විශේෂ පත්‍රිකාව බෙදාහැරීම ඔක්තෝබර් 20–නොවැම්බර් 16
1 ඔක්තෝබර් 20වන සඳුදා පටන් සති හතරක් පුරා අප විශේෂ පත්‍රිකාවක් බෙදාහරිනවා. එහි තේමාව වන්නේ ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන්නයි. ලොව පුරා බෙදා හැරීමට සැලසුම් කර තිබෙන මෙම පත්‍රිකාව මගින් සත්‍යය කෙරෙහි මහත් උනන්දුවක් මිනිසුන් තුළ ඇති කරන බව නිසැකයි.—යොහන් 17:17.
2 මෙම පත්‍රිකාවේ පහත සඳහන් ප්‍රශ්න හයට බයිබලය මත පදනම් කෙටි පිළිතුරු දී තිබෙනවා. “දෙවි ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද?” “යුද්ධ හා දුක් වේදනා කෙදිනක හෝ නිම වේද?” “මරණයේදී සිදු වන්නේ කුමක්ද?” “මිය ගිය අය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිද?” “දෙවි සවන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද?” “සැබෑ සතුට සොයාගත හැක්කේ කෙසේද?” මේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු දීමට ක්‍රිස්තියානි ආගම් සමත් වී නැහැ. ක්‍රිස්තියානීන් නොවන අයද මෙම ප්‍රශ්න ගැන කල්පනා කරනවා. ඒත් ඒවාට පැහැදිලි පිළිතුරු බයිබලයේ තිබෙන බව ඔවුන් නොදන්නවා විය හැකියි. ඒ නිසා මෙය කියවා බලන්න බොහෝදෙනෙක් කැමති විය හැකියි.
3 සභා බලප්‍රදේශයේ බෙදාහැරීම: ඔබේ බලප්‍රදේශයේ තිබෙන සෑම නිවසකටම මේ අලුත් පත්‍රිකාව බෙදාහැරීමට වෑයම් කරන්න. ඔබේ සභා බලප්‍රදේශය විශාල නම් කිසිවෙක් නැති නිවෙස්වල පත්‍රිකාවක් තබා ඒමට වැඩිමහල්ලන් පැවසිය හැකියි. මේ පත්‍රිකා ඔබේ අසල්වැසියන්ට, නෑදෑයන්ට, රැකියා ස්ථානයේ හා පාසැලේ අයට හා ඔබ නිතර සාක්ෂි දරන අයට දීමට අමතක නොකරන්න. ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔබට හැකියි. සත්‍යය තුළ ප්‍රගතියක් ලබන ඔබේ දරුවෙක් හෝ වෙනත් කෙනෙකු සමඟ ඔබ බයිබල් පාඩමක් පවත්වනවාද? එසේනම් අලුත් පත්‍රිකාව බෙදාහැරීමේ කාර්යයට හවුල් වීම සඳහා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස සේවය කිරීමට ඔහු හෝ ඇය සුදුසුකම් ලබා තිබෙන බව ඔබට හැඟෙනවා නම් ඒ ගැන වැඩිමහල්ලන්ට පවසන්න.
4 ඉදිරිපත් කරන අයුරු: හැකි තරම් පිරිසකට මේ පත්‍රිකාව බෙදා හැරීම අවශ්‍ය නිසා හොඳම දෙය කෙටි ඉදිරිපත් කිරීමක් සූදානම් කරගැනීමයි. අලුත් පත්‍රිකාවේ මුල් පිටුවේ තිබෙන ප්‍රශ්න හයෙන් එකක් අසා ඊට අදාළ පිළිතුරු පෙන්වන්න. මේ ක්‍රමය මගින් මිනිසුන්ට ගැළපෙන ලෙස පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. කෙනෙක් උනන්දුවක් දක්වයි නම් විස්තර ලියා ගෙන පසුව හමු වන්න. සති අන්තවලදී මේ පත්‍රිකාව සමඟ අලුත් සඟරාද ඉදිරිපත් කළ හැකියි. මේ විශේෂ බෙදාහැරීම නොවැම්බර් 16වනදා අවසන් වූ පසු බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. ඉතිරි පත්‍රිකා සාමාන්‍ය පරිදි වෙනත් පත්‍රිකා මෙන් බෙදා හැරිය හැකියි.
5 බයිබල් පාඩමක් පටන්ගන්න: මේ පත්‍රිකාව විශේෂයෙන් සකස් කර තිබෙන්නේ බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා අපට උපකාර කිරීමටයි. උනන්දුව දැක්වූ කෙනෙකුව නැවත හමු වීමට යන විට ඔහුට සැනසිල්ලක් ගෙන දෙන්නේ බයිබලයේ සඳහන් කුමන ඉගැන්වීමද කියා අසන්න. මේ පත්‍රිකාවේ අවසන් පිටුවේ තිබෙන බයිබල් පාඩම් පැවැත්වීම ගැන සඳහන් කොටස පෙන්වා බයිබලයේ ඉගැන්වීම් පොතේ පිටපතක් ඔහුට දෙන්න. ඔහු තෝරාගත් විෂය ගැන වැඩි විස්තර සඳහන් පරිච්ඡේදයට පෙරළා හැකි නම් ඉන් ඡේදයක් හෝ දෙකක් කෙටියෙන් සාකච්ඡා කරන්න.
6 දෙවි තමන් ‘ලබා දෙන මඟ පෙන්වීමට හා එළිදරව් කරන සත්‍යයට එකඟව’ නමස්කාර කිරීමට කැමති අයව සොයමින් සිටිනවා. (යොහ. 4:23) එවැනි අයට සත්‍යය ඉගෙනගැනීමට උපකාර කරන මේ විශේෂ පත්‍රිකාව බෙදාහැරීමට අපි සියලුදෙනාම හවුල් වෙමු.