ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 6 පරි. 37-41 පි.
  • යේසුස් අනිත් අයට සේවය කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් අනිත් අයට සේවය කළා
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ගුරුවරයා එක්ක වැඩ කරන්න අමාරුයි නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නිහතමානී ක්‍රියාවක් සිදු කරයි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 6 පරි. 37-41 පි.

6වෙනි පරිච්ඡේදය

යේසුස් අනිත් අයට සේවය කළා

කවුරු හරි කෙනෙක් ඔයාට උදව් කරනවාට ඔයා කැමතිද?— අනිත් අයත් කැමතියි කවුරු හරි කෙනෙක් ඒ අයට උදව් කරනවාට. අපි හැමෝම ඒකට කැමතියි. ඒ ගැන හොඳින්ම දැනගෙන හිටිය යේසුස් දවසක් මෙහෙම කිව්වා. ‘මම ආවේ සේවය ලබන්න නෙවෙයි, සේවය කරන්නයි.’—මතෙව් 20:28.

ගෝලයන් දෙන්නෙක් තර්ක කරන විදිහ යේසුස් බලාගෙන ඉන්නවා

යේසුස්ගේ ගෝලයන් වාද කළේ මොනවා ගැනද?

යේසුස් වගේ වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?— අපි අනිත් අයට සේවය කරන්න ඕනේ. අනිත් අයට උදව් කරන්න ඕනේ. අද ඉන්න හුඟක් අය නම් එහෙම කරන්නේ නැහැ. ඒ අය කැමති හැම තිස්සෙම අනිත් අය තමන්ට සේවය කරනවාටයි. යේසුස්ගේ ගෝලයන්ටත් එහෙම හිතුණා. හැමෝටම ඕනෙ වුණා අනිත් අයට වඩා තමන් උසස් කියලා පෙන්වන්න.

දවසක් යේසුස්, ගෝලයන් එක්ක කපර්ණවුම කියන නුවරට යන්න පිටත් වුණා. ඒ නුවර තියෙන්නේ ගලීල මුහුද ළඟ. එහෙට ගියාට පස්සේ හැමෝම එක ගෙදරකට ගියා. ඊටපස්සේ යේසුස් ගෝලයන්ගෙන් ඇහුවා මඟදී ඒ අය වාද කළේ මොනවා ගැනද කියලා. ඒ අය වාද කළේ වැඩියෙන්ම උසස් කෙනා කවුද කියන එක ගැන නිසා කිසිම කෙනෙක් යේසුස්ට උත්තර දුන්නේ නැහැ.—මාක් 9:33, 34.

ගෝලයන්ගෙන් කිසිම කෙනෙක් අනිත් අයට වඩා ඒ අය උසස් කියලා හිතනවාට යේසුස් කැමති වුණේ නැහැ. ඒ නිසයි අපි මේ පොතේ පළවෙනි පාඩමෙන් ඉගෙනගත්ත විදිහට යේසුස් පොඩි ළමයෙක්ව ළඟට අරන් ගෝලයන්ටත් ඒ ළමයා වගේ නිහතමානී වෙන්න කියලා කිව්වේ. ඒත් ගෝලයන් පාඩමක් ඉගෙනගත්තේ නැහැ. ඒ නිසා යේසුස් මැරෙන්න ටිකකට කලින් හැමදාටම මතක තියාගන්න ඕන වැදගත් පාඩමක් ගෝලයන්ට ඉගැන්නුවා. කොහොමද යේසුස් ඒක කළේ?—

හැමෝම කෑම කකා ඉද්දී යේසුස් නැඟිටලා ගිහින් තුවායක් ඉනේ බැඳගත්තා. ඊටපස්සේ බේසමකට වතුර පුරවගත්තා. ගෝලයන් බලන්න ඇති යේසුස් මොනවාද කරන්න යන්නේ කියලා. ඊළඟට යේසුස් ගෝලයන් ළඟට ගිහින් එයාලාගේ කකුල් හෝදලා තුවායෙන් පිහදුවා. හරිම පුදුමයි නේද! ඔයාත් එතැන හිටියා නම් ඔයාට මොනවා හිතෙයිද?—

යේසුස් ගෝලයන්ගේ පාද සෝදමින්

යේසුස් උගන්වපු පාඩම මොකක්ද?

