ව්‍යාපාරික ස්ථානවල දේශනා කරන අන්දම
1. ව්‍යාපාරික ප්‍රදේශයක සාක්ෂි දැරීමේ ඇති සමහරක් ප්‍රයෝජන මොනවාද?
1 සාමාන්‍යයෙන් අමුත්තන්ව පිළිගන්නාවූ, බොහෝවිට මිනිසුන්ව හමු විය හැකි බලප්රදේශයක වැඩ කිරීමට ඔබ කැමතිද? ඔබට ඔබේ සභා බලප්‍රදේශය තුළම එවන් පුද්ගලයන්ව සොයාගත හැකියි. කෙසේද? කඩ සාප්පුවල වැඩ කිරීමෙනි. සාප්පුවෙන් සාප්පුවට සාක්ෂි දරන ප්‍රචාරකයෝ බොහෝවිට හොඳ ප්‍රතිඵල අද්දකිති.
2. ව්‍යාපාරික පෙදෙස්වල හෙවත් කඩ සාප්පුවල සාක්ෂි දැරීම කෙසේ සංවිධානය කළ හැකිද?
2 ඇතැම් සභා බලප්‍රදේශවල ව්‍යාපාරික කටයුතු සඳහා වෙන් කළ පෙදෙස් පිහිටා තිබේ. මෙවන් ව්‍යාපාරික ප්‍රදේශවල වැඩ කිරීම සඳහා බලප්‍රදේශ භාරව කටයුතු කරන සහෝදරයාට මෙම ජනාකීර්ණ කඩ සාප්පු සහිත පෙදෙස් පිළිබඳව විශේෂ සිතියම් කාඩ්පත් සකස් කළ හැකියි. කඩ සාප්පු සංකීර්ණ සහිත ජනයා වෙසෙන නිවාස තිබෙන බලප්‍රදේශවල වැඩ කරන විට, එම කඩ සාප්පු සහිත ව්‍යාපාරික ප්‍රදේශවල වැඩ නොකළ යුතු බවට පැහැදිලිව දැක්විය යුතුයි. වෙනත් බලප්‍රදේශවල, ගෙයින් ගෙට වැඩ කරන ගමන්ම කඩ සාප්පුවලද වැඩ කළ හැකියි. ඔබ කිසිවිටෙකත් විශාල කඩ සාප්පු සංකීර්ණවල වැඩ කර නැත්නම්, කුඩා කඩ සාප්පුවල වැඩ කිරීමට උත්සාහයක් ගන්න.
3. සාප්පුවෙන් සාප්පුවට සාක්ෂි දරන විට බලපෑමෙන් යුක්ත වීමට අපට උපකාරවත් වනු ඇත්තේ කුමක්ද?
3 සරල එළඹීමක් යොදාගන්න: සාප්පුවෙන් සාප්පුවට සාක්ෂි දරන විට, ඔබ රාජ්‍ය ශාලාවේ රැස්වීමකට යන්නාක් මෙන් ඇඳ පැළඳ යෑම වැදගත්ය. තවද, සාප්පුවේ අය කාර්යබහුලව නොසිටින වේලාවක යෑමද හොඳය. හැකි නම්, කිසිම පාරිභෝගිකයෙකු නැති වේලාවක් බලා සාප්පුවට ඇතුල් වෙන්න. සාප්පුවේ කළමනාකරුට හෝ එම ස්ථානය භාරව සිටින තැනැත්තාට කතා කිරීමට කැමති බව කියන්න. මූලික කාරණය ගැන කෙටියෙන් කතා කරන්න. ඔබට කුමක් කිව හැකිද?
4-6. සාප්පුවේ අයිතිකරුට හෝ එහි කළමනාකරුට සාක්ෂි දරන විට අපට කුමක් කිව හැකිද?
4 සාප්පුවේ අයිතිකරුට හෝ කළමනාකරුට හෝ කතා කරන විට, ඔබට මෙවැනි දෙයක් කිව හැකියි. “ව්‍යාපාර කරන ඔබ වගේ මහතුන් අපට ගෙවල්වලදී හම්බ වෙන්න අමාරුයි, මොකද ඔයගොල්ලෝ කාර්යබහුල අය නිසා. ඉතින් අපි හිතුවා ඔයගොල්ලන්ව සාප්පුවට ඇවිත් හම්බ වෙන්න. ලෝකය පුරා වර්තමානයේ සිදු වන සිදුවීම් ගැන අපේ සඟරාවල කතා කරනවා.” අනතුරුව සඟරාවකින් එක් කරුණක් කෙටියෙන් හුවා දක්වන්න.
5 එසේ නැත්නම්, මේ ආකාරයට සරල ලෙස එළඹිය හැකියි. “වැඩිදෙනෙක් බයිබලය ගැන වැඩියෙන් දැනගන්න කැමති නමුත් ඔවුන්ට තිබෙන කාලය හරි අඩුයි. බයිබලය සම්බන්ධ ඔබට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඔබට උපකාරවත් වන නොමිලයේ පැවැත්වෙන පාඩම් වැඩසටහනක් ගැන මේ පත්‍රිකාවේ පැහැදිලි කරලා තියෙනවා.” ඊළඟට, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? පත්‍රිකාවේ 4 සහ 5 පිටුවලට යොමු දක්වන්න.
6 සාප්පුවේ ප්‍රධානියා වැඩ බහුලව සිටින බව ඔබට පෙනේ නම්, පත්‍රිකාවක් ඉදිරිපත් කර ඔබට මෙසේ කිව හැකියි. “ඔබ වැඩ බහුල නැති වෙලාවක මම නැවත එන්නම්. මේ පත්‍රිකාව ගැන ඔබ හිතන්නේ මොකක්ද කියලා මම දැනගන්න කැමතියි.”
7. ව්‍යාපාරික ප්‍රදේශවල වැඩ කරන විට උනන්දුව වර්ධනය කිරීමට අපට හැක්කේ කෙසේද?
7 පෙන්වන ලද උනන්දුව වර්ධනය කිරීම: කඩ සාප්පු සහිත ව්‍යාපාරික ප්‍රදේශයකදී ඔබට බයිබල් පාඩමක් පටන්ගැනීමට පවා හැකි වෙන්න පුළුවනි. එක් විශේෂ පුරෝගාමියෙක් ව්‍යාපාරිකයෙකුට නිතිපතා සඟරා රැගෙන ගියේය. මේ තැනැත්තා තමා කියවමින් සිටි දේවල් ගැන අගය පළ කළ අවස්ථාවේදී, මෙම පුරෝගාමියා බයිබල් පාඩම් වැඩපිළිවෙළ ගැන නිරූපණය කළේ ඕනෑ කරන්නේ විවරණිකාව යොදාගනිමිනි. ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේදීම බයිබල් පාඩමක් කිරීමට කටයුතු සැලසුම් කෙරිණි. එහි පවතින වාතාවරණය ගැන සැලකිල්ලට ගනිමින්, මෙම පුරෝගාමියා එම පාඩම සෑම වතාවකදීම විනාඩි 10කට හෝ 15කට සීමා කළේය. අපිත් ඒ හා සමානව, ව්‍යාපාරික ප්‍රදේශවල සාක්ෂි දැරීමෙන් දිගටම සුදුස්සන්ව සොයමු.