අත්හදා බැලීමට යෝජනා
මුරටැඹ පෙබරවාරි 1
“අපි අද හැමෝටම මේ පත්‍රිකාව දෙනවා. මේකේ බයිබලයේ තියෙන වටිනා තොරතුරු ගැන පැහැදිලි කරලා තියෙනවා. [‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ කියන පත්‍රිකාව නිවැසියාට දෙන්න.] ඒ වගේම අද සමහරු හිතනවා ‘රැකියාව හොඳින් කරන්න බයිබලයේ හොඳ උපදෙස් තියෙනවාද’ කියලා. බලන්න මේ බයිබල් පදයේ මහන්සි වෙලා වැඩ කරන එක ගැන කියන දේ. [දේශනාකාරයා 3:13 කියවන්න.] රැකියාව සතුටින් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති කීපයක් මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඔයා කැමතිද මේක කියවලා බලන්න?”
පිබිදෙව්! පෙබරවාරි
“අපේ අලුත්ම පිබිදෙව්! සඟරාව දෙන්නයි අද අපි ආවේ. මේ ප්‍රශ්නෙට උත්තරේ මේ සඟරාවේ තියෙනවා. [සඟරාව පෙන්වන්න.] සඟරාවේ තියෙන මේ උදාහරණය බලන්න. [හිතෝපදේශ 29:11 කියවන්න.] ඔයා හිතනවාද මේ ප්‍රතිපත්තිය අදටත් ගැළපෙනවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ ඒ වගේ තවත් ප්‍රතිපත්ති හතරක් ගැනත් ඒවා පිළිපැද්දොත් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් පැහැදිලි කරනවා.”