ඔබට පෞද්ගලික බල ප්‍රදේශයක් තිබෙනවාද?
1. පෞද්ගලික බල ප්‍රදේශයක් යනු කුමක්ද?
1 පෞද්ගලික බල ප්‍රදේශයක් යනු ඔබටම පවරා ඇති ප්‍රදේශයක්. එය ඔබට ඉක්මනින් ගමන් කළ හැකිවූද, ඔබට තනිවම හෝ වෙනත් ප්‍රචාරකයෙකු සමඟ වැඩ කළ හැකි ප්‍රදේශයක්. සභාව සමඟ ක්ෂේත්‍ර සේවයේ යෙදීම අපේ හැකියාවට අනුව කළ යුතු දෙයක්. නමුත් යම් අවස්ථාවලදී පෞද්ගලික බල ප්‍රදේශයක් ලබාගැනීම ප්‍රයෝජනවත්. විශේෂයෙන්ම විශාල බල ප්‍රදේශයක් සහිත සභාවක සිටින අයට සම්පූර්ණ සාක්ෂියක් දැරීමට මෙමගින් හැකි වෙනවා.—ක්‍රියා 10:42.
2. පෞද්ගලික බල ප්‍රදේශයක් තිබීමෙන් ඇති ප්‍රයෝජන මොනවාද?
2 ප්‍රයෝජන: සමහරු රැකියාව කරන ස්ථානයට යාබදව දිවා ආහාර කාලයේදී හෝ රැකියාවෙන් පසුව පෞද්ගලික බල ප්‍රදේශයක සේවය කිරීමේ වාසි අද්දැක තිබෙනවා. කෙසේවෙතත්, මෙම සැලැස්ම, වැඩ කරන බල ප්‍රදේශයට අයත් සභාවේ වැඩිමහල්ලන්ගේ අනුමැතියට යටත් විය යුතුයි. සභා පොත් පාඩමට පෙර හෝ පසුව පවුලක් වශයෙන් ඊට යාබද ප්‍රදේශයක වැඩ කරන්නටත් පුළුවන්. කාලය හා වියදම ඉතිරි කරගෙන ළඟපාත නිවෙස්වල නැවත බැලීම් හෝ බයිබල් පාඩම් කිරීමට මේ මගින් හැකිකම ලැබෙනවා. කෙටි කාලයකදී බොහෝ දේ කළ හැකි නිසා, මේ සැලැස්ම යටතේ ඇතමුන්ට කලින් කලට උපකාරික පුරෝගාමි සේවය හෝ ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කරන්නට හැකිකම ලැබී තිබෙනවා. පෞද්ගලික බල ප්‍රදේශයක නිතර නිතර වැඩ කෙරෙන නිසා, ඒ ප්‍රදේශයේ වෙසෙන අයගේ විශ්වාසය දිනාගන්නට පුළුවන්. ඒ වගේම ඔවුන්ට සරිලන පරිදි කතා කරන්නටත් වඩාත් ඵලදායී සේවයක් කරන්නටත් හැකියි.
3. පෞද්ගලික බල ප්‍රදේශයක සේවය කළ එක් පුරෝගාමියෙකුගේ අද්දැකීම විස්තර කරන්න.
3 එක් චාරිකා අවේක්ෂකයෙක් පුරෝගාමි සහෝදරියකව දිරිගැන්වුවා, පෞද්ගලික බල ප්‍රදේශයක වැඩ කිරීමට. ඇය මෙසේ කියනවා. “මම මේ අවවාදය සිතට ගෙන ක්‍රියා කළා. මගේ බල ප්‍රදේශයේ වෙසෙන අයව හොඳින් දැන හඳුනාගන්න මට වැඩි කලක් ගියේ නැහැ. මම ඔවුන්ට පහසු වෙලාවලයි ගියේ. මේ නිසා මාසයකට තිබූ නැවත බැලීම් 35, මට 80 දක්වා වැඩි කරගන්නට හැකි වුණා. මට දැන් බයිබල් පාඩම් හතක්ම තියෙනවා.”
4. ඔබ පෞද්ගලික බල ප්‍රදේශයක් ඉල්ලා ගන්නෙත්, එහි වැඩ කරන්නෙත් කෙසේද?
4 එය ලබාගන්නා ආකාරය: ඔබේ සභාවේ බල ප්‍රදේශය භාරව සිටින සහෝදරයා සමඟ කතා කරන්න. තවත් ප්‍රචාරකයෙකුට ඔබත් සමඟ වැඩ කිරීමට ආරාධනා කරන්න පුළුවන්. නිවෙස්වල නැති අය ගැන සටහනක් තබාගන්න. මාස හතරකට වරක් ඔබ මේ බල ප්‍රදේශය ආවරණය කිරීමට උත්සාහ කළ යුතුයි. අමාරු නම්, සභා පොත් පාඩම් අවේක්ෂකගේ හෝ වෙනත් අයගේ සහය පතන්න. මාස හතර අවසානයේදී, එය නැවත සභාවට භාර දීමට හෝ නැවත වැඩ කිරීමට ඉල්ලා සිටිය හැකියි. කෙසේවෙතත්, කාල සීමාවකින් තොරව මෙහි වැඩ කරන්නට එපා. අනෙක් අයටත් අවස්ථාව දෙන්න. ඔබ සිටින සභාවට සීමිත බල ප්‍රදේශයක් තිබේ නම්, ඔබට පෞද්ගලික බල ප්‍රදේශයක් ලබාගත නොහැකි නම්, බල ප්‍රදේශයක කොටසක් වැඩ කිරීමට දෙන ලෙස ඔබේ පොත් පාඩම් අවේක්ෂකගෙන් ඉල්ලා සිටින්න.
5. දේශනා කිරීමට වූ අපේ පැවරුම ඉෂ්ට කිරීමට කුමක් අවශ්‍යද?
5 අපට දී ඇති පැවරුම නම්, “මුළු ජනාවාස පොළොව පුරාම” දේශනා කිරීමයි. එය ඉතා භාරදූර කාර්යයක්. (මතෙ. 24:14) මේ සඳහා හැමදෙනාගේම සහයෝගය අවශ්‍යයි. මෙසේ පෞද්ගලික බල ප්‍රදේශයක වැඩ කිරීම හැකි තරම් දෙනෙකුට ශුභාරංචිය දීමට තිබෙන හොඳම ක්‍රමයක්.