“නව සහස්රයයි—ඔබේ අනාගතයයි!”
1 නව සහස්‍රය ලොව පුරා සිටින මිනිසුන්ගේ කතා බහට ලක් වී තිබෙනවා. පසුගිය සියවස් ගණනාව තුළ මිනිසා බොහෝ දියුණුවක් ලබා තිබුණත්, සහස්ර ගණනාවක් පුරා මිනිසාව දැඩි පීඩනයකට ලක් කර තිබෙන මූලික ගැටලුවලට තවමත් විසඳුම් ලැබී නැති නිසා මිනිසුන් බලාපොරොත්තු කඩ වූ තත්වයකට පත් වී තිබෙනවා. (යෝබ් 14:1; ගීතා. 90:10) මිනිසුන්ට සැනසිල්ල සොයාගන්න පුළුවන් කොහෙන්ද?
2 අපේ ප්‍රදේශයේ සිටින මිනිසුන්ට එම ප්‍රශ්නයට උත්තරය සොයාගැනීමට උපකාර කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අපිට ලැබෙනවා. ඒ කොහොමද? ඒ මාසවලදී අපි රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින්න යනවා. එහි මාතෘකාව වන්නේ “නව සහස්රයයි—ඔබේ අනාගතයයි!” ඔක්තෝබර් මාසයේ මුල්භාගයේදී අපි බෙදාහරින්න යන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. ඔක්තෝබර් 16වන සඳුදා සිට නොවැම්බර් 17වන සිකුරාදා දක්වා කාලය තුළ රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ පුළුල් වැඩපිළිවෙළක් දියත් කරන්න යනවා. ඒ කාලය තුළදී සතියේ දවස්වල අපි වැඩි අවධානයක් යොමු කරන්නේ රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින්නයි. සති අන්තවලදී එය වත්මන් සඟරා සමඟ බෙදාහරින්න පුළුවන්.
3 ඔබේ පූර්ණ සහයෝගය දෙනවාද? දේශනා වැඩයේ පෙරමුණ ගන්න වැඩිමහල්ලන්, උපස්ථායක සේවකයන් හා පුරෝගාමීන් රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේදීද පෙරමුණ ගනීවි. මෙම බෙදාහැරීමේ මාස දෙකේම හෝ එකක උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා තමන්ගේ තත්වයන් සකස් කරගැනීමට ප්‍රචාරකයන් බොහෝදෙනෙක් කටයුතු යොදා තිබෙනවා. වෙනදාට වඩා වැඩි කාලයක් දේවසේවයෙහි හවුල් වීමට අනිත් අය සැලසුම් කරනවා.
4 සභා පොත් පාඩම් මෙහෙයවන්නන්ට පුළුවන් රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ වැඩයට තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ පූර්ණ දායකත්වය ලබාගැනීම සඳහා ඔවුන්ව දිරිගැන්වීමට. සමහර ප්‍රචාරකයන් දේවසේවයෙහි අක්‍රියාශීලී වී සිටිය හැකියි. ඔවුන්ට උපකාර කිරීමට කළ හැකි දේවල් සොයාබැලීම සඳහා වැඩිමහල්ලන් ගොස් ඔවුන්ව හමු විය යුතුයි. මේ මාස දෙකේදී අක්‍රියාශීලී අය සේවයේ හවුල් වෙද්දී, ඔවුන් සමඟ වැඩ කිරීම සඳහා අද්දැකීම් ලත් ප්‍රචාරකයන්ව හවුල් කරවාගැනීමට කටයුතු පිළියෙළ කළ හැකියි. මේ අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට නැවතත් සේවයේ ක්‍රියාශීලී වීම සඳහා, රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේදී යොදාගත හැකි සරල ඉදිරිපත් කිරීමක් මහත් උපකාරයක් විය හැකියි.
5 රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින කාලයේදී, දැනුම පොත සම්පූර්ණ කිරීමට ආසන්න බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස සුදුසුකම් ලබන බයිබල් ශිෂ්‍යයන්ට පවා දේවසේවයේ හවුල් වීමට කදිම අවස්ථාවක් උදා වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රීතිය ලැබිය හැකි මේ කදිම වැඩයෙහි හවුල් වෙන්න කුඩා දරුවන්ටත් පුළුවන්.
6 අවශ්‍ය කරන්නේ සරල ඉදිරිපත් කිරීමක් විතරයි. ඔබට පුළුවන් මෙහෙම කියන්න:
◼ “මම මේ ප්‍රදේශයේ ඉන්න හැම පවුලකටම වැදගත් පණිවිඩයක් බෙදාහරිනවා. මේ පණිවිඩය අඩංගු පත්‍රිකාවේ පිටපතක් ඔයාලගේ පවුලේ අයටත් දෙන්න කැමතියි. මේක කියවලා බලන්න.” රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින විට බෑගයක් රැගෙන නොයෑම පහසු විය හැකියි.
7 ක්ෂේත්‍ර සේවය සඳහා රැස් වෙන ස්ථාන සැලසුම් කිරීම: ක්ෂේත්‍ර සේවය සඳහා යොදන සැලසුම් සියල්ලන්ටම පහසු වන පරිදි සකස් කිරීමට වැඩිමහල්ලන් කටයුතු කළ යුතුයි. හැම කෙනෙකුටම සේවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ප්‍රමාණවත් නිවෙස් තිබෙන ප්‍රදේශවල හෝ ව්‍යාපාරික ප්‍රදේශවල සේවය කිරීම සඳහා සේවා අවේක්ෂක කටයුතු පිළියෙළ කළ යුතුයි. සතියේ දවස්වල, සති අන්තයේ හා සවස සාක්ෂි දරන විට හැකි සෑම අවස්ථාවකදීම ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් පැවැත්වීමට කටයුතු යෙදිය යුතුයි. පාසැල් සිසුන්ගේ, වැඩ මුර අනුව රැකියා කරන අයගේ හා වෙනත් අයගේ ප්‍රයෝජනය සඳහා සවස සේවය කිරීම සඳහා සැලසුම් යෙදිය හැකියි.
8 මිනිසුන් නිවෙස්වල නැති විට: අපේ ඉලක්කය, හැකි තරම් නිවෙස්වලට ගොස් එහි සිටින අයට සාක්ෂි දැරීමයි. ඔබ නිවසකට යන විට, එහි කවුරුත් නැත්නම් නැවත එම නිවසට යා හැකි අයුරින් ඒ නිවස පිහිටි තැන සටහන් කරගෙන වෙනත් වේලාවක යන්න. රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අවසාන සතිය වන තුරුම ඔබට එම නිවසේ සිටින අයව හමු නොවුණොත්, වෙනත් අයට නොපෙනෙන විදිහට එම පත්‍රිකාවේ පිටපතක් නිවසේ තබා එන්න. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන කාලය තුළ පියවීම සඳහා විශාල ප්‍රදේශයක් තිබෙන විට හෝ දුර ප්‍රදේශවල සේවය කරන විට, කවුරුත් නැති නිවෙස්වල මුල් අවස්ථාවේදීම රාජ්‍ය ආරංචි අංක 36 පිටපතක් තබා එන්න කියා වැඩිමහල්ලන් සභාවට පැවසිය හැකියි.
9 කඩිසරව හවුල් වෙමු! නොවැම්බර් 17වනදාට කලින් තමන්ගේ බලප්‍රදේශය පියවීමට සභාවන් වෑයම් කළ යුතුයි. පියවීම සඳහා විශාල බලප්‍රදේශයක් ඔබේ සභාවට අයිති නම්, යෝග්‍ය අවස්ථාවලදී ආරක්ෂාකාරි ප්‍රදේශවල සමහර ප්‍රචාරකයන්ට තනිව වැඩ කරන්න පුළුවන්. සුදුස්සන් බොහෝදෙනෙකුව සොයාගැනීමට එමගින් හැකි වේවි. උනන්දුව දක්වන සෑම කෙනෙකු ගැනම වාර්තාවක් තබාගන්න. තමන්ගේ බලප්‍රදේශය ප්‍රමාණවත් නැත්නම්, කිසිම සභාවකට පවරා නැති ප්‍රදේශයක සේවය කිරීම සඳහා සමිතියෙන් ඉල්ලා සිටිය හැකියි.
10 රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහරින කාලය තුළ තමන්ගේ සභාවට කොපමණ සඟරා අවශ්‍යද කියා ගණන් බලා, ඒ ප්‍රමාණය ඉල්ලුම් කිරීමට වැඩිමහල්ලන් කටයුතු කළ යුතුයි. රාජ්‍ය ආරංචි අංක 36 අඩංගු සැපයුමක් සෑම සභාවකටම එවන නිසා, ඒ සඳහා ඉල්ලුම් කිරීම අවශ්‍ය නැහැ. විශේෂ, ස්ථාවර හා උපකාරික පුරෝගාමීන්ට පිටපත් 250 බැගින්ද ප්‍රචාරකයන්ට පිටපත් 50 බැගින්ද ලැබෙනවා. මේ විශේෂ වැඩය සඳහා ඔබේ උපරිම දායකත්වය ලබා දීමට ඔබ සූදානම්ද? නුදුරු අනාගතයේදී ඉටු කරන බවට දෙවි පොරොන්දු වී තිබෙන දේවල් ගැන අප ප්‍රදේශයේ සිටින අය සමඟ කතා කරන්න ලැබීම, අපිට ලැබී තිබෙන මොනතරම් උතුම් වරප්‍රසාදයක්ද!