ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 9 පරි. 52-56 පි.
  • වැරදි දේවල් කරන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැරදි දේවල් කරන්න එපා
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • වරදට පොලඹවන්න හැදුවත් යේසුස් ස්ථිරව සිටියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස්ගේ පරීක්ෂාවලින් ඉගෙනගැනීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 9 පරි. 52-56 පි.

9වෙනි පරිච්ඡේදය

වැරදි දේවල් කරන්න එපා

කවුරු හරි වැරදි දෙයක් කරන්න කියලා ඔයාට කියලා තියෙනවාද?— ඒක කරන්න කියලා එයා ඔයාට බල කළාද? ඒ දේ කළොත් හුඟක් සතුටු වෙන්න පුළුවන් කියලත් ඒ දේ කරන එක වැරදි නැහැ කියලත් එයා කිව්වාද?— කවුරු හරි ඒ විදිහට කියනවා නම් එයා හදන්නේ වැරදි දෙයක් කරන්න ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්නයි.

වැරදි දෙයක් කරන්න හිතුණොත් මොකද කරන්නේ? ඒක කරන එක හොඳද?— අපි ඒක කළොත් යෙහෝවා දෙවි නම් සතුටු වෙන්නේ නැහැ. කවුද සතුටු වෙන්නේ?— සාතන් ඒ කියන්නේ යක්ෂයා තමයි සතුටු වෙන්නේ.

දෙවිගෙත් අපෙත් හතුරා සාතන්. සාතන්ව අපිට පේන්නේ නැති වුණාට එයාට නම් අපිව පේනවා. දවසක් යක්ෂයා යේසුස්ගේ හිතේ වැරදි දෙයක් කරන්න ආසාවක් ඇති කරන්න හැදුවා. අපි බලමු යේසුස් ඒ වෙලාවේ මොකද කළේ කියලා. වැරදි දේවල් කරන්න අපේ හිතේ ආසාවක් ඇති වෙද්දී අපි කරන්න ඕන දේ ගැන දැනගන්න ඒක උදව් වෙයි.

බව්තීස්ම වෙලා වතුරෙන් ගොඩට ආව ගමන් යේසුස් ස්වර්ගය දිහා බලලා යාච්ඤා කළා

යේසුස් බව්තීස්ම වුණු වෙලාවේ එයාට මතක් වෙන්න ඇත්තේ මොනවාද?

යේසුස්ට ඕන වුණේ හැම වෙලේම දෙවි කැමති දේ කරන්න. එයා ඒ දේ කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා යොර්දාන් ගඟේ බව්තීස්ම වුණු එකෙන් අනිත් අයටත් පෙන්නුවා. යේසුස් බව්තීස්ම වුණාට පස්සේ සාතන් වැරදි දෙයක් කරන්න එයාගේ හිතේ ආසාවක් ඇති කරන්න හැදුවා. යේසුස් බව්තීස්ම වුණු වෙලේ ‘අහස විවර වුණා’ කියලා බයිබලයේ තියෙනවා. (මතෙව් 3:16) ඒකෙන් අදහස් වුණේ පොළොවට එන්න කලින් ස්වර්ගයේ ජීවත් වුණු විදිහ යේසුස්ට මතක් වුණා කියන එක වෙන්න ඇති.

බව්තීස්ම වුණාට පස්සේ මතක් වුණු දේවල් ගැන හිතන්න යේසුස් පාළු පැත්තකට ගියා. එයා දවස් 40ක්ම එහේ හිටියා. ඒ කාලෙදී මොනවත් කෑවේ නැති නිසා යේසුස්ට ලොකු බඩගින්නක් දැනුණා. ඒ වෙලාවේ තමයි සාතන් යේසුස්ගේ හිතේ වැරදි දෙයක් කරන්න ආසාවක් ඇති කරන්න හැදුවේ.

සාතන් ගල් යොදාගෙන යේසුස්ව පරීක්ෂා කරන්න හැදුවා

යක්ෂයා ගල් පෙන්වලා වරදක් කරන්න යේසුස්ට ආසාවක් ඇති කරන්න හැදුවේ කොහොමද?

යක්ෂයා යේසුස්ට කිව්වා ‘ඔයා දෙවිගේ පුතෙක් නම් මේ ගල් රොටි කරන්න’ කියලා. බඩගින්නේ හිටිය යේසුස්ට ඒ වෙලාවේ රොටියක් කන්න තිබුණා නම් කොච්චර හොඳද! ඒත් ගල් රොටි කරන්න යේසුස්ට පුළුවන්ද?— දෙවිගේ පුතා විදිහට යේසුස්ට ලොකු බලයක් තිබුණු නිසා හරිම ලේසියෙන් ඒක කරන්න එයාට පුළුවන්.

