි භෞතික සිදුවීම්වලටයි.
වැඩි කල් නොගොස් මෙම “අන්තිම දවස්” කෙළවර වෙනවා. දානියෙල් 2:44, 45 කියන්නේ ‘ස්වර්ගයේ දෙවි කිසි කලක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒක සියලු භූමික රාජ්‍යයන් පොඩි කර නැති කර දමා සදාකාලයටම පවතින්නේය’ කියලයි. මෙසේ, දෙවි පොළොව පාලනය කිරීම සඳහා රාජ්‍යයක් නැතහොත් ආණ්ඩුවක් පිහිටුවන බව පුරෝකථනය කළා. එළිදරව් 20:4ට අනුව මේ ආණ්ඩුව පාලනය කරන්නේ අවුරුදු දහසකට එනම්, සහස්‍රයකට! මේ උත්කර්ෂවත් සහස්‍රයේදී සියලු මනුෂ්‍යවර්ගයාගේ ජීවන තත්වය දියුණු වන විවිධ පැති කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.
ආර්ථිකය. ‘ඔවුහු ගෙවල් ගොඩනඟා ගෙන එහි වාසය කරන්නෝය. මිදි වතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැඟුවාම වෙන කෙනෙක් වාසය කරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත.’—යෙසායා 65:21, 22.
ශරීර සෞඛ්‍යය. “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.” “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.”—යෙසායා 33:24; 35:5, 6.
පරිසරය. දෙවි ‘පොළොව විනාශ කරන්නවුන් විනාශ කරන්නේය.’—එළිදරව් 11:18.
මිනිස් සබඳතා. ‘මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.’—යෙසායා 11:9.
දසලක්ෂ සංඛ්‍යාත ජනයා බයිබලයේ ඇති මේ පොරොන්දු කෙරෙහි තම විශ්වාසය තැබීම හේතුවෙන් අනාගතය ගැන ඔවුන් දරන්නේ ශුභවාදී මෙන්ම ඒකාන්ත ආකල්පයක්. මෙහි ප්‍රතිඵලයක් හැටියට ජීවිතයට එල්ල වන පීඩන සහ ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට දැන් හැකි වී තිබෙනවා. එසේ නම්, බයිබලය ඔබේ ජීවිත මාර්ගයට මඟ පෙන්වන පහනක් කරගන්නේ කොහොමද?
දැනුම ජීවනයට මඟ!
විද්‍යාව සහ තාක්ෂණය ඇතැම්විට අපිව පුදුමයෙන් පුදුමයට පත් කළ හැකියි! එහෙත්, මිනිසා සතු දැනුම බොහෝදෙනෙකුට මෙතෙක් සුරක්ෂිතභාවය හෝ සතුට ලබා දී නැහැ. මේ දේවල් ලබා දෙන සුවිශේෂී දැනුම ගැන බයිබලයේ විස්තර කර තිබෙන්නේ යොහන් 17:3හියි. එහි කියන්නේ මෙසේයි. “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය—එනම් එකම සැබෑ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමයි.”—යොහන් 17:3, NW.
ඔව්, එවැනි දැනුමක් බයිබලයෙන් සොයාගත හැකියි. මෙම ශුද්ධ ග්‍රන්ථය ගැන මිනිසුන් විවිධ මත දැරුවත්, එය පෞද්ගලිකවම පරීක්ෂා කර තිබෙන්නේ ඉන් සුළු පිරිසක් පමණයි. ඔබ ගැන කුමක් කිව හැකිද? බයිබලය කියවීමට සෑහෙන වෑයමක් දැරිය යුතු බව නම් ඇත්තයි. නමුත් බයිබලය කියවීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. මන්ද ‘දේවානුභාවයෙන් ලද, ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව’ තිබෙන එකම පොත බයිබලය නිසයි.—2 තිමෝති 3:16.
එසේනම්, බයිබලයේ අඩංගු දේ ඔබට දැනගත හැක්කේ කොහොමද? ඒ සඳහා ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය නොපතන්නේ ඇයි? ඔවුන් දසලක්ෂ ගණන් ජනයාගේ නිවෙස්වලට ගොස් නොමිලේ බයිබල් දැනුම බෙදා දෙනවා. ඔබට උපකාර කිරීම සඳහා යොදාගත හැකි බයිබලය මත පදනම් විවිධ ප්‍රකාශන ඔවුන් සතුව තිබෙනවා. ඉන් එකක් තමයි දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? කියන විවරණිකාව. බයිබලය සම්බන්ධයෙන් පැන නඟින ප්‍රශ්න ගණනාවකටම කෙටි පිළිතුරු එහි අන්තර්ගත වී තිබෙනවා. එහි පිළිතුරු සපයන ප්‍රශ්න කිහිපයක් මෙන්න. දෙවි කියන්නේ කවුද? පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද? දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද? ඔබේ පවුල් ජීවිතය සාර්ථක කරගන්න බයිබලය උදව් කරන්නේ කෙසේද?
යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔබේ නිවසට පැමිණෙනවාට ඔබ කැමති නම්, කරුණාකර පහත ඇති කූපනය පුරවා එවන්න. දෙවිගේ රාජ්‍යයේ උත්කර්ෂවත් සහස්ර පාලනය ගැන වැඩිමනත් තොරතුරු ඔබට සැපයීමට ඔවුන් ආශාවෙන් සිටිනවා!
□දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව ලබාගැනීමට මම කැමතියි.
□නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න
[පාදසටහන]
a අප මෙහි දක්වන්නේ නව සහස්‍රය පිළිබඳ පොදු බටහිර සංකල්පයන්. ඇත්තෙන්ම, නව සහස්‍රය ඇරඹෙන්නේ 2001 ජනවාරි 1වනදායි.