රාජ්‍ය ආරංචි අංක 36 මගින් ඇති කළ උනන්දුව වර්ධනය කිරීම
1 ඔබට ලැබුණු රාජ්‍ය ආරංචි අංක 36 පිටපත් ප්‍රමාණය බෙදාහැර අවසන්ද? “නව සහස්රයයි—ඔබේ අනාගතයයි!” යන මාතෘකාවෙන් යුත් පත්‍රිකාව මගින් හැම කෙනෙකුටම කල්පනා කර බැලීම සඳහා කාලෝචිත පණිවිඩයක් ඉදිරිපත් කරනවා. වසර 2000ට ළඟා වෙද්දී නව සහස්‍රය පිළිබඳ මිනිසුන් තුළ විවිධ බලාපොරොත්තු තිබුණා. රාජ්‍ය ආරංචි අංක 36 මගින් එම බලාපොරොත්තුවලින් කිහිපයක් ගැන සලකා බලන අතර, ලෝකයේ පවතින තත්වය සලකා බලන විට අනාගතය ගැන ශුභවාදීව සිතීමට නොහැකි බව අපට සිහිගන්වයි. බොහෝදෙනෙකු අත් කරගැනීමට වෙර දරන සාමය හා සුරක්ෂිතභාවය ගෙනෙන එකම සහස්‍රය ක්‍රිස්තුස් යේසුස්ගේ සහස්ර පාලනයයි. ඔහුගේ රාජ්‍යය යථාර්ථයක් වන බවට අප තුළ තිබෙන නිසැකකම, රාජ්‍ය ආරංචි අංක 36 හැකි සෑම කෙනෙක් සමඟම බෙදාගැනීමට අපව පොලඹවා තිබෙනවා.
2 රාජ්‍ය ආරංචිවලට ලැබුණු ප්‍රතිචාර: පසුගිය වතාවේ රාජ්‍ය ආරංචි බෙදාහැරීමේදී ලැබුණු ප්‍රතිචාර මේ වතාවේදී මේ වැඩයේ හවුල් වීමට අපට මහත් දිරිගැන්වීමක් වී තිබෙනවා. රාජ්‍ය ආරංචි අංක 35 බෙදාහැරීම සම්බන්ධයෙන් කැනඩාවේ ශාඛා කාර්යාලය මෙසේ වාර්තා කළා. “ප්‍රචාරකයන් හා පුරෝගාමීන් උද්යෝගයෙන් මේ විශේෂ වැඩයට සහයෝගය දැක්වුවා. ඔවුන් දිරිගන්වනසුලු අද්දැකීම් රැසක් ලැබුවා.” රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේදී ඔබත් ඒ හා සමාන උද්යෝගයක් පෙන්වා තිබෙන බව නිසැකයි.
3 දැන් ක්‍රියාත්මක වන රාජ්‍ය ආරංචි බෙදාහැරීමේ වැඩපිළිවෙළ 2000 නොවැම්බර් 17වනදායින් අවසන් වීමට නියමිතයි. ඔබේ සභාවට අයත් ප්‍රදේශය පුරාම රාජ්‍ය ආරංචි බෙදාහැර අවසන්ද? අවසන් නැත්නම්, නොවැම්බර් මාසය අවසානය දක්වාම රාජ්‍ය ආරංචි බෙදාහරින්න කියා වැඩිමහල්ලන් ඔබෙන් ඉල්ලා සිටිය හැකියි.
4 ඔබේ ප්‍රදේශයේ රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේදී මෙතෙක් ලැබී තිබෙන ප්‍රතිචාරය මොන වගේද? ඕනෑ කරන්නේ විවරණිකාවේ පිටපතක් හෝ නිවාස බයිබල් පාඩමක් ඉල්ලුම් කරමින් සමහර අය මෙම පත්‍රිකාවේ තිබෙන කූපනය පුරවා එවන්න පුළුවන්. ඒ වුණත්, මුල් හමුවීමේදී සහස්‍රය යන විෂය ගැන උනන්දුවක් දක්වන අයගෙන් බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නැවත බැහැදැකීමක් කරන තෙක් ඒ ගැන සොයා බලන්න පියවරක් ගනියි කියා සිතීම අමාරුයි. උනන්දුවක් දක්වා තිබෙන සෑම කෙනෙකුවම නැවත හමු විය යුතුයි. නැවත හමු විය යුත්තේ කවදාද? හැකි විගස හමුවීමට කටයුතු කළ යුතුයි.
5 රාජ්‍ය ආරංචි අංක 35 බෙදාහැරීමේදී උනන්දුව දැක්වූ අයව නැවත හමුවීමෙන් ලැබූ සාර්ථක ප්‍රතිඵල ගැන තිබෙන මේ අද්දැකීම් සැලකිල්ලට ගන්න. අයර්ලන්තයේ පුරෝගාමියෙක් අවන්හලක අයිතිකාරියකට රාජ්‍ය ආරංචි පත්‍රිකාවක් දුන්නා. මේ පත්‍රිකාවේ තිබූ පණිවිඩයට සිත ඇදී ගිය ඒ ස්ත්‍රිය නැවත එන්න කියා පුරෝගාමි සහෝදරියට පැවසුවා. මේ සහෝදරිය දවස් දෙකකට පසු ගොස් බයිබල් පාඩමක් පටන්ගත්තා. ඩෙන්මාර්කයේ ගෙවැසියන් නොසිටි නිවසක රාජ්‍ය ආරංචි පත්‍රිකාවක් තබා ආවා. එම නිවසේ පදිංචිව සිටින ස්ත්‍රියක් එදිනම එම පත්‍රිකාවේ තිබූ කූපනය පුරවා ශාඛා කාර්යාලයට එව්වා. ශාඛා කාර්යාලය එය ඇය පදිංචි වී සිටින ප්‍රදේශයේ තිබෙන සභාවට යැව්වා. එම සතිය ඇතුළතම සහෝදරියන් දෙදෙනෙක් ගොස් ඒ ස්ත්රියව හමු වී බයිබල් පාඩමක් පටන්ගත් අතර, එම සතියේ පැවැත්වූ රැස්වීමටද ඈ පැමිණියා.
