ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 13 පරි. 36 පි.-37 පි. 6 ¶
  • වරදට පොලඹවන්න හැදුවත් යේසුස් ස්ථිරව සිටියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වරදට පොලඹවන්න හැදුවත් යේසුස් ස්ථිරව සිටියි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ පරීක්ෂාවලින් ඉගෙනගැනීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • වැරදි දේවල් කරන්න එපා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් මෙන් “යක්ෂයාට විරුද්ධ වන්න”
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 13 පරි. 36 පි.-37 පි. 6 ¶
යේසුස් යක්ෂයා ගෙනා වැරදි පෙලඹවීම් ප්‍රතික්ෂේප කරයි

13වෙනි පරිච්ඡේදය

වරදට පොලඹවන්න හැදුවත් යේසුස් ස්ථිරව සිටියි

මතෙව් 4:1-11 මාක් 1:12, 13 ලූක් 4:1-13

  • සාතන් යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කරයි

යේසුස් බව්තීස්ම වුණු ගමන්ම යූදා පාළුකරයට යන්නේ දෙවියන් තම බලයෙන් ඔහුට මඟ පෙන්වන නිසයි. දැන් යේසුස්ට හුඟක් දේවල් ගැන හිතන්න තියෙනවා. ඔහු බව්තීස්ම වුණු අවස්ථාවේදී ‘අහස විවර වුණු’ නිසා ස්වර්ගයේ ඉද්දී කරපු දේවල් වගේම ඉගෙනගත්තු දේවල් ඔහුගේ මතකයට නැඟුණා.—මතෙව් 3:16.

දින 40ක්ම පාළුකරයේ ඉන්න යේසුස් කිසිම දෙයක් කන්නේ නැති නිසා ඔහුට බඩගින්නක් දැනෙනවා. ඒ අවස්ථාවේදී යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කරන යක්ෂයා ඔහුට පවසන්නේ “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම් මේ ගල් රොටි කරන්න” කියායි. (මතෙව් 4:3) ඒත් යේසුස් යක්ෂයාගේ ඉල්ලීම එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්නේ ආශ්චර්යයන් කරන්න ලැබිලා තියෙන බලය යොදාගෙන තමන්ගේම ආශාවන් ඉටු කරගන්න එක සුදුසු නැහැ කියලා ඔහු දන්න නිසයි.

ඒත් යක්ෂයා උත්සාහය අත්හරින්නේ නැහැ. ඔහු නැවතත් යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කරමින් පුළුවන් නම් දේවමාලිගාවේ පවුර මුදුනෙන් පහතට පනින්න කියලා අභියෝග කරනවා. ඒත් කැපිලා පේන්න උත්සාහ කරන එක වැරදියි කියලා තේරුම්ගෙන ඉන්න යේසුස් ඒකට කැමති වෙන්නේ නැහැ. ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වමින් යේසුස් පැහැදිලිවම කියන්නේ ඒ විදිහට දෙවියන්ව පරීක්ෂා කරන එක වැරදියි කියලයි.

තුන්වෙනි වතාවටත් යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කරන යක්ෂයා “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” ඔහුට පෙන්වා “ඔබ වැඳ වැටී මට එක් වරක් නමස්කාර කළොත් මම මේ සියල්ල ඔබට දෙනවා” කියා පවසනවා. මේ වතාවෙත් යක්ෂයාව ප්‍රතික්ෂේප කරන යේසුස් පවසන්නේ “සාතන්, අහකට යන්න” කියායි. (මතෙව් 4:8-10) පරිශුද්ධ සේවය පිරිනමන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි කියලා යේසුස් හොඳින්ම දන්න නිසා වරදට පොලඹවන්න හැදුවත් ඔහු ඊට හසු නොවී දෙවිට විශ්වාසවන්තව ඉන්නවා.

යේසුස්ව වරදට පොලඹවන්න හදපු එකෙන් සහ ඔහු ඒ අවස්ථාවලදී කටයුතු කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යක්ෂයාව අපිට පෙනෙන්නේ නැහැ. ඒත් ඔහු සැබෑ පුද්ගලයෙක් මිසක් මිනිසුන් තුළ තියෙන දුෂ්ට සිතුවිලිවත් නරක ස්වභාවයවත් නෙවෙයි කියලා ඒ සිද්ධියෙන් ඔප්පු වෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන හැම ආණ්ඩුවකම අයිතිය සහ ඒවායේ පාලනය තියෙන්නේ යක්ෂයා අතේ කියලත් පැහැදිලියි. එහෙම වුණේ නැත්නම් ඒ දේවල් පෙන්වලා යේසුස්ව වරදට පොලඹවන්න යක්ෂයා උත්සාහ කරයි කියලා හිතන්න බැහැ.

යක්ෂයා යේසුස්ට කිව්වේ එක සැරයක් ඔහුට නමස්කාර කළොත් ලෝකයේ සියලුම රාජ්‍යයන් ඔහුට දෙනවා කියලයි. ඒ විදිහට අපිවත් වරදට පොලඹවන්න සාතන් උත්සාහ කරයි. සමහරවිට ධන සම්පත්, බලය සහ උසස් තනතුරු වගේ දේවල් පෙන්වලා අපි දෙවිට දෙන නමස්කාරය ලබාගන්න ඔහු උත්සාහ කