‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් උගන්වන්න
1. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව සකස් කරලා තියෙන්නේ කොහොමද?
1 ජූලි මාසයේ ‘රාජ්‍ය සේවාවේ’ තිබුණා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව බයිබල් පාඩම් පටන්ගන්න උදව් වෙන සඟරාවක් කියලා. සඟරාවේ බයිබල් පද තිබුණත් ඒවා උපුටා දක්වලා නැත්තේ නිවැසියාට බයිබලයෙන්ම කියවලා ඉගෙනගන්න පුළුවන් වෙන්නයි. අපේ හුඟක් පොත් පත් සකස් කරලා තියෙන්නේ කියවලා තනියෙන්ම තේරුම්ගන්න පුළුවන් විදිහට. ඒත් මේ සඟරාව සකස් කරලා තියෙන්නේ තව කෙනෙක් එක්ක පාඩම් කරලා ඉගෙනගන්නයි. ඒ නිසා මේක නිවැසියෙකුට දෙද්දී බයිබලයේ තියෙන ශුභාරංචිය ඉගෙනගන්න එක මොන තරම් සතුටක්ද කියලා දැනෙන විදිහට පාඩමක් කරන විදිහ නිරූපණය කරලා පෙන්නන්න.—මතෙ. 13:44.
2. මුල් හමු වීමේදී සඟරාව ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද?
2 මුල් හමු වීමේදී: මෙහෙම කියන්න පුළුවන්. “අද මිනිස්සු ඉන්නේ හෙටක් ගැන බලාපොරොත්තුවක් නැතුව. මේ ලෝකේ තත්වය හොඳ අතට හැරෙයි කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අනාගතය ගැන ශුභාරංචියක් බයිබලේ තියෙනවා. මේ ප්‍රශ්න ටික බලන්න. මේවාට උත්තර බයිබලේ තියෙනවා.” සඟරාව දීලා අන්තිම පිටුවේ තියෙන ප්‍රශ්නවලින් එකක් තෝරගන්න කියලා නිවැසියාට කියන්න. ඊටපස්සේ ඒ ප්‍රශ්නයට අදාළ පාඩමට පෙරළලා මුල් ඡේදය යොදාගෙන පාඩමක් කරන විදිහ පෙන්වන්න. තව විදිහක් තමයි ඔයා තෝරගත්ත පාඩමකින් නිවැසියාගේ උනන්දුව ඇති කරන ප්‍රශ්නයක් අහන එක. ඊටපස්සේ බයිබලයේ තියෙන උත්තරේ හොයාගන්න සඟරාව උදව් වෙන විදිහ නිරූපණය කරලා පෙන්වන්න. ඒ පාඩමට ගැළපෙන වීඩියෝ එකක් වෙබ් අඩවියේ තියෙනවා නම් සමහර ප්‍රචාරකයන් ඒක පෙන්වනවා.
3. මේ සඟරාවෙන් පාඩමක් කරන විදිහ පැහැදිලි කරන්න.
3 පාඩම කරන විදිහ: (1) තද කලු අකුරින් තියෙන ප්රශ්නය අහන්න. ඒවා සකස් කරලා තියෙන්නේ මූලික කරුණ මතු වෙන විදිහට. (2) ඊටපස්සේ ඡේදය කියවන්න. (3) කියවන්න කියලා තියෙන බයිබල් පද කියවන්න. තද කලු අකුරින් තියෙන ප්‍රශ්නයට ඒ පදවලින් උත්තර හොයාගන්න උදව් වන සුදුසු ප්‍රශ්න අහන්න. (4) ඒ ප්රශ්නය යටතේ තවත් ඡේද තියෙනවා නම් 2 සහ 3 පියවරවල් අනුගමනය කරන්න. ප්‍රශ්නයට ගැළපෙන වීඩියෝ එකක් තියෙනවා නම්, නිවැසියාට ඒක තාම පෙන්වලා නැත්නම් සාකච්ඡාව කරන අතරතුරේ ඒක පෙන්වන්න. (5) නිවැසියා තේරුම්ගත්තාද කියලා සහතික කරගන්න තද කලු අකුරින් තියෙන ප්රශ්නය ආපහු අහන්න.
4. දක්ෂ විදිහට මේ සඟරාව පාවිච්චි කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
4 මේ සඟරාවෙන් පාඩමක් කරන්න හුරු වෙන්න. සුදුසු හැම වෙලාවකම මේක පාවිච්චි කරන්න. පාඩමකට යන්න කලින් ශිෂ්‍යයා ගැනත් පාඩමට අදාළ බයිබල් පද ශිෂ්‍යයාට ගැළපෙන විදිහට පහදලා දෙන්න පුළුවන් හොඳම විදිහ ගැනත් හිතන්න. (හිතෝ. 15:28; ක්‍රියා 17:2, 3) මේ සඟරාව පාවිච්චි කරන්න ටිකෙන් ටික දක්ෂ වෙද්දී අනිත් අයට සත්‍යය උගන්වන්න මේක දිගටම පාවිච්චි කරන්න ඔයා ආස වෙයි.