ගලක් රොටියක් කරන්න කියලා යක්ෂයා ඔයාට කිව්වා නම් ඔයා ඒ දේ කරයිද?— යේසුස් ඒ වෙලාවේ හිටියේ හුඟක් බඩගින්නේ. ඒ නිසා එක වතාවකටවත් ඒ දේ කරන එක වැරදිද?— යේසුස් දැනගෙන හිටියා ඒක වැරදියි කියලා. මොකද යෙහෝවා දෙවි යේසුස්ට බලය දුන්නේ මිනිසුන්ට දෙවි ගැන දැනගන්න උදව් කරන්න මිසක් තමන්ගේ වාසියට පාවිච්චි කරන්න නෙවෙයි.

ඒ නිසා යේසුස් බයිබලයේ තියෙන මේ දේ සාතන්ට කිව්වා. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත විතරක් නෙවෙයි, යෙහෝවා දෙවි කියන දේවල් මතයි.’ කෑමක් කනවාට වඩා දෙවි කැමති දේ කරන එක වැදගත් කියලා යේසුස් දැනගෙන හිටියා.

යක්ෂයා ආපහු සැරයක් යේසුස් ළඟට ආවා. යේසුස්ව යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ උස තැනකට එක්කන් ගිහින් එයා මෙහෙම කිව්වා. ‘ඔයා දෙවිගේ පුතෙක් නම් පහතට පනින්න. දේවදූතයන් ඔයාට කිසිම අනතුරක් වෙන්න දෙන්නේ නැහැ කියලා ලියලා තියෙනවා.’

සාතන් එහෙම කිව්වේ ඇයි?— එයා එහෙම කිව්වේ මෝඩ දෙයක් කරන්න යේසුස්ගේ හිතේ ආසාවක් ඇති කරන්න හිතාගෙනයි. හැබැයි යේසුස් සාතන්ට අහු වුණේ නැහැ. එයා මෙහෙම කිව්වා. ‘“ඔයාගේ දෙවියන් වන යෙහෝවා ඔයා වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කරන්න එපා” කියලා ලියලා තියෙනවා.’ දෙවියන් අපිව බේරගනියි කියලා හිතාගෙන ජීවිතේ අනතුරේ දාන එක වැරදියි කියලා යේසුස් දැනගෙන හිටියා.

හැබැයි සාතන් එයාගේ උත්සාහය අතහැරියේ නැහැ. එයා හුඟක් උස කන්දකට යේසුස්ව එක්කන් ගියා. ඊටපස්සේ ලෝකයේ හැම රාජ්‍යයක්ම යේසුස්ට පෙන්නලා මෙහෙම කිව්වා. ‘ඔයා මට එක සැරයක් නමස්කාර කළොත් මං මේ හැම දෙයක්ම ඔයාට දෙනවා.’

ඒ හැම රාජ්‍යයක්ම අයිති සාතන්ටද?— ඒවා සාතන්ට අයිති නැහැ කියලා යේසුස් කිව්වේ නැහැ. මොකද ලෝකයේ හැම රාජ්‍යයක්ම අයිති සාතන්ට. බයිබලයේ එයාට “මේ ලෝකයේ පාලකයා” කියලා කියන්නේ ඒ නිසයි.—යොහන් 12:31.

සියලුම රාජ්‍යයන් යේසුස්ට ලබා දෙනවා කියලා සාතන් ගෙනාව යෝජනාව යේසුස් ප්‍රතික්ෂේප කළා

හැම රාජ්‍යයක්ම දෙන්නම් කියන්න සාතන්ට පුළුවන් ඇයි?

යක්ෂයා ඔයාටත් මොනවා හරි දෙයක් දෙන්න පොරොන්දු වෙලා එකම එක සැරයක් එයාට නමස්කාර කරන්න කියලා කිව්වොත් ඔයා මොනවාද කරන්නේ?— යක්ෂයා මොන දේ දෙන්න පොරොන්දු වුණත් එයාට නමස්කාර කරන එක වැරදියි කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ නිසා යේසුස් මෙහෙම කිව්වා. ‘සාතන්, අහකට යන්න! මොකද “අපි නමස්කාර කරන්න ඕනෙ අපේ දෙවි වන යෙහෝවාටයි. පරිශුද්ධ සේවය පිරිනමන්න ඕනෙ ඔහුට විතරයි” කියලා ලියලා තියෙනවා.’—මතෙව් 4:1-10; ලූක් 4:1-13.

කේක් හදලා දෙන කල් කුඩා දැරිය ඉවසීමෙන් බලාගෙන ඉන්නවා

වරදක් කරන්න ආසාවක් ඇති වුණොත් ඔයා මොකද කරන්නේ?

