ඕනෑම අවස්ථාවකට සරිලන පත්‍රිකාවක්
1. ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව ප්‍රයෝජනවත් වන්නේ කුමක් සඳහාද?
1 ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව සකස් කර තිබෙන්නේ බයිබල් පාඩම් පටන්ගැනීමට ආධාරකයක් ලෙසයි. නමුත් දෙවිගේ පණිවිඩය නමැති බීජ වැපිරීම සඳහාත් එය ඉතාම ඵලදායක පත්‍රිකාවක්. (දේශ. 11:6) මෙම පත්‍රිකාව හොඳින් යොදාගත හැකි ආකාර කිහිපයක් දැන් අපි සලකා බලමු.
2. සංවාදයක් ආරම්භ කිරීමට මෙම පත්‍රිකාව යොදාගන්න පුළුවන් කොහොමද?
2 සංවාදයක් ආරම්භ කිරීමට: මුලින්ම පත්‍රිකාව නිවැසියාගේ අතට දී එහි සඳහන් ප්‍රශ්න හය පෙන්වා මෙසේ අසන්න. “කවදාහරි ඔබ මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා තියෙනවද?” ලැබෙන ප්‍රතිචාරයෙන් පසු ඔහු තෝරාගත් ප්‍රශ්නයට පත්‍රිකාව ඇසුරෙන් බයිබලයේ සඳහන් පිළිතුර ලබා දෙන්න. ඉන්පසු ඒ ප්‍රශ්නයට අදාළ බයිබල් පදයක් කියවා කෙටියෙන් පැහැදිලි කරන්න. පසුව පත්‍රිකාවේ අවසාන පිටුවේ ඇති කොටස කියවා හෝ සාරාංශ කර බයිබල් ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. ඔහු එම පොත පිළි නොගත්තත් පත්‍රිකාව ඔහු සතුව තිබෙන නිසා සත්‍යය වටහාගන්න ඔහුට එය ප්‍රයෝජනවත් විය හැකියි.—මතෙ. 13:23.
3. නිවැසියා කාර්යබහුල නම් කුමක් කළ හැකිද?
3 නිවැසියා කාර්යබහුල නම්: ඔබට මෙසේ පැවසිය හැකියි. “මේ වෙලාවේ ඔබට වැඩ වැඩි නිසා මේ පත්‍රිකාව මම දීලා යන්නම්. හුඟදෙනෙක් අහන ප්‍රශ්න හයක් මේකෙ තියෙනවා. ඒවාට බයිබලයේ දීලා තියෙන උත්තර ඉතාම කෙටියෙන් මේකෙ තියෙනවා. මම කැමතියි ඔබව ආයෙත් මුණගැහිලා මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ කියලා දැනගන්න.”
4. වීදි සේවයේදී මෙම පත්‍රිකාව ඉදිරිපත් කළ හැක්කේ කොහොමද?
4 වීදි සේවයේ යෙදෙන විට: ඔබට මෙසේ පැවසිය හැකියි. “ආයුබෝවන්. ඔබත් කවදාහරි මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ප්‍රශ්නවලට හරිම පැහැදිලි උත්තර බයිබලයේ දීලා තියෙනවා. මේ පත්‍රිකාව කියෙව්වොත් ඔබටත් ඒවා දැනගන්න පුළුවන්.” එම පුද්ගලයාට සුළු මොහොතකට සවන් දීමට හැකියාවක් තිබෙනවා නම් පත්‍රිකාවේ තිබෙන එක් ප්‍රශ්නයකට පිළිතුරු කෙටියෙන් සලකා බැලීමට හැකි අතර සමහරවිට බයිබල් ඉගැන්වීම් පොත වුණත් ඉදිරිපත් කළ හැකියි.
5. නිවැසියන් නැති අවස්ථාවලදී කළ හැක්කේ කුමක්ද?
5 නිවසේ කිසිවෙක් නැති විට: සමහර ප්‍රදේශවල ප්‍රචාරකයන් නිවැසියන් නැති අවස්ථාවලදී අපගේ ප්‍රකාශන එහි තබා යනවා. ඔබේ ප්‍රදේශයේත් එසේ කළ හැකි නම් ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්‍රිකාවක් තබා ඒමට හැකිද කියා සිතා බලන්න. ඊළඟ අවස්ථාවේ එම නිවසට ගොස් නිවැසියාට මෙසේ පැවසිය හැකියි. “අපි කලින් වතාවේ මෙහෙ ආපු වෙලාවේ ඔබ ගෙදර හිටියේ නැහැ. ඒ නිසා අපි මේ පත්‍රිකාව තියලා ගියා. ඔබට ඒක බලන්න පුළුවන් වුණාද? ඔබ කැමති මේ ප්‍රශ්නවලින් කොයි එකට උත්තර දැනගන්නද?”
6. මෙම පත්‍රිකාව සේවයේ බෙදාහැරීම බලපෑමෙන් යුක්ත වීමට හේතු මොනවාද?
6 ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? යන පත්‍රිකාවේ තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාම සරලව හා සෘජුවයි. එමනිසා ඕනෑම ආගමකට, සංස්කෘතියකට අයත් කෙනෙකුට එහි ඇති තොරතුරු ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එය පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි නිසා බාල වයසේ පසුවන දරුවන්ට හා නවක ප්‍රචාරකයන්ට පවා සේවයේදී එය බෙදා දිය හැකියි. එමනිසා අපි මෙම පත්‍රිකාව සෑම අවස්ථාවකදීම ඉදිරිපත් කිරීමට අදිටන් කරගනිමු.