යේසුස් හොඳම ගුරුවරයා නිසා එයා ඒ දේ කරන එක කොහොමටවත් සුදුසු නැහැ කියලයි ගෝලයන් හිතුවේ. යේසුස් පේතෘස්ගේ කකුල් හෝදන්න ආවාම පේතෘස් ඒකට ඉඩ දුන්නේ නැහැ. හැබැයි යේසුස් කිව්වා ඒක කරන එක හුඟක් වැදගත් කියලා.

අද නම් අපි අනිත් අයගේ කකුල් හෝදන්නේ නැහැ. හැබැයි යේසුස් පොළොවේ හිටිය කාලෙදී නම් ඒ දේ කළා. ඔයා දන්නවාද ඒ ඇයි කියලා?— යේසුස් ජීවත් වුණු පළාතේ මිනිසුන් පාවිච්චි කළේ පටි සෙරෙප්පු. ඒ නිසා දූවිලි පිරිලා තියෙන පාරවල්වල ඇවිදිද්දී කකුල්වල හුඟක් දූවිලි වදිනවා. ඒ නිසා අමුත්තෙක් ගෙදරකට ආවාම එයාගේ කකුල් දෙක හෝදන එක හරිම කාරුණික දෙයක් වුණා.

හැබැයි එදා නම් ගෝලයන්ගෙන් කිසිම කෙනෙක් අනිත් අයගේ කකුල් හේදුවේ නැහැ. ඒ නිසා තමයි යේසුස් ඒ දේ කළේ. ඒකෙන් යේසුස් වැදගත් පාඩමක් ඉගැන්නුවා. ඒක අපිත් ඉගෙනගන්න ඕනේ.

ඔයා දන්නවාද යේසුස් උගන්වපු පාඩම මොකක්ද කියලා?— යේසුස් ආපහු එයා ඉඳගෙන හිටිය තැනට ගිහින් මෙහෙම කිව්වා. ‘මම ඔයාලා වෙනුවෙන් කරපු දේ තේරුම්ගත්තාද? ඔයගොල්ලන් මට කියන්නේ, “ගුරුතුමනි,” “ස්වාමීනි” කියලයි. එහෙම කියන එක හරි. ස්වාමීන් වගේම ගුරුතුමා වන මම ඔයාලාගේ කකුල් හේදුවා නම් ඔයාලාත් අනිත් අයගේ කකුල් හෝදන්න ඕනේ.’—යොහන් 13:2-14.

දරුවෙක් වතුර භාජනයක් ගේනවා, කාන්තාවන් දෙන්නෙක් කෑම හදන්න ලෑස්ති වෙනවා

අනිත් අයට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

යේසුස් පැහැදිලි කළේ ගෝලයන් අනිත් අයට සේවය කරන්න ඕනෙ කියන එකයි. ගෝලයන් තමන් ගැන විතරක් හිතලා වැඩ කරනවාට යේසුස් කැමති වුණේ නැහැ. ඒ වගේම අනිත් අයට වඩා තමන් උසස් කියලත් අනිත් අය තමන් වෙනුවෙන් දේවල් කරයි කියලත් හිතන් ඉන්නවාට යේසුස් කැමති වුණේ නැහැ. යේසුස් කැමති වුණේ ගෝලයන් කැමැත්තෙන්ම අනිත් අයට සේවය කරනවා දකින්නයි.

හුඟක් වටින පාඩමක් නේද?— ඔයාටත් පුළුවන්ද යේසුස් වගේ කැමැත්තෙන්ම අනිත් අයට සේවය කරන්න?— අපි හැමෝටම පුළුවන් අනිත් අයට සේවය කරන්න. එහෙම කරද්දී ඒ අය හුඟක් සතුටු වෙනවා. හැබැයි වැඩියෙන්ම වටින්නේ අපි එහෙම කරද්දී යේසුත් එයාගේ තාත්තාත් ඒ ගැන සතුටු වෙන එකයි.

