ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 116 පරි. 268 පි.-269 පි. 1 ¶
  • පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • අන්තිම පාස්කුවේදී යටහත් පහත්කම පෙන්වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නිහතමානී ක්‍රියාවක් සිදු කරයි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් අනිත් අයට සේවය කළා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 116 පරි. 268 පි.-269 පි. 1 ¶
නිහතමානිකම ගැන පාඩමක් උගන්වන්න යේසුස් නියෝජිතයන්ගේ පාද සෝදයි

116වෙනි පරිච්ඡේදය

පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්

මතෙව් 26:20 මාක් 14:17 ලූක් 22:14-18 යොහන් 13:1-17

  • යේසුස් අවසන් වතාවට නියෝජිතයන් එක්ක පාස්කු භෝජනයට සහභාගි වෙයි

  • නියෝජිතයන්ගේ පාද සේදීමෙන් ඔහු වටිනා පාඩමක් උගන්වයි

යේසුස් කියපු විදිහට පේතෘස් සහ යොහන් පාස්කුව පවත්වන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න යෙරුසලමට ගිහිල්ලයි ඉන්නේ. දවාල ගෙවීගෙන යද්දී යේසුස් අනිත් නියෝජිතයන් එක්ක ඔලීව කන්දේ ඉඳන් යෙරුසලමට යන්න පටන්ගන්නවා. තම මරණයට කලින් ඔලීව කන්දේ ඉඳන් දවල් වරුවකදී යේසුස්ට මේ ප්‍රදේශය දැකගන්න ලැබෙන අවසන් වතාව මේකයි.

ටික වෙලාවකින් යෙරුසලමට එන යේසුස් සහ නියෝජිතයන් පාස්කුව පවත්වන්න සූදානම් කරලා තියෙන විශාල උඩුමහලට යනවා. මේ වෙද්දී පාස්කු භෝජනයට ඕන කරන හැම දෙයක්ම සූදානම් කරලයි තියෙන්නේ. යේසුස් දැන් නියෝජිතයන්ට මෙහෙම කියනවා. “වධ විඳින්න කලින් ඔබ සමඟ මේ පාස්කු භෝජනයට සහභාගි වෙන්න මා තුළ තිබුණේ මහත් ආශාවක්.”—ලූක් 22:15.

පාස්කුව සමරද්දී වයින් කුසලාන අතින් අත යවන චාරිත්‍රය පටන් අරන් තියෙන්නේ හුඟ කාලෙකට කලින් ඉඳලයි. දැන් පාස්කු භෝජනය අතරතුරේදී වයින් කුසලානයක් අතට ගන්න යේසුස් දෙවිට ස්තුති කරලා මෙහෙම කියනවා. “මෙය එකිනෙකා අත යවන්න. මන්ද දෙවිගේ රාජ්‍යය පැමිණෙන තුරු මම නැවත වයින් බොන්නේ නැහැ.” (ලූක් 22:17, 18) ඒකෙන් නියෝජිතයන් තේරුම්ගන්න ඇති යේසුස් මිය යන මොහොත ළං වෙලා කියලා.

සාමාන්‍යයෙන් කෙනෙක්ව නිවසකට ආරාධනා කළාම ඔහුගේ පාද සෝදනවා. ඔහුට ආරාධනා කරපු කෙනා තමයි සේවකයෙක් මාර්ගයෙන් හරි ඒ දේ කරන්න වගබලා ගන්නේ. (ලූක් 7:44) හැබැයි මේ පාස්කු භෝජනයට යේසුස්ට සහ නියෝජිතයන්ට ආරාධනා කරපු කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ඕනෙ නම් නියෝජිතයන්ගෙන් කෙනෙක්ට පාද සෝදන්න අවස්ථාව තිබුණා. ඒත් කිසිම කෙනෙක් ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ, අනිත් අයට වඩා තමන් උසස් කියලා ඔවුන් හිතන නිසා වෙන්න ඇති. දැන් සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. තමන්ගේ පිට වස්ත්‍රය ගලවලා තුවායක් ඉණේ බැඳගන්න යේසුස් බේසමකට වතුර පුරවලා නියෝජිතයන්ගේ පාද සෝදන්න පටන්ගන්නවා. ඒකෙන් නියෝජිතයන් අපහසුතාවට පත් වුණු බවට නම් සැකයක් නැහැ.

