අධෛර්යය නොවී ආරාධනා කරමු
මේ අවුරුද්දෙත් සමුළුව පටන්ගන්න සති තුනකට කලින් අපි හැමෝම ආරාධනා පත් බෙදන්න පටන්ගන්නවා. ආරාධනා පත් බෙදුවට ඒකෙන් කිසි වැඩක් නෑ කියලා හිතන්න එපා. මොකද ආරාධනාවක් ලැබිලා සමුළුවට ආපු අය ඕන තරම් ඉන්නවා. කතාවලට ඇහුම්කන් දීලා, අපේ එකමුතුකම, හොඳ හැසිරීම වගේම සහෝදරයෝ ස්වේච්ඡාවෙන් වැඩ කරන විදිහ වගේ දේවල් දැකලා ඒ අයට ලොකු පැහැදීමක් ඇති වෙලා තියෙනවා. (ගීතා. 110:3; 133:1; යෙසා. 65:13, 14) ආරාධනාවක් ලැබිලා දුර ඈත පළාත්වල ඉඳලත් හුඟදෙනෙක් ඇවිත් තියෙනවා.
මේ ඒ වගේ උදාහරණයක්. ඇය සාක්ෂිකරුවන් එනවා දකිද්දී හැංගුණා. ඒත් දොර යටින් දාලා ගිය ආරාධනා පතක් නිසා 2011 පවත්වපු තුන්දින සමුළුවට ඇය යන්න තීරණය කළා. ඒ ගැන පසුව ශාඛා කාර්යාලයට ඇය ලිව්වේ මෙහෙමයි. “මට ඉන්න ලස්සන ගෙයක් තිබුණා. මගෙ මහත්තයත් හරිම හොඳයි. සතුටු වෙන්න හැම දෙයක්ම තියෙනවා කියලා හිතුවත් ඇත්තටම මං හිටියෙ සතුටෙන් නෙමෙයි. මට අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ඉතින් මම සෙනසුරාදා පවත්වපු සමුළුවට කිලෝමීටර් 320ක් දුර ගෙවාගෙන යන්න තීරණය කළා.” සමුළුව කොච්චර ඇගේ හිත ගත්තද කියනවා නම් ‘හෙටත් ඉඳලම එන්නම්’ කියලා ඇය ස්වාමිපුරුෂයාට කෝල් කරලා කිව්වා. ඇය තවදුරටත් ලිව්වේ මෙහෙමයි. “මම කතාවලට ඇහුම්කන් දුන්නා. සාක්ෂිකාරයෝ හුඟදෙනෙක්ව හම්බුණා. සමුළුව ඉවර වෙන්නේ නැත්තං හොඳයි කියලා මට හිතුණා.” ඇය ගෙදර ගිහින් බයිබල් පාඩමක් පටන්ගත්තා. මාස හතරකට පස්සෙ බව්තීස්ම නොලත් ප්රචාරකයෙක් වුණා. බලන්න අන්තිමට ඇය කියන දේ. “දොර යටින් ආරාධනා පතක් දාලා ගියේ කවුද කියලා මං දන්නේ නෑ. ඒත් මං ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා. මගෙ ජීවිතේට නියම බලාපොරොත්තුවක් ලැබුණේ ඒ නිසයි.”
ඒ උදාහරණෙන් පේන්නේ ආරාධනා පත් ලැබෙන සමහර අය අනිවාර්යෙන්ම එනවා කියන එකයි. ඒ නිසා අධෛර්යය නොවී උද්යෝගයෙන් ආරාධනා පත් බෙදන්න හවුල් වෙන්න. ආරාධනා පත් ඉතුරු වුණොත් ඒවා සමුළුවට අරං එන්න. එතකොට සමුළුවට යන එන අතරතුරේදී හමු වෙන අයට බෙදන්න ඔබට පුළුවන්.
[5වන පිටුවේ කොටුව]
ආරාධනා පත් බෙදන්නේ කොහොමද?
අපේ ප්රදේශයේ ඉන්න හැමෝටම ආරාධනා කරන්න පුළුවන් වෙන්නේ අපි පණිවිඩය කෙටියෙන් කිව්වොත් විතරයි. අපිට මේ වගේ දෙයක් කියන්න පුළුවන්. “අපි විශේෂ ආරාධනා පතක් බෙදනවා. මේක ලෝකෙ පුරාම බෙදන ආරාධනා පතක්. මේ ආරාධනාව ඔයාට. ඒ ගැන තවත් විස්තර මේකෙ තියෙනවා.” උද්යෝගයෙන් මේ ආරාධනා පත් බෙදන්න. නිවැසියා උනන්දුව දක්වනවා නම් සති අන්තවල විතරක් ආරාධනා පත එක්ක සඟරා දෙන්න.