ප්‍රශ්න පෙට්ටිය
◼ සභාව තමන්ගේ බල ප්‍රදේශය දක්වන සම්පූර්ණ සිතියමක් රාජ්‍ය ශාලාවේ ප්‍රදර්ශනය කළ යුතුද?
ඔව්, සෑම සභාවක්ම තමන්ගේ බල ප්‍රදේශයට අයත් සියලුම ප්‍රදේශ දක්වන සිතියමක් රාමු කර රාජ්‍ය ශාලාවේ එල්ලා තැබිය යුතුයි. මෙම සිතියම දැන්වීම් පුවරුවේ නොදැමිය යුතුයි. තම සභාවට අයත් මුළු බල ප්‍රදේශයේම සීමාවන් හා එහි එක් එක් ප්‍රදේශයට අදාළ පැවරුම් අංකය සමඟින් එම ප්‍රදේශවල සීමාවන් සිතියමට ඇතුළත් කළ යුතුයි. එකම රාජ්‍ය ශාලාව භාවිත කරන සභා සෑම එකකටම අයත් බල ප්‍රදේශවල සීමාද එහි දැක්විය යුතුයි. ප්‍රචාරකයන්ට වගේම උනන්දුව දක්වන අයටත්, තමන් ජීවත් වෙන්නේ කුමන සභාවට අයත් බල ප්‍රදේශයේද කියා දැනගැනීමට මෙම සිතියම උපකාරවත් වෙයි. සභාවේ පොත් පාඩම් පවත්වන ස්ථානද මෙම සිතියමේ ලකුණු කළ හැකියි. මෙයින් තමන් අයත් වන පොත් පාඩම් කණ්ඩායම පිහිටා තිබෙන ප්‍රදේශය කුමක්ද කියා සියලුදෙනාටම දැනගැනීමට හැකි වෙනවා. බල ප්‍රදේශයේ යම් වෙනසක් කළහොත්, ඒ බව සිතියමේ දැක්විය යුතුයි.
මෙවැනි සිතියමක් තිබීමෙන් සිදු වන තවත් ප්‍රයෝජනයක් වන්නේ, තමන්ට හැකි නම් යම් ප්‍රදේශයක් බාරගෙන සේවය කළ හැකිද කියා සියලුම ප්‍රචාරකයන්ට කල්පනා කර බැලීමට එමගින් අවස්ථාවක් ලැබීමයි. තමන්ගේ නිවසට ආසන්න ප්‍රදේශයක් තෝරාගැනීමට කැමති අයටද මෙම සිතියම ප්‍රයෝජනවත් වෙයි. සේවය සඳහා රැස්වීම මෙහෙයවන්නාට සේවය සඳහා පැමිණ සිටින අයව යැවිය යුතු ප්‍රදේශ මොනවාද කියා ඉක්මනින් තීරණය කිරීමටද මෙම සිතියම උපකාරවත් වන නිසා ඉන් කාලය ඉතුරු වීමක්ද සිදු වෙනවා.
තමන්ට අයත් බල ප්‍රදේශය පුරාම සාක්ෂි දැරීමට සභාව හොඳින් සංවිධානය වී සිටින බවටද මෙම සිතියම සාක්ෂියක් වෙනවා.—ලූක් 9:6.