නොවැම්බර් මාසයේදී ‘රාජ්‍ය ආරංචි’ අංක 38 බෙදාහරිමු
1. මිය ගිය අය ගැන මිනිසුන් අහන්නේ මොන වගේ ප්‍රශ්නද? ඒ ප්‍රශ්නවලට නොවැම්බර් මාසයේදී පිළිතුරු ලැබෙන්නේ කොහොමද?
1 කොයි ආගමක හිටියත් මරණය කියන්නේ හැමෝගෙම සතුරෙක්. (1 කොරි. 15:26) මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලත් එයාලව අපිට දකින්න ලැබෙයිද කියලත් හුඟක් අය කල්පනා කරනවා. ඒ නිසා ලොව පුරා ඇති සෑම සභාවක්ම නොවැම්බර් මාසයේදී ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන ‘රාජ්‍ය ආරංචි’ අංක 38 බෙදාහැරීමට සැලසුම් කරනවා. මේ විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ නොවැම්බර් පළමුවෙනිදා සිටයි. මේ ව්‍යාපෘතියෙන් පසුව මේ පත්‍රිකාව දේවසේවයේදී යොදාගන්න යනවා.
2. මේ පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ කොහොමද?
2 සකස් කරලා තියෙන විදිහ: දෙකට නැවිය හැකි ආකාරයට සකස් කර ඇති ‘රාජ්‍ය ආරංචි’ අංක 38හි මුල් පිටුවේ කුතුහලයක් ඇති කරන මාතෘකාවක් තියෙනවා. ඊට පහළින් “ඔයාගේ උත්තරේ මොකක්ද?” යන ප්රශ්නය අසා මිනිසුන් දෙයි කියා හිතන ‘ඔව්, නැහැ සහ සමහරවිට’ යන උත්තරද තියෙනවා. පත්‍රිකාව දිගහැර බලන විට මතෘකාවෙන් ඇසූ ප්‍රශ්නයට බයිබලයේ සඳහන් වෙන උත්තරයත් එය විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද කියාත් දැනගන්න පුළුවන්. ඒ වගේම බයිබලයේ තියෙන දේ විශ්වාස කිරීමට ඇති හේතු මොනවාද කියාත් දැනගන්න පුළුවන්. අවසන් පිටුවේ ඔහුව සිතීමට පොලඹවන ප්‍රශ්නයක් අසා තියෙන අතර තවදුරටත් ඒ ගැන දැනගැනීමට උනන්දු කර තියෙනවා.
3. මේ පත්‍රිකාව බෙදාහරින්නේ කොහොමද?
3 බෙදාහරින විදිහ: 2013 අප්‍රියෙල් 1 වැඩිමහල්ලන්ට ලැබුණු ලිපියේ ඇති තොරතුරු සහ ප්‍රදේශයේ තත්වයන් සැලකිල්ලට ගන්නා වැඩිමහල්ලන් මේ පත්‍රිකාව බෙදාහරින විදිහ ගැන මඟ පෙන්වීම් සභාවට ලබා දෙයි. ඔබේ සභාවට අයිති ප්‍රදේශය කුඩා එකක් නම් විශාල ප්‍රදේශයක් ඇති සභාවකට උපකාර කරන්න පුළුවන්. මේ පත්‍රිකාව පොත් අංශයෙන් ලබාගනිද්දී සතියට අවශ්‍ය ප්‍රමාණය විතරක් ලබාගන්න. පත්‍රිකා සියල්ලම මාසය අවසන් වෙන්න කලින් ඉවර වුණොත් මාසයට අදාළ ඉදිරිපත් කිරීම බෙදාහරින්න. මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩම් පටන්ගන්න දවස වුණත් මේ මාසයේ විතරක් එදාටත් බෙදාහරින්නේ මේ පත්‍රිකාවයි. සති අන්තයේ සුදුසු අවස්ථාවලදී සඟරාවක් වුණත් දෙන්න පුළුවන්. ඔබත් මේ විශේෂ ව්‍යාපෘතියට හවුල් වෙන්න සූදානම්ද?