පෞද්ගලිකව සේවය කරන්න ප්‍රදේශයක්
1. සේවය සඳහා වැඩි කාලයක් යොදන්න උදව් වෙන ක්‍රමයක් මොකක්ද?
1 ඔයාලා ඉන්නේ සේවය කරන්න විශාල ප්‍රදේශයක් තියෙන සභාවක නම් පෞද්ගලිකව සේවය කරන්න ප්‍රදේශයක් ඉල්ලගන්න ඔයාලට පුළුවන්. ගෙදරට ළඟපාත ප්‍රදේශයක් වුණත් ඉල්ලගන්න පුළුවන්. ඒ ගැන 2007 පෙබරවාරි රාජ්‍යය සේවාවේ පස්වෙනි පිටුවේ සඳහන් වෙලා තියෙන්නේ මෙහෙමයි. “එහි තිබෙන එක් ප්‍රයෝජනයක් නම් ක්ෂේත්‍ර සේවය සඳහා වැඩි කාලයක් යොදවන්න හැකි වීමයි. සභාවෙන් ඔබට වෙන් කර දුන් ප්‍රදේශයේ ඔබ සමඟ සේවයේ හවුල් වීමට තවත් ප්‍රචාරකයෙකුට ආරාධනා කරන්න ඔබ කැමති විය හැකියි.”
2. කණ්ඩායම එක්ක සේවයේ යනවාට අමතරව පෞද්ගලික ප්‍රදේශයක සේවය කරන්න පුළුවන් කොහොමද?
2 කණ්ඩායම එක්ක සේවයේ යෑමට අමතරව: ඔයාගේ රැකියා ස්ථානය තියෙන්නේ ඔයාගේ සභාවට පවරා ඇති ප්‍රදේශයේම නම් සේවය කිරීමට රැකියා ස්ථානයට ළඟ තැනක් ඉල්ලගන්න පුළුවන්. එතකොට කෑම වෙලාවෙ හරි ගෙදර යන්න කලින් හරි සේවය කරන්න හැකි වෙයි. ඒ පැත්තේ රැකියාවක් කරන තවත් ප්‍රචාරකයෙක් ඉන්නවා නම් එයාව හවුල් කරගන්නත් පුළුවන්. ඔයාගේ ගෙවල් ළඟින් ප්‍රදේශයක් ලැබුණොත් ඔයාටයි පවුලේ අයටයි හවස් වරුවේ සේවය කරන්න ඒක උදව් වෙයි. ක්ෂේත්‍ර සේවා රැස්වීමකට සහභාගි වෙන්නේ නැත්නම් සේවයේ යන්න කලින් මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤාවක් කරන එක හොඳයි. (ෆිලි. 4:6) පෞද්ගලිකව සේවය කරනවා වගේම ඔයාගේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායම එක්කත් සේවයේ යන්න සැලසුම් කරන්න අවශ්‍යයි. සති අන්තයේදී හුඟදෙනෙක් සේවයේ යන නිසා විශේෂයෙන්ම ඔයා අයිති කණ්ඩායමට සහයෝගය දෙන එක වැදගත්.
3. සේවය කිරීමට ප්‍රදේශයක් ලබාගැනීමේ තියෙන ප්‍රයෝජන මොනවාද?
3 ප්‍රයෝජන: සේවය කරන්න ඔයාටම කියලා ප්‍රදේශයක් තියෙනවා නම් කාල වේලාව තියෙන විදිහට සේවය කරන්න ඔයාට පුළුවන් වෙනවා. සේවය කරන තැනට යන්න ගත වන කාලයත් ඉතුරු වෙන නිසා වැඩිපුර කාලයක් සේවය කරන්නත් පුළුවන්. මේ පහසුව නිසා සමහර අයට සහායක හෝ ස්ථාවර පුරෝගාමී සේවය කරන්න පවා හැකියාව ලැබිලා තියෙනවා. උනන්දුව දක්වන අය ඉන්නෙ ළඟපාතම නිසා එයාලව නැවත බලන්නත් බයිබල් පාඩම් පවත්වන්නත් ලේසියි. ඔයාට පවරපු ප්‍රදේශය වෙනත් අයට සේවය කරන්න නැවත භාර දෙන්න කලින් එහි එක වතාවකට වඩා සේවය කිරීමෙන් නිවැසියන් එක්ක හිතවත් වෙලා ඒ අයගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙනවා. ඒක හුඟක් ප්‍රචාරකයන්ගේ අද්දැකීමයි. පෞද්ගලික ප්‍රදේශයක් ඉල්ලාගෙන ඔයාටයි පවුලේ අයටයි සේවය තවත් වැඩි කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න.—2 තිමෝ. 4:5.