නිවෙස්වල නැති අයව අමතක කරන්න එපා
1. ගෙයින් ගෙට සේවයේ යෙදෙන විට අපට මුහුණ දීමට සිදු වෙන්නේ කුමන ගැටලුවටද?
1 සමහර ප්‍රදේශවල මිනිසුන් නිවෙස්වල නොමැති නිසා බොහෝදෙනෙක්ව හමුවෙන්න අපට නොහැකි වී තිබෙනවා. අපි ජීවත් වන්නේ ‘අසීරු කාලවල’ නිසා ආර්ථික අපහසුකම්වලට මුහුණ දෙන බොහෝදෙනෙක් වැඩි වේලාවක් රැකියාවල යෙදෙනවා. (2 තිමෝ. 3:1) තවත් සමහරුන් නිවෙස්වල නැත්තේ බඩු මුට්ටු මිල දී ගන්න කඩේට හෝ පොළට ගොස් සිටින නිසයි. තවත් අය විනෝද වීම සඳහා නිවෙස්වලින් පිටවී යන්න පුළුවන්. මෙවැනි අයට ශුභාරංචිය දෙන්න අපට හැක්කේ කෙසේද?
2. නිවෙස්වල නොමැති අය ගැනත් අපි සැලකිලිමත් බව පෙන්වන්නේ කෙසේද?
2 හොඳ වාර්තාවක් තබා ගන්න: මුලින්ම කළ යුත්තේ එවැනි නිවෙස් ගැන වාර්තාවක් තබා ගැනීමයි. ඔබ නිතර නිතර සේවයේ යන ප්‍රදේශයක් නම් එවැනි වාර්තාවක් තබා ගැනීම විශේෂයෙන් වැදගත්. එහි පාරේ නම, ඔබේ නම සහ දිනය සඳහන් කරන්න. එම නිවෙස්වලට ඔබ හෝ වෙනත් ප්‍රචාරකයෙක් නැවත යනවා නම් වැඩි විස්තර ලිවීම සඳහා එම වාර්තාවේ ඉඩ තියන්න. උනන්දුවක් දැක් වූ කෙනෙක් හමු වුණොත් ඒ පිළිබඳ විස්තර වෙනම සටහන් කර ගන්න.
3. නිවෙස්වල නැති අයට සාක්ෂි දැරිය හැකි වෙනත් ආකාර මොනවාද?
3 වෙනත් වේලාවක යන්න: සතියේ දවස්වල උදේ වරුවේ නිවෙස්වල නැති බොහෝදෙනෙකුව හවස් වරුවේ හෝ සති අන්තයේ හමු වෙන්න පුළුවන්. එවැනි වෙලාවක සේවයේ යෑමට සැලසුම් කරන්න ඔබට පුළුවන්ද? (1 කොරි. 10:24) ඔබට එසේ කරන්න බැරි නම් නිවෙස්වල නැති අයගේ විස්තර ඇතුළත් වාර්තාව වෙනත් වෙලාවක යා හැකි ප්‍රචාරකයෙකුට බාර දෙන්න. එසේ නැත්නම් ලිපි මාර්ගයෙන් හෝ දුරකතන මාර්ගයෙන් සාක්ෂි දරන්න හැකිදැයි සොයා බලන්න. දුර්වල සෞඛ්‍යය තත්වයේ සිටින නිසා ගෙයින් ගෙට සේවයේ යෑමට නොහැකි ප්‍රචාරකයන් එසේ සාක්ෂි දරන්න කැමති විය හැකියි.
4. නිවෙස්වල නැති අයව නැවත ගොස් බැලීමේ ඇති වැදගත්කම පහදා දෙන්න.
4 නිවෙස්වල නැති අයව හමු වී සාක්ෂි දැරීමට ගත් ප්රයත්නයක් ගැන දැන් සළකා බලමු. ප්‍රචාරකයන් නිවසක නොමැති කෙනෙක්ව බැලීමට නිතර නිතර ගියත් ඇයව හමු වුණේ අවුරුදු තුනකට පසුවයි. ඒ කාලය පුරාම මෙම ගෙහිමියා ආශාවෙන් බලා සිටියේ එම ප්‍රදේශයට පැමිණීමට පෙර කරමින් සිටි බයිබල් පාඩම නැවත ආරම්භ කිරීමටයි.
5. ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ආවරණය කර අවසන් කියා පැවසිය හැක්කේ කුමන අවස්ථාවේදීද?
5 බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න: ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ආවරණය කර අවසන් කියා පැවසිය හැක්කේ කුමන අවස්ථාවේදීද? එම ප්‍රදේශයේ සෑම නිවසකම අඩුම තරමින් එක්කෙනෙකුට හෝ දේශනා කරන්න උත්සහයක් දරා තිබෙනවා නම් විතරයි. කිසිවෙක් නැති නිවෙස්වල කුඩා පත්‍රිකාවක් හෝ සඟරාවක්, අනවශ්‍ය ලෙස අනිත් අයගේ අවධානයට ලක් නොවන ආකාරයෙන් තබා යෑම සුදුසු විය හැකියි. සාමාන්‍යයෙන් බලප්‍රදේශයක් මාස හතරක් ඇතුළත සම්පූර්ණයෙන්ම දේශනා කර අවසන් කළ යුතුයි. එසේ ආවරණය කළ විගසම එය සභාවේ බලප්‍රදේශය භාරව සිටින සහෝදරයාට දැනුම් දෙන්න. එවිට ඔහුගේ වාර්තාවට අලුත්ම තොරතුරු ඇතුල් කරගන්න ඔහුට හැකි වේවි.
6. අපේ බලප්‍රදේශයේ සිටින සෑම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කිරීමට වෑයම් කළ යුත්තේ ඇයි?
6 අපේ ආශාව වන්නේ හැකි පමණ දෙනෙක් යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ගැලවෙනවා දැකීමයි (රෝම 10:13, 14) අප ගෙයින් ගෙට සේවයේ යෙදෙන විට නිවෙස්වල නැති අයත් මෙයට ඇතුළත්. පාවුල් හා සමානව “දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීම” ඔබගෙත් ආශාව කරගන්න.—ක්‍රියා 20:24.