අත්හදා බැලීමට යෝජනා
‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’
නිවැසියාගේ අතට පත්‍රිකාවක් දීලා මෙහෙම කියන්න. “අපි වැදගත් පණිවිඩයක් තියෙන මේ පත්‍රිකාව ලෝකේ පුරාම බෙදාහරිනවා. මේ ඔයාගේ පත්‍රිකාව.”
නිවැසියන් නැති ගෙවල්වල පත්‍රිකාවක් තියලා එනවා නම් අනිත් අයගේ අවධානයට ලක් නොවෙන විදිහට තියන්න. පත්‍රිකාව තුනට හතරට නවන්න එපා.
නිවැසියා උනන්දුවක් දක්වනවා නම් මුල් පිටුවේ තියෙන ප්‍රශ්න තුන පෙන්නලා ඔයා හිතන්නේ මොකක්ද කියලා අහන්න. ඊටපස්සේ පත්‍රිකාවේ ඊළඟ පිටුවේ තියෙන යොහන් 17:17 පෙන්වන්න. බයිබලයෙන් උත්තර ලබාගන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන පත්‍රිකාවේ තියෙනවා කියලා පැහැදිලි කරන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ ක්ලිප් එක පෙන්වන්නත් පුළුවන්. යන්න කලින් අන්තිම පිටුවේ තියෙන ප්‍රශ්න තුනෙන් වැඩියෙන්ම උත්තර දැනගන්න කැමති මොන ප්‍රශ්නයටද කියලා අහන්න. වෙන දවසක ඇවිත් jw.org වෙබ් අඩවියෙන් ඒ ප්‍රශ්නයට උත්තර හොයාගන්න උදව් කරන්නම් කියලා ඔහුට කියන්න. ආපහු ගියාම, බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර යටතේ තියෙන උත්තරය සාකච්ඡා කරන්න.
සමුළුවේ ආරාධනා පත්‍රයත් බෙදනවා නම් ඒකත් දීලා මෙහෙම කියන්න. “මේ සමුළුවට එන්න කියලා ආරාධනා කරන්න කැමතියි. මුදල් අය කරන්නේ නැහැ.”
මුරටැඹ අගෝස්තු 1
නිවැසියා උනන්දුවක් දක්වනවා නම් “දෙවියන් ඔබ ගැන සැලකිල්ල දක්වනවාද කියන ප්‍රශ්නෙට මේ සඟරාවේ උත්තරේ තියෙනවා. අපි මේක ඔයාට දෙන්න කැමතියි” කියලා සති අන්තවලදී ‘මුරටැඹ’ සඟරාව දෙනකොට කියන්න පුළුවන්.
පිබිදෙව්! අගෝස්තු
නිවැසියා උනන්දුවක් දක්වනවා නම් “සමඟියෙන් ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියන ප්‍රශ්නෙට මේ සඟරාවේ උත්තරේ තියෙනවා. අපි මේක ඔයාට දෙන්න කැමතියි” කියලා සති අන්තවලදී ‘පිබිදෙව්!’ සඟරාව දෙනකොට කියන්න පුළුවන්.