ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 2 පාඩම 86 පි.-88 පි. 3 ¶
  • වචන පැහැදිලිව ශබ්ද කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වචන පැහැදිලිව ශබ්ද කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • සෑම දා යහපත් කථනය භාවිතා කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සුවයක් ගෙනෙන විදිහට කතා කරමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දිරිගන්වනසුලු දේවල්’ ගැන කතා කරමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • “තත්පරයටම සිදු වන ස්වර සංයෝගයක්”
    1997 පිබිදෙව්!
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 2 පාඩම 86 පි.-88 පි. 3 ¶

පාඩම 2

වචන පැහැදිලිව ශබ්ද කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබේ සබයට පහසුවෙන් තේරුම්ගත හැකි වන පරිද්දෙන් වචන පැහැදිලිව ශබ්ද කරන්න. මේ සඳහා (1) භාෂණ ඉන්ද්‍රීන් නිසි ලෙස භාවිත කිරීම හා (2) වචන සෑදී ඇති අන්දම තේරුම්ගැනීම අවශ්‍යය.

එය වැදගත් වන්නේ මන්ද?

වචන පැහැදිලිව ශබ්ද කරන විට ඔබ කියන දේ අන් අයට පහසුවෙන් තේරුම්ගත හැකිය. එසේ කරන විට, ඒවා බැරෑරුම්ව සලකනු ලැබීමට ඇති ඉඩ කඩද වැඩිය.

දක්ෂ ලෙස අදහස් හුවමාරු කරගැනීමට නම්, අප පැහැදිලිව කතා කළ යුතුය. කීමට තිබෙන දේ සිත්ගන්නාසුලු, වැදගත් යමක් විය හැකි නමුත්, ඔබ කියන වචන පහසුවෙන් තේරුම්ගැනීමට නොහැකි නම්, එම උත්සාහය අපතේ යනවාට සැකයක් නැත.

සාමාන්‍යයෙන් පුද්ගලයන්ට පවසන යමක් පහසුවෙන් තේරුම්ගත නොහැකි නම්, ඔවුන් ඉන් යමක් කිරීමට එතරම් පෙලඹීමක් ලබන්නේ නැත. පුද්ගලයෙකුට ප්‍රබල, පැහැදිලි කටහඬක් තිබුණත්, ඔහු කතා කරන විට වචන ගිලිනවා නම්, අන් අයව ක්‍රියාවට පෙලඹවිය නොහැක. එය හරියට තම සවන්දෙන්නන්ට තේරුම්ගත නොහැකි විදේශීය භාෂාවකින් කතා කරන්නාක් මෙනි. (යෙරෙ. 5:15) මේ අනුව බයිබලය අපට මෙසේ සිහිගන්වයි. “හොරණෑව අනුමාන ශබ්දයක් කරන්නේ නම්, යුද්ධයට සැරසෙන්නේ කවුද? එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කතා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුළඟට කතා කරන්නාක් මෙන් වේ.”—1 කොරි. 14:8, 9.

කතාව අපැහැදිලි වීමට හේතු වන්නේ මොනවාද? ඇතැම්විට මුඛය ප්‍රමාණවත් ලෙස විවෘත කිරීමට අසමත් වීම ඊට හේතුවක් විය හැක. කතාව අපැහැදිලිව ඇසීමට සලස්වන තවත් දෙයක් නම්, හකු ආශ්‍රිත පේශි තද කිරීම සහ තොල් අවම ලෙස භාවිත කිරීමයි.

වුවමනාවට වඩා වේගයකින් කතා කිරීමෙන්ද කියන දේ තේරුම්ගැනීම අපහසු වේ. එය හරියට යම් පටිගත කළ කතාවක් නියමිත වේගයට වඩා වැඩි වේගයෙන් වාදනය කිරීම හා සමානයි. සියලුම වචන ඇසිය හැක. එනමුත් ඇසෙන දේ තේරුම්ගැනීම අපහසුය.

ඇතැම් අවස්ථාවලදී කතාව අපැහැදිලි වන්නේ කතා කිරීමට උපයෝගි වන ඉන්ද්‍රීන්වල යම් දෝෂ තිබීම හේතුකොටගෙනය. එනමුත් එවන් ගැටලුවක් සමඟ කටයුතු කිරීමට සිදු වන අයට පවා මෙම පාඩමෙහි අන්තර්ගත යෝජනා අදාළ කරගැනීමෙන් සෑහෙන දුරට දියුණු විය හැක.

