ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/14 4 පි.
  • විශේෂ ආරාධනාවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශේෂ ආරාධනාවක්
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ආරාධනා කරමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීමට ආරාධනා කරන්නේ මාර්තු පළවෙනිදා ඉඳන්
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමුළු ආරාධනා පත්‍ර බෙදාහැරීම
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සිහි කිරීමට ආරාධනා කරන්නේ මාර්තු 22වෙනිදා සිටයි
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 6/14 4 පි.

විශේෂ ආරාධනාවක්

1. 2014 සමුළුවට ආරාධනා පත්‍ර බෙදන්න පටන්ගන්නේ කවදාද?

1 හිතන්න අපි යාළුවන්ට හෝ පවුලකට කෑමකට ආරාධනා කරන්න ලෑස්ති වෙනවා කියලා. ඒකට සෑහෙන වියදමකුත් වෙහෙසකුත් දරන්න සිද්ධ වෙනවා. අපි ඒ ආරාධනාව කරන්නේ ලොකු උනන්දුවකින්. 2014 තුන්දින හා ජාත්‍යන්තර සමුළුත් සැලසුම් කරලා තියෙන්නේ ලොකු වෙහෙසක් දරලා. මෙවරත් අපි සමුළුවට සති තුනකට කලින් ආරාධනා කරන්න පටන්ගන්නවා. උනන්දුවෙන් ආරාධනා පත්‍ර බෙදන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

2. උපරිමයෙන් ආරාධනා පත්‍ර බෙදන්න අපි පෙලඹෙන්නේ මොනවා කළොත්ද?

2 කලින් සමුළුවලින් අපිට පෞද්ගලිකව කොච්චර ප්‍රයෝජන ලැබුණාද කියලා හිතලා බැලුවොත් අපේ උපරිමයෙන් ආරාධනා පත්‍ර බෙදන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙයි. (යෙසා. 65:13, 14) හැම වසරකම ආරාධනා පත්‍ර බෙදලා මොන තරම් ප්‍රතිඵල ලැබිලා තියෙනවාද! අපි ආරාධනා කරපු කීදෙනෙක් නම් සමුළුවට ඇවිත් ඇද්ද! ආරාධනා කරන හැමෝම ආවත් නැතත් අපි උනන්දුවෙන් ආරාධනා පත්‍ර බෙදද්දී යෙහෝවා දෙවිට ප්‍රශංසාව ලැබෙනවා වගේම ඔහු කොයි තරම් ත්‍යාගශීලී කෙනෙක්ද කියන එකත් පැහැදිලි වෙනවා.—ගීතා. 145:3, 7; එළි. 22:17.

3. ආරාධනා පත්‍ර බෙදන්නේ කොහොමද?

3 සභාවට පවරලා තියෙන ප්‍රදේශයේ ආරාධනා පත්‍ර බෙදන්නේ කොහොමද කියලා සභාවේ වැඩිමහල් මණ්ඩල තීරණය කරන්න ඕනේ. නිවැසියන් නැති අවස්ථාවලදී හෝ සභා ප්‍රදේශය තුළ මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දී ආරාධනා පත්‍රය බෙදනවාද නැද්ද කියලත් ඔවුන් තීරණය කළ යුතුයි. සති අන්තවල ආරාධනා පත්‍ර එක්ක සඟරාත් දෙන්න. මාසයේ මුල් සෙනසුරාදා වැටෙන්නේ ආරාධනා පත්‍ර බෙදන කාලය තුළ නම් එදාට බයිබල් පාඩම් පටන්ගන්නවා වෙනුවට අවධානය දෙන්න ඕන ආරාධනා පත්‍ර බෙදන්නයි. සති තුන අවසානයේදී උනන්දුවෙන් ආරාධනා පත්‍ර බෙදුව එක ගැනත් යෙහෝවා දෙවි පිළියෙල කරපු මංගල්‍යයට හුඟදෙනෙකුට ආරාධනා කරපු එක ගැනත් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.

කියන්න පුළුවන් දේ

නිවැසියාට සුබ පැතුවාට පස්සේ මෙහෙම කියන්න පුළුවන්. “විශේෂ සමුළුවකට අපි හැමෝටම ආරාධනා කරනවා. සමුළුව තියෙන දවසයි වෙලාවයි ලිපිනයයි මේකේ තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න