ගේ පිරිසිදු කරන්න අම්මාට දරුවන් උදව් වෙනවා

අනිත් අයට සේවය කරන එක අමාරු නැහැ. ටිකක් කල්පනා කළොත් එහෙම කරන්න පුළුවන් හුඟක් විදි ඔයාට මතක් වෙයි. හිතන්න ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද කියලා. පවුලේ හැමෝම වෙනුවෙන් අම්මා හුඟක් දේවල් කරනවා. ඔයාට පුළුවන්ද අම්මාට උදව් කරන්න?— අම්මාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා අම්මාගෙන් අහන්න.

පවුලේ අය කෑම කන්න කලින් මේසේ අස් කරන්න ඔයාට පුළුවන්ද? නැත්නම් පවුලේ අය කෑම කාලා ඉවර වුණාට පස්සේ පිඟන් කෝප්ප ටික හෝදන්න පුළුවන්ද? සමහර දරුවන් හැමදාම ගේ අතුගානවා. ඔයාට කරන්න පුළුවන් දේ මොකක් වුණත් ඔයා ඒ දේ කරනවා නම් යේසුස් වගේ අනිත් අයට සේවය කරන්න ඔයාටත් පුළුවන් වෙනවා.

අයියා එයාගේ මල්ලිට ඇඳ හදන්න උදව් කරනවා

ඔයාට නංගිලා, මල්ලිලා ඉන්නවා නම් ඒ අයට උදව් කරන්න ඔයාට පුළුවන්ද? එහෙම කරනවා නම් ඔයාටත් පුළුවන් යේසුස් වගේ වෙන්න. මතකයිනේ, යේසුස් හොඳම ගුරුවරයා වුණත් එයාගේ ගෝලයන්ට උදව් කළා. නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද?— ඒගොල්ලන් සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ සෙල්ලම් බඩු ටික අස් කරන්න ඒ අයට උදව් කරන්න ඔයාට පුළුවන් වෙයි. නැත්නම් ඇඳුම් අදින්න ඒ වගේම ඇඳ අස් කරන්න එයාලාට උදව් කරන්නත් ඔයාට පුළුවන් වෙයි. අනිත් අයට සේවය කරන්න පුළුවන් තවත් විදි ගැන ඔයාට මතක් වෙනවාද?— ඔයා ඒ අයට උදව් කරද්දී ඒ අයත් ඔයාට හුඟක් ආදරේ කරයි. හරියට යේසුස්ගේ ගෝලයන් යේසුස්ට ආදරේ කළා වගේ.

ඉස්කෝලේදීත් ඔයාට පුළුවන් අනිත් අයට උදව් කරන්න. කාගේ හරි පොතක් වැටුණොත් ඒක ඇහිඳලා දෙන්න. පැන්සලක්, පෑනක් නැති ළමයෙක්ට පැන්සලක්, පෑනක් දෙන්න. පන්තියේ කලු ලෑල්ල පිහදලා හරි වෙන දෙයක් කරලා හරි ටීචර්ට උදව් කරන්නත් ඔයාට පුළුවන්.

පිරිමි ළමයෙක් ගුරුවරයා වෙනුවෙන් කලු ලෑල්ල පිරිසිදු කරමින්; රෝද පුටුවක ඉන්න කාන්තාවක් වෙනුවෙන් ගැහැනු ළමයෙක් බඩු අරන් එනවා

සමහර වෙලාවට අපි අනිත් අයට සේවය කළත් ඒ අය අපිට ස්තුති කරන එකක් නැහැ. ඒ නිසා අපි අනිත් අයට සේවය කරන එක නතර කරන්න ඕනෙද?— යේසුස්ටත් හුඟක් අය ස්තුති කළේ නැහැ. ඒත් යේසුස් නම් කවදාවත් අනිත් අයට සේවය කරන එක නතර කළේ නැහැ.

ඒ නිසා අපිත් දිගටම අනිත් අයට උදව් කරමු. යේසුස් වගේ වැඩ කරන්න අපි හැමදාමත් උත්සාහ කරමු.

අනිත් අයට උදව් කරන එක ගැන තියෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. හිතෝපදේශ 3:27, 28; රෝම 15:1, 2; ගලාති 6:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න