ඔබේ සභාවට තිබෙන්නේ විශාල බලප්රදේශයක්ද?
1 යූදාහි පිහිටි නගරවලටද ගලීලයේ තිබූ ගම්වලටද යමින් යේසුස් පුරාණ ඉශ්‍රායෙලයට අයත්ව තිබූ විශාල බලප්‍රදේශය පුරා සම්පූර්ණ සාක්ෂියක් දුන්නා. (මාක් 1:38, 39; ලූක් 23:5) අපත් හැකි තරම් ජන පිරිසකට ශුභාරංචිය ගැන කතා කළ යුතුයි. (මාක් 13:10) ඒත් මෙය ඒ තරම් ලෙහෙසි දෙයක් නොවෙයි. ඒ ඇයි?
2 විශාල ජනගහනයක් සිටින ලොකු බලප්‍රදේශයක් සභා බොහොමයකට තිබෙනවා. ඒ වගේ විශාල බලප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ට යෙහෝවා ගැනත් යේසුස් හා රාජ්‍යය ගැනත් සත්‍යය ඉගෙනගැනීම සඳහා උපකාර කිරීමට අපට කළ හැකි දේවල් මොනවාද?
3 පරෙස්සමින් සැලසුම් කරන්න: සේවා අවේක්ෂක සහ බලප්‍රදේශ සේවක සභාව දරන වෑයම් හොඳින් අධීක්ෂණය කළ යුතුයි. මෙසේ කිරීමෙන් උපරිම සේවයක් කිරීමට ප්‍රචාරකයන්ට හැකියි. සේවය සඳහා සම්පූර්ණ දවසක් යොදවන්න වැඩිදෙනෙකුට හැකියාව තිබෙන සෙනසුරාදා හා ඉරිදා දවස් හොඳින් සැලසුම් කරන්න පුළුවන්. දුර ප්‍රදේශවල සේවය කරද්දී හැකි නම් දහවල් ආහාර රැගෙන වැඩි කාලයක් සේවය කිරීමට සැලසුම් කරන්න. සේවය සඳහා එක්රැස් වෙන ස්ථානයට ගමන් කරන්න සෑහෙන වේලාවක් ගත වෙනවා නම් වෙනදාට වඩා වේලාසනින් පිටත් විය හැකියි. සේවය කරන ප්‍රදේශය අසල ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීමද පවත්වන්න පුළුවන්. හැකි අවස්ථාවලදී මුළු කණ්ඩායම කුඩා කණ්ඩායම් කිහිපයකට වෙන් කරන්න. මෙසේ කිරීමෙන් එක කුඩා කණ්ඩායමකට පුළුවන් නිවාස බොහොමයකට යන්න. මේ ප්‍රදේශවල කාලගුණය හා පාරවල් හොඳ තත්වයක පවතින දවස්වල සේවය සඳහා සැලසුම් යොදන්න.
4 ප්‍රමාණවත් පොත් පත් සඟරා රැගෙන යන්න. සේවය කරන්නේ ඉඳ හිට වැඩ කරන බලප්රදේශයක නම් කිසිවෙක් නැති නිවෙස්වල පත්‍රිකාවක් හෝ පරණ සඟරාවක් තබා එන්න පුළුවන්. බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? නමැති පත්‍රිකාව ඔබට හමු වන සෑම කෙනෙකුටම දෙන්න. ඒ වගේම කිසිවෙක් නැති නිවෙස්වලද තබා එන්න පුළුවන්.
5 ඔබේ පූර්ණ සහයෝගය දෙන්න: විශාල බලප්රදේශයක සේවය කරද්දී සභාවේ සෑම කෙනෙකුගේම සහයෝගය අවශ්‍යයි. සෑහෙන දුරක් යන්න තිබෙන අවස්ථාවලදී එකට ගමන් කරන අයට පුළුවන් ඒ සඳහා යන වියදම බෙදාගන්න. වැඩි වේලාවක් කතා කරන්න කැමති ගෙවැසියන්ව හමු වන අවස්ථාවලදී විචාර බුද්ධිය පාවිච්චි කළ යුතුයි. ඔබ සේවය කරන ප්‍රදේශයේ සෑම කෙනෙකුගේම නිවෙස්වලට යා යුතු බව මතක තබාගන්න. ඒ වගේම ඔබ එන තෙක් බලා සිටින ඔබේ කණ්ඩායමේ අනිත් අය ගැනත් සැලකිලිමත් වෙන්න. උනන්දුව දක්වන කෙනෙකු සමඟ දිගු වේලාවක් කතා කරන්න ඔබ කැමති නම්, අනිත් අයට ඔබ එන තෙක් බලා නොසිට දිගටම සේවය කරගෙන යන්න පුළුවන් විදිහට යම් සැලසුමක් යොදන්න පුළුවන්ද?
6 උනන්දුව දැක්වූ අයව නැවත ගොස් හමුවීමට කටයුතු පිළියෙළ කරන්න. උනන්දුව දක්වන තැනැත්තාගේ ලිපිනයට අමතරව දුරකථන අංකයක් තිබේ නම් එයත් ලබාගන්න. මෙසේ කිරීමෙන් දුරකථනයෙන් පවා තවදුරටත් සාක්ෂි දරන්න පුළුවන්. පාරවල්වලට නම් නැත්නම් හෝ නිවෙස්වල අංක නැත්නම් උනන්දුව දක්වන තැනැත්තාව නැවත ගොස් හමු විය හැකි ආකාරය ගැන සටහන් කරගන්න. නැත්නම් විස්තරයක් ලියාගන්න.
7 යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නා. “ඔබ කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල් වූ කල එහි සුදුස්සා කවුදැයි විභාග [කරන්න].” (මතෙ. 10:11) මේ උපදේශයට අනුව කටයුතු කරන්න ලැබීම ඇත්තෙන්ම කදිම ප්‍රස්තාවක් නොවේද! යහපත් ප්‍රතිඵල රැසක් ගෙන දෙන සාක්ෂි දැරීමේ කාර්යයේ ඔබ කැමැත්තෙන්ම නිරත වන විට යෙහෝවා ඔබේ වෑයම්වලට ආශීර්වාද කරනවා නිසැකයි!