අපිටත් සමහර වෙලාවට වැරදි දේවල් කරන්න ආසාවක් එනවා නේද? ඒ වගේ අවස්ථාවක් ගැන ඔයාට මතක් කරන්න පුළුවන්ද?— මෙහෙම හිතන්නකෝ. ඔයා වැඩියෙන්ම කන්න කැමති කෑමක් අම්මා හදනවා. හැබැයි අම්මා ඔයාට කියනවා දවල් කෑමට කලින් ඒක කන්න එපා කියලා. ඒත් ලොකු බඩගින්නක් දැනෙන නිසා ඔයාට ඒක කලින්ම කන්න ආස හිතෙනවා. ඔයා අම්මාට කීකරු වෙනවාද?— සාතන් නම් කැමති ඔයා අම්මාට අකීකරු වෙනවාට.

බඩගින්නේ හිටපු යේසුස් කරපු දේ ඔයාට මතකයිනේ. කෑමට වඩා දෙවිව සතුටු කරන එක වැදගත් කියලා එයා දැනගෙන හිටියා. අම්මාට කීකරු වෙනවා නම් ඔයාටත් පුළුවන් යේසුස් වගේ වෙන්න.

සමහරවිට යාළුවන් ඔයාට මත් වෙන දෙයක් දෙයි. ඒ අය කියයි ඒක බිව්වාම මාර අමුත්තක් දැනෙනවා කියලා. හැබැයි ඒ දේවල් නිසා ඔයා අසනීප වෙන්නත් මැරෙන්නත් ඉඩ තියෙනවා. කවුරු හරි සිගරට් එකක් දුන්නොත් ඔයා මොකද කරන්නේ?—

පිරිමි ළමයෙත් තවත් ළමයි දෙන්නෙක්ට සිගරට් එකක් බොන්න දෙනවා. එක ළමයෙක් ඒක ගන්නවා. අනිත් ළමයා එතනින් ඉක්මනටම යනවා

මතකයිනේ යේසුස් කරපු දේ. දේවමාලිගාව උඩ ඉඳන් පනින්න කියලා සාතන් කිව්වත් යේසුස් ඒක කළේ නැහැ. කවුරු හරි කෙනෙක් අනතුරක් වෙන්න පුළුවන් දෙයක් කරන්න කියලා ඔයාට කිව්වොත් ඔයා මොකද කරන්නේ?— යේසුස් නම් සාතන් කියපු දේ කළේ නැහැ. වැරදි දෙයක් කරන්න කියලා කවුරු හරි ඔයාට කිව්වොත් ඔයාත් ඒ දේ කරන්න එපා.

ගැහැනු ළමයෙක් කොන්තයක් අතේ තියන් ඉන්නවා

රූප නමස්කාරය වැරදි දෙයක් වෙන්නේ ඇයි?

රූපයකට වඳින්න කියලා කවුරු හරි ඔයාට කියන්න පුළුවන්. ඒත් ඒක වැරදියි කියලා බයිබලයේ තියෙනවා. (නික්මයාම 20:4, 5) ඔයාට කරන්න කියපු දේ ඉස්කෝලේ චාරිත්‍රයක් වෙන්නත් පුළුවන්. ඒ දේ කරන්නේ නැත්නම් ඔයාව ඉස්කෝලෙන් අස් කරනවා කියලා කිව්වොත් ඔයා මොකද කරන්නේ?—

හැමෝම හරි දේ කරද්දී අපිටත් ඒක කරන්න අමාරු නැහැ. හැබැයි අනිත් අය වැරදි දෙයක් කරන්න අපේ හිතේ ආසාවක් ඇති කරන්න හදද්දී හරි දේ කරන එක නම් ලේසි නැහැ. ඒ අය කියයි ඒ අය කරන දේ වැරදි නැහැ කියලා. හැබැයි අපි හිතන්න ඕනෙ දෙවියන්ට ඒ ගැන හිතෙන විදිහ ගැනයි. මොකද එයා තමයි හොඳම දේ මොකක්ද කියලා දන්නේ.

ඒ නිසා කවුරු මොනවා කිව්වත් දෙවි කැමති නැති දේවල් අපි කවදාවත් කරන්න හොඳ නැහැ. යක්ෂයාව සතුටු කරනවා වෙනුවට දෙවිව සතුටු කරන්න ඒක අපිට උදව් වෙනවා.

වැරදි දේවල් කරන්න අපේ හිතේ ආසාවක් ආවත් ඒ දේවල් කරන්නේ නැතුව ඉන්න උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගීතාවලිය 1:1, 2; හිතෝපදේශ 1:10, 11; මතෙව් 26:41; 2 තිමෝති 2:22.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න