කෙසේවෙතත්, කතාව අපැහැදිලි වීමට බොහෝදුරට හේතු වන්නේ වචන ගිලමින් කතා කිරීමයි. එසේ නැතහොත් ඒවා තේරුම්ගැනීමට අපහසු කරවමින් එක ගොන්නට ශබ්ද කිරීමයි. තවදුරටත් ඇතැම් ශබ්ද නැත්නම් වචනයක ප්‍රධාන අකුරු හෝ වචනයේ අග අකුරු කිහිපයක් අත්හැරීමෙන් ඒ ගැටලුව පැනනැඟිය හැක. පුද්ගලයෙක් වග විභාගයකින් තොරව වචන එක ගොන්නට ශබ්ද කරනවා නම්, සවන් දෙන අයට ඇතැම් අදහස් හෝ යෙදුම් ඇසුණත් ඉතිරිය කුමක්ද කියා අනුමාන කිරීමට සිදු වේ. ඇත්තෙන්ම වචන පැහැදිලිව ශබ්ද කිරීමට අපොහොසත් වීම පුද්ගලයෙකුගේ ඉගැන්වීමේ බලපෑම අඩපණ කිරීමට හේතුවක් විය හැකිය.

පැහැදිලිව කතා කරන ආකාරය. වචන පැහැදිලිව ශබ්ද කිරීමට බෙහෙවින් හේතු වන එක් කාරණයක් නම්, ඔබේ භාෂාවේ වචන සකස් වී තිබෙන අන්දම තේරුම්ගැනීමය. සිංහල භාෂාවේ වචන සෑදී ඇත්තේ අක්ෂරවලිනි. මේ එක් එක් අක්ෂරය හෝ අක්ෂර සංයෝගය එක්තරා විශේෂ ශබ්දයක් නියෝජනය කරයි. එමනිසා එය මාත්‍රාවක් හැටියට හැඳින්වේ. කතා කරද්දී සෑම අක්ෂරයක්, අක්ෂර සංයෝගයක් නොහොත් මාත්‍රාවක් ශබ්ද කළ යුතු වේ. ඔබේ කතාව වඩාත් පැහැදිලිව කිරීමට කැමති නම්, සෙමින් කතා කර, එක් එක් මාත්‍රාව ශබ්ද කිරීමට උපරිම උත්සාහයක් දරන්න. මෙලෙස කිරීමේදී එක් එක් මාත්‍රාව ඉතා සියුම්ව ශබ්ද කරන නිසා, මුලින්ම එය අන්තයටම යෑමක් සේ දිස්විය හැකි වුවත්, නිතැතින්ම පෙරහුරු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබේ කතාවට ගලා යන ස්වභාවයක් ක්‍රමානුකූලව ලබා දීමට එයට හැක. චතුරව කතා කිරීම සඳහා ඇතැම් වචන එකට පැවසුවත්, මින් වචනවල අදහස අපැහැදිලි වේ නම් එම පුරුද්ද මඟහැරිය යුතුය.

වචන පැහැදිලිව ශබ්ද කරන අන්දම දියුණු කරගැනීමේ අදහසින් ‘මහ ප්‍රාණ’ විලාසයකින් වචන ශබ්ද කරමින් ඔබේ කතාව සහ කියවීම පෙරහුරු කිරීම ප්‍රශ්නයක් නොවේ. කෙසේවෙතත් මෙම අවවාදය සිහියේ තබාගන්න. කතා කිරීමේදී එය ඔබේ සාමාන්‍ය විලාසය බවට පත් වන්නට ඉඩ දෙන්න එපා. මන්දයත් ඔබ යම් අස්වාභාවික මවාපෑමක් කරන බව අසන්නාට දිස් විය හැකි බැවිනි.

ඔබේ කතාව මදක් අපැහැදිලි නම්, හිස පහතට යොමාගෙන ඔබේ නිකට ඔබේ පපුව ආසන්නයට නොතබා ඔබේ හිස ඔසවා තබාගැනීමට පුරුදු වන්න. බයිබලය කියවන විට පොත හැකි තරම් ඉහළට ඔසවා කියවන්න. එවිට සබය දෙස බැලීමත්, බයිබලය බැලීමත් අතර ඇස් චලනය කිරීමට සිදු වන්නේ අවම ලෙසිනි. බාධාවකින් තොරව ඔබේ වචන පිට කිරීමට මින් මඟ සැලසේ.

