සිහි කිරීමට ආරාධනා කරන්නේ මාර්තු 22වෙනිදා සිටයි
මේ වසරේ සිහි කිරීමට ආරාධනා කරන්න පටන්ගන්නේ මාර්තු 22වෙනි සෙනසුරාදා සිටයි. එයට හවුල් වෙන්න කියලා හැමෝටම දිරිගන්වන්න කැමතියි. ආරාධනා පත්රවලට අමතරව උනන්දුවක් දක්වන අයට සති අන්තවලදී සඟරා දෙන්නත් පුළුවන්. අප්‍රියෙල් මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩම් අරඹනවා වෙනුවට බෙදාහරින්නේ ආරාධනා පත්‍රයි. ඒත් කෙනෙක් බයිබලය ගැන දැනගන්න කැමති නම් බයිබල් පාඩමක් පටන්ගන්නත් පුළුවන්. මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමෙන් වැඩිදෙනෙක්ට ආරාධනා පත්‍ර දෙන්න පුළුවන්ද කියලා සේවා සංවිධායකට තීරණය කරන්න පුළුවන්. ඔබ ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන නෑදෑයන්ගේ, වැඩපොළේ අයගේ, ඉස්කෝලේ යාළුවන්ගේ හා නැවත බැලීම්වලදී හමු වූ අයගේ නම් ලැයිස්තුවක් හදාගන්න. ආරාධනා පත්‍ර බෙදාහැරීම ඇරඹුව ගමන්ම ඒ අයට ආරාධනා පත්‍ර දෙන්න. යෙහෝවා දෙවි හා යේසුස් පෙන්වූ මහත් ප්‍රේමය සිහි කරන ඒ විශේෂ අවස්ථාවට බොහෝදෙනෙක් අප හා එක් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.—යොහ. 3:16; 15:13.