යේසුස් පේතෘස් ළඟට ආවාම “ඔබට කවදාවත් මගේ පාද සෝදන්න මම ඉඩ දෙන්නේ නැහැ” කියලා ඔහු කියනවා. එතකොට යේසුස් කියන්නේ “මා ඔබේ පාද සේදුවේ නැත්නම් ඔබ හා මා අතර කිසි සම්බන්ධයක් නැහැ” කියලයි. ඒ නිසා පේතෘස් “ස්වාමීනි, මගේ පාද විතරක් නොවෙයි, මගේ අත් දෙකත් හිසත් සෝදන්න” කියලා කියනවා. යේසුස් ඔහුට කියන්නේ මෙහෙමයි. “කෙනෙක් වතුරෙන් නාගෙන සිටිනවා නම් ඔහුගේ මුළු ශරීරයම පවිත්‍රයි. ඒ නිසා ඔහුගේ පාද සේදුවත් ඇති. ඔබ නම් පවිත්‍රයි. නමුත් සෑම කෙනෙක්ම පවිත්‍ර නැහැ.” (යොහන් 13:8-10) ඒ ගැන පේතෘස් මොන තරම් පුදුම වෙන්න ඇද්ද!

යූදස් ඇතුළු නියෝජිතයන් 12දෙනාගේම පාද සේදුවාට පස්සේ පිට වස්ත්‍රය ඇඳගන්නා යේසුස් මෙහෙම කියනවා. “මම ඔබ වෙනුවෙන් කළ මේ දේ ඔබට තේරුණාද? ඔබ මට කියන්නේ, ‘ගුරුතුමනි’ සහ ‘ස්වාමීනි’ කියායි. මම ඔබේ ගුරුතුමා හා ස්වාමීන් වන නිසා ඔබ එහෙම කියන එකත් හරියි. ඔබේ ස්වාමීන් සහ ගුරුතුමා වන මම ඔබේ පාද සේදුවා නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුයි. මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි. ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවන බවයි. එවන ලද තැනැත්තාත් ඒ වගේමයි. ඔහුත් ඔහුව එවූ තැනැත්තාට වඩා උතුම් වන්නේ නැහැ. ඔබ මේ දේවල් දැන සිටින නිසා ඔබ ඒවා පිළිපැද්දොත් ඔබට සතුටු විය හැකියි.”—යොහන් 13:12-17.

නිහතමානීව අනිත් අයට සේවය කරන එක ගැන යේසුස් ඉගැන්නුවේ මොන තරම් වටිනා පාඩමක්ද! අනිත් අයට වඩා තමන් උසස් කියලා යේසුස්ගේ අනුගාමිකයන් හිතන්න හොඳ නැහැ. ඔවුන් යේසුස්ව ආදර්ශයට ගන්න ඕනේ. යේසුස් කළා වගේ ඔවුනුත් අනිත් අයගේ පාද සෝදන්න ඕනෙ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට තරාතිරම් බලන්නේ නැතුව නිහතමානීව අනිත් අයට සේවය කරන්න ඔවුන් සූදානමින් ඉන්න ඕනේ.

  • තමන් මිය යන මොහොත ළං වෙලා කියලා පැහැදිලි කරන්න යේසුස් නියෝජිතයන්ට කිව්වේ මොනවාද?

  • යේසුස් නියෝජිතයන්ගේ පාද සෝදපු එක වෙනස් දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන් ඇයි?

  • නියෝජිතයන්ගේ පාද සෝදපු එකෙන් යේසුස් උගන්වපු වටිනා පාඩම මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න