6 ඔබ නැවත ගොස් පවසන්නේ මොනවාද? රජ්‍ය ආරංචි පත්‍රිකාව යොදාගනිමින් නැවත බැලීමක් කිරීම සාමාන්‍යයෙන් අපහසු දෙයක් නොවන අතර, එමගින් දේවසේවය තුළ අපට ප්‍රීතිය අත් කරගත හැකියි. නැවත හමු වෙන්න යන විට, රාජ්‍ය ආරංචි අංක 36 පිටපතක් අරගෙන යන්න. සමහරවිට ගෙවැසියාගේ පිටපත ඔහු ළඟ නොතිබිය හැකියි. ඔබට පුළුවන් මේ යෝජනා අත්හදා බලන්න.
7 ඔබ කවුද කියා ගෙවැසියාට මතක් කර දීමෙන් පසු ඔබට පුළුවන් මේ වගේ දෙයක් කියන්න.
◼ “මම ‘නව සහස්රයයි—ඔබේ අනාගතයයි!’ කියන පත්‍රිකාව ඔයාට දීලා ගියා. මුළු පොළොවම පාරාදීසයක් කරන්න යන යේසුස්ගේ දහස් අවුරුදු පාලනය ළඟදීම පටන්ගන්න යන බව දැනගන්න ලැබීමෙන් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඔයා තුළ ඇති වෙන්න ඇති. [රාජ්‍ය ආරංචි අංක 36 තිබෙන පාරාදීසයේ පින්තූරය පෙන්වන්න.] දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? කියන විවරණිකාවේ පිටපතක් ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා මේ පත්‍රිකාවේ අන්තිම පිටුවේ සඳහන් වෙනවා.” විවරණිකාව පෙන්වා එහි 5වන පාඩමට පෙරළන්න. පළමුවන ප්රශ්නය අසා ඉන්පසු පළමු හා දෙවන ඡේද කියවා, අදහස් දැක්වීමට ගෙවැසියාට ආරාධනා කරන්න. බයිබල් පදයක් දෙකක් කියවා සාකච්ඡා කරන්න. හැකි නම්, තවත් ප්‍රශ්නයක් අසා ඊට අදාළ ඡේදය කියවන්න. ඒ ගැන දිගටම සාකච්ඡා කිරීම සඳහා නැවත පැමිණීමට කටයුතු පිළියෙළ කරන්න.
8 රාජ්‍ය ආරංචි බෙදාහැරීමෙන් පසු ඉදිරිපත් කරන්නේ “ඕනෑ කරන්නේ” විවරණිකාව හා “දැනුම” පොත නිසා ඔබට පුළුවන් මේ වගේ දෙයක් කියන්න.
◼ “මම ළඟදී ඔයාව හමු වුණ වේලාවේදී, ‘නව සහස්රයයි—ඔබේ අනාගතයයි!’ කියන මේ පත්‍රිකාවේ පිටපතක් ඔයාට දුන්නා. මේ පත්‍රිකාවේ අවසාන පිටුවේ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩම් ගැන සඳහන් වෙනවා. අපි නිවෙස්වල බයිබල් පාඩම් පවත්වද්දී යොදාගන්න අත්පොත ඔයාට පෙන්වන්නයි මම අද ආවේ. [ඕනෑ කරන්නේ විවරණිකාව පෙන්වා, අවසන් පිටුවේ තියෙන පාරාදීසයේ පින්තූරය පෙන්වන්න. දැනුම පොත පෙන්වනවා නම්, එහි 188-9 පිටුවලට පෙරළන්න.] මේ පින්තූරයේ දකින්න තියෙනවා වගේ තත්වයක් බයිබලයේ සඳහන් වෙන සහස්‍රයේදී ඇති වෙන්න යනවා. පාරාදීසයේ ජීවත් වෙන්න නම් දෙවි ගැන නිවැරදි දැනුමක් අපිට තියෙන්න ඕනේ. අපි මිනිසුන් එක්ක බයිබලය පාඩම් කරන ආකාරය කෙටියෙන් ඔයාට පෙන්වන්න මම කැමතියි. ඔයා ඒකට සතුටුද?”
9 රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීම, දේශනා සේවයේ අපේ සහභාගිත්වය වැඩි කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කර තිබෙනවා. මේ නිසා පුළුල් සාක්ෂි දැරීමක් කිරීමට හැකි වී තිබෙනවා. මෙය අප ප්‍රදේශයේ සිටින බොහෝදෙනෙකුගේ උනන්දුව ඇවිස්සීමට හේතු විය හැකියි. මෙම උනන්දුව තවත් වර්ධනය කිරීමට යෙහෝවාගේ උපකාරය ඇතුව අපි සියලුදෙනාම ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට බැටළුගුණැති අය බොහෝදෙනෙකුව සොයාගැනීමේ සතුට භුක්ති විඳින්න අපිට පුළුවන්.—මතෙ. 10:11; ක්‍රියා 13:48, 49, 52.