අත්හදා බැලීමට යෝජනා
මුරටැඹ අප්‍රියෙල් 1
“අපි අද මේ ප්‍රදේශයේ ඉන්න හැමෝටම මේ පත්‍රිකාව දෙනවා. [‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ කියන පත්‍රිකාව දීලා මුල් පිටුවේ තියෙන ප්‍රශ්න අහන්න. ඊටපස්සේ 2 තිමෝති 3:16 කියන දේ පෙන්වලා පත්‍රිකාව කියවලා බලන්න කියලා දිරිගන්වන්න.] මේ වගේ ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා කියලා හුඟදෙනෙක් දන්නේ නැහැ. [‘මුරටැඹ’ සඟරාවේ මුල් ලිපියේ තියෙන ප්‍රශ්න පෙන්වන්න.] ඔයාගෙම බයිබලයෙන් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් විදිහ මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අප්‍රියෙල්
“අද අපි ආවේ දෙමව්පියන්ට ප්‍රයෝජනවත් වන දෙයක් කියන්නයි. ඉස්සර නම් දරුවෝ දෙමව්පියන්ට කීකරු වුණා. ඒත් දැන් හුඟක් වෙලාවට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. අද දෙමව්පියන් දරුවන්ව හික්මවන විදිහ හරියි කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කියන විදිහට නම් හික්මවන එක හරිම වැදගත්. [හිතෝපදේශ 29:17 කියවන්න.] දරුවන්ව හික්මවන්න හොඳම විදිහ ගැන මේ සඟරාවේ තියෙනවා.”