ඔබේ කතාව දියුණු කරගත හැකි තවත් මාර්ගයක් නම් ඔබ තුළ ගොඩගැසී ඇති මානසික පීඩනය මුදාහැරීමට ඉගෙනගැනීමයි. මානසික පීඩනය මුහුණේ පේශීන් තදවීමට හෝ ඔබේ හුස්මගැනීම පාලනය කරන පේශීන් තදවීමට සලස්වන බව හොඳින් දන්නා කරුණකි. මෙය ඔබේ කතා කිරීමේ ක්‍රියාවලියට අහිතකරව බලපෑ හැකිය. මානසික පීඩනය නිසා ඔබේ මනස, කතා කිරීමේ ඉන්ද්‍රීන් සහ හුස්මගැනීම පාලනය කිරීමේ හැකියාව අතර ඇති අන්තර් සම්බන්ධය බාධාවට පත් වෙයි. ඇත්තෙන්ම පහසුවෙන් කතා කිරීමට නම්, මෙම අන්තර් සම්බන්ධය හේතුවෙන් සිදු වන ක්‍රියාවලිය ස්වාභාවිකව හා අවහිරයකින් තොරව සිදු විය යුතුය.

මොළයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට යුහුසුලුව ප්‍රතිචාරය දැක්වීමට නම්, හකු ආශ්‍රිත පේශි තද නොකර බුරුල්ව තබාගත යුතු වේ. තොල්ද තද කර නොගත යුතුය. මුඛයෙන් සහ උගුරෙන් නික්මෙන ශබ්ද රැස පිට කිරීමට තොල් දෙක විගස චලනය කිරීමට සූදානම්ව තබාගැනීම අවශ්‍යය. හකු සහ තොල් තද කර ඇත්නම්, මුඛය නිසි ලෙස විවෘත නොවන අතර ශබ්දය දත් තුළින් පිට වේ. ප්‍රතිඵලය, රළු, ගොරෝසු, ගිලගත්, අපැහැදිලි කටහඬක් නිකුත් වීමයි. කෙසේවෙතත්, හක්ක සහ තොල් බුරුලට තබාගැනීමෙන් අදහස් වන්නේ කතා කරන විට නොසැලකිලිමත් වීම නොවේ. ශබ්ද පැහැදිලිව ඇසිය හැකි පරිද්දෙන් වචන හොඳින් ශබ්ද කිරීමේ පුරුද්ද සමඟ මෙය සමබර කරගත යුතුය.

ඔබේ තත්වය විග්‍රහ කර බලද්දී, ශබ්ද නඟා කියවීමෙන් යම් ප්‍රයෝජනයක් ලැබෙතැයි ඔබට පෙනී යා හැක. ඔබ සතු පුදුමාකාර භාෂණ අවයවයන් යොදාගන්නා අන්දම හොඳින් නිරීක්ෂණය කරන්න. කතා කරන විට ශබ්දය බාධාවකින් තොරව ඇසෙන සේ ඔබ ඔබේ මුඛය ප්‍රමාණවත් ලෙස විවෘත කරනවාද? කතා කිරීමට වැඩියෙන්ම දිව භාවිත වුවත්, එය එකම අවයවය නොවන බව ඔබ මතක තබාගත යුතුය. බෙල්ල, යටි හක්ක, තොල්, මුහුණේ පේශීන් සහ උගුරු පේශීන් ආදියෙන්ද කාර්යයක් ඉටු වේ. කතා කරන විට මුහුණේ පේශිවල කිසිදු චලනයක් සිදු නොවන බවට සලකුණු තිබේද? තිබේ නම්, ඔබේ කතාව අපැහැදිලියි කියා නිගමනය කිරීමට ප්‍රබල හේතු ඇත.

පටිගත කරන යන්ත්‍රයක් ඔබ සතු නම්, ඔබේම කටහඬ පටිගත කරන්න. කතා කරන විට ක්ෂේත්‍ර සේවයෙහි යමෙකුට කතා කරන්නාක් මෙන් හැකි තරම් ස්වාභාවික අන්දමින් කතා කිරීමට උත්සාහ කරන්න. විනාඩි කිහිපයක් පටිගත කරන්න. ඉන්පසුව ඒ පටිගත කිරීමට සවන් දෙන්න. එවිට ඇතැම් වචන ශබ්ද කිරීමේදී ඔබට තිබිය හැකි ගැටලු මොනවාදැයි හඳුනාගැනීම පහසු වේ. විශේෂයෙන් වචන ගිලගන්නා, අපැහැදිලිව ශබ්ද කරන හෝ වචනවල කොටස් ශබ්ද නොකරන අවස්ථා අල්ලාගැනීමට උත්සාහ කරන්න. ඉන්පසුව ඊට හේතු මොනවාදැයි තේරුම්ගැනීමට වෑයම් කරන්න. සාමාන්‍යයෙන් ඉහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ දුර්වලකම හදාගත හැක.

ඔබට කතා කිරීමේ යම් දුබලතාවක්, යම් අපහසුතාවක් ඇද්ද? පෙරට වඩා ඔබේ මුඛය මදක් වැඩියෙන් විවර කිරීමට පුරුදු වන්න. තවද වචන වඩාත් පරෙස්සමින් ශබ්ද කිරීමට උත්සාහ කරන්න. හුස්මගන්නා විට ඔබේ පෙණහලු වාතයෙන් පුරවා, හෙමින් කතා කරන්න. මෙම යෝජනා අනුගමනය කිරීමෙන් කතා කිරීමේ යම් දුබලතාවකින් පෙළෙන අයට වඩාත් පැහැදිලිව කතා කිරීමට හැකි වී තිබේ. ඔබ අතින් ශ, ෂ, ස වැනි ශබ්ද වරද්දවා හෝ පටලවා උච්චාරණය වේ නම්, වචනවල එම වර්ණ ශබ්ද කරන විට ඔබේ දිව ඉදිරි දත්වල ගෑවීමෙන් වළකින්න. ඇතැම් අවස්ථාවලදී ඔබේ ගැටලුව සම්පූර්ණයෙන්ම නිරාකරණය කරගත නොහැකි වුවත්, අධෛර්යය වීමට අවශ්‍යතාවක් නොමැත. සමහරවිට මෝසෙස්ට කතා කිරීමේ යම් දුබලතාවක් තිබුණද, ඉශ්‍රායෙල් ජාතියට සහ මිසරයේ ඵාරාවෝට ඉතා වැදගත් පණිවිඩ ඉදිරිපත් කිරීමට යෙහෝවා ඔහුව තෝරාගත් බව මතක තබාගන්න. (නික්. 4:10-12) එසේම, ඔබට කැමැත්තක් ඇති විට, ඔබව පාවිච්චි කිරීමට යෙහෝවා පියවර ගනියි. එපමණක්ද නොව, සාර්ථක ප්‍රතිඵල සමඟින් ඔබේ දේවසේවයටද ඔහු ආශීර්වාද කරනවා නිසැකය.

එය ඉටු කරගත හැකි අන්දම

  • එක් එක් වචනය පැහැදිලිව, ප්‍රමාණවත් ශබ්දයක් ඇතුව සහ සාධාරණ වේගයකින් ශබ්ද කරන්න හා කියවන්න

  • ඇතැම් වචන ගිලින්න එපා. වචන රැසක් එක ගොන්නට ශබ්ද කිරීමෙන් වළකින්න. එසේ කළහොත් ඔබ පැවසුවේ මොනවාද යන්න ඔබේ සවන් දෙන්නන්ට අපැහැදිලි වේ.

  • හිස ඔසවා තබන්න. කතා කරන විට මුඛය නිසි ලෙස විවෘත කරන්න.

  • ඔබේ බෙල්ල, හක්ක, තොල්, මුහුණේ පේශීන් සහ උගුරේ පේශීන් තද නොකර බුරුල්ව තබාගැනීමට පුරුදු වන්න.

අභ්‍යාසය: සාමාන්‍ය පරිදි කතා කරන්න. කතා කරද්දී මුඛය කොතරම් දුරට විවෘත වේද? ඔබේ මුහුණේ පේශීන් වඩාත් හොඳින් උපයෝගි කරගැනීමට, මුඛය තවත් විවෘත කිරීම අවශ්‍ය වේද? මතෙව් 8:23-27 ශබ්ද නඟා කියවන විට මේ දේවල් නැවත නැවත පෙරහුරු කරන්න. හිස ඔසවා තබාගැනීමටත්, ඔබේ හකුවල පේශී තද නොකර බුරුල්ව තබාගැනීමටත් වගබලා ගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න