ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 12 දක්වා
පැවැත්වෙන විශේෂ ව්‍යාපෘතිය
1 “ආගමේ නාමයෙන් කරන දුෂ්ට දේවල්වලට අවසානයක් තිබෙනවාද?” රාජ්‍ය ආරංචි අංක 37හී තේමාව එයයි. මෙය ඊළඟ මාසයේ පටන් ලොව පුරාම බෙදා දීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඔක්තෝබර් මාසයේ මුල් භාගයේදී, අප ඉදිරිපත් කරන්නේ මුරටැඹ සහ පිබිදෙව්! සඟරායි. නමුත් ඔක්තෝබර් මස 16 වන සඳුදා සිට නොවැම්බර් 12වන ඉරිදා දක්වා, රාජ්‍ය ආරංචි අංක 37 බෙදාදීමට අපි විශේෂ වෑයමක් දරමු. මෙම කාලය තුළ සති අන්තයේදී සඟරාද සමඟ මෙය ඉදිරිපත් කරන්නෙමු.
2 හවුල් විය හැක්කේ කාටද? ප්‍රචාරකයන් හැමෝටම මෙයට සහභාගි විය හැකියි. මේ මාස දෙකේ උපකාරික පුරෝගාමි සේවය කිරීමටත් ඇතමුන්ට හැකියාව තිබේවි. ඔබේ දරුවන් හෝ බයිබල් ශිෂ්‍යයන් හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා නම්, තමන්ට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වීමට හැකිදැයි වැඩිමහල්ලන්ගෙන් අසන ලෙස ඔවුන්ව දිරිගන්වන්න. සභාවේ අක්‍රියාශීලී ප්‍රචාරකයන්ව හමුවී මේ ගැන උනන්දු කරන්නත්, සමහරවිට පළපුරුදු ප්‍රචාරකයන් සමඟ වැඩ කරන්න ඔවුන්ව දිරිගැන්වීමටත් වැඩිමහල්ලන් මූලික පියවර ගත යුතුයි.
3 මෙම රාජ්‍ය ආරංචි අංක 37 පත්‍රිකා තොගයක් සෑම සභාවකටම යැවෙන අතර, සියලු ප්‍රචාරකයන්ට සහ පුරෝගාමීන්ට පිටපත් 50 බැගින් ලබා ගත හැකියි. තවමත් ප්‍රචාරකයන් නොවන අය පිටපත් පහක් ලබාගෙන තම පවුලේ අයට හා මිත්‍රයන්ට බෙදා දිය හැකියි. සියල්ලන්ම තමන් බෙදා දුන් පත්‍රිකා ගණන ලකුණු කරගෙන එම සංඛ්‍යාව ඔක්තෝබර් සහ නොවැම්බර් මස සේවා වාර්තාවේ පසු පිටේ සටහන් කළ යුතුයි. සභාව මේ මාස දෙක තුළ බෙදාදුන් මුළු පත්‍රිකා සංඛ්‍යාව ගණන් බලා, අදාළ මාස දෙකේ සභා වාර්තාවේ ලකුණු කර එවන්න. මෙම රාජ්‍ය ආරංචි පත්‍රිකා ඉතිරි වේ නම්, ඒවා පසුව දේවසේවයේදී බෙදා දිය හැකියි.
4 කිව යුතු දේ: කෙටියෙන් කතා කරන්න. එවිට වැඩි දෙනෙකුට මෙම පත්‍රිකා බෙදා දිය හැකියි. මෙසේ කියන්න. “හැමෝටම වැදගත් පණිවුඩයක් තිබෙන මේ විශේෂ පත්‍රිකාව ලොව පුරාම අපි බෙදා හරිනවා. මම කැමතියි ඔබටත් පිටපතක් දෙන්න. අපි ඔබෙන් ඉල්ලන්නේ මේක කරුණාකරලා කියවලා බලන්න කියායි.” සමහරවිට මෙම පත්‍රිකා අතේම තබාගෙන බෙදා හැරීම වඩාත් පහසු විය හැකියි. උනන්දුව දැක්වූ හැමෝම ගැන සටහනක් තබාගන්න අමතක කරන්න එපා.
5 ඔබේ බල ප්‍රදේශය ආවරණය කරන අන්දම: වීදි සේවයේ යෙදෙනවාට වඩා, ගෙයින් ගෙට සහ කඩ සාප්පුවලට ගොස් මේ පත්‍රිකාව බෙදන්න. කුඩා බල ප්‍රදේශ ඇති සභාවන් නම්, ගෙවල්වල නැති අයට වෙනත් වෙලාවක නැවත ගොස් බෙදා දීමට හැකියි. නමුත් නොවැම්බර් 6වන සඳුදායින් ආරම්භවන මෙම ව්‍යාපෘතියේ අවසාන සතියේ මෙම පත්‍රිකාව බෙදා දෙන විට, යම් නිවසක කවුරුත් නැත්නම්, පත්‍රිකාවක් එම නිවසේ තබා ආ හැකියි. කෙසේවෙතත්, අදාළ කාලය තුළ ව්‍යාපෘතිය නිම කිරීමට බැරි විශාල බල ප්‍රදේශ ඇති සභාවලට, ව්‍යාපෘතියේ මුල සිටම කිසිවෙක් නැති නිවෙස්වලට පවා පත්‍රිකාවක් තබා යෑමට හැකියි.
6 ‘මහා බබිලෝනියේ’ විනාශය අත ළඟයි! මේ බොරු ආගම් සම්පූර්ණයෙන්ම විනාශ වීමට පෙර ජනයා ඉන් පිටව ආ යුතුයි. (එළි. 14:8; 18:8) අපේ යුතුකම මේ බව හැමෝටම දැනුම් දීමයි. එසේ නම්, ලොව පුරා සිදුවන මෙම ව්‍යාපෘතියට අපිත් උද්යෝගයෙන් හවුල් වෙමු.