ආරාධනා කරමු
1. ආරාධනා පත්‍ර බෙදන්න පටන්ගන්නේ කවදාද?
1 හිතන්න අපි යාළුවන්ට හෝ පවුලකට කෑමකට ආරාධනා කරන්න ලෑස්ති වෙනවා කියලා. ඒකට සෑහෙන වියදමකුත් වෙහෙසකුත් දරන්න සිද්ධ වෙනවා. අපි ඒ ආරාධනාව කරන්නේ ලොකු උනන්දුවකින්. තුන්දින සමුළුව සැලසුම් කරලා තියෙන්නේ ලොකු වෙහෙසක් දරලා. අපි සමුළුවට සති තුනකට කලින් ආරාධනා කරන්න පටන්ගන්නවා. උනන්දුවෙන් ආරාධනා පත්‍ර බෙදන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
2. උපරිමයෙන් ආරාධනා පත්‍ර බෙදන්න අපි පෙලඹෙන්නේ මොනවා කළොත්ද?
2 යෙහෝවා දෙවි සමුළුවලින් දුන්න මඟ පෙන්වීම් පෞද්ගලිකව අපිට කොච්චර ප්‍රයෝජනවත් වුණාද කියලා හිතලා බැලුවොත් අපේ උපරිමයෙන් ආරාධනා පත්‍ර බෙදන්න අපි තුළ පෙලඹීමක් ඇති වෙයි. (යෙසා. 65:13, 14) හැම අවුරුද්දකම ආරාධනා පත්‍ර බෙදලා මොන තරම් ප්‍රතිඵල ලැබිලා තියෙනවාද! (“හොඳ ප්‍රතිඵල” කියන කොටුව බලන්න.) අපි ආරාධනා කරන අයගෙන් හැමෝම ආවේ නැතත් උනන්දුවෙන් ආරාධනා පත්‍ර බෙදද්දී යෙහෝවා දෙවිට ප්‍රශංසාව ලැබෙනවා වගේම ඔහු කොයි තරම් ත්‍යාගශීලී කෙනෙක්ද කියන එකත් පැහැදිලි වෙනවා.—ගීතා. 145:3, 7; එළි. 22:17.
3. ආරාධනා පත්‍ර බෙදන්නේ කොහොමද?
3 ආරාධනා පත්‍ර බෙදන්නේ කොහොමද කියලා සභාවේ වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න ඕනේ. නිවැසියන් නැති අවස්ථාවලදී හෝ සභාවට අයිති ප්‍රදේශය තුළ මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරද්දී ආරාධනා පත්‍රය බෙදනවාද නැද්ද කියලත් ඔවුන් තීරණය කරන්න ඕනේ. සති අන්තවල ආරාධනා පත්‍ර එක්ක සඟරාත් දෙන්න පුළුවන්. සති තුන අවසානයේදී උනන්දුවෙන් ආරාධනා පත්‍ර බෙදුව එක ගැනත් යෙහෝවා දෙවි පිළියෙල කරපු මංගල්‍යයට හුඟදෙනෙක්ට ආරාධනා කරපු එක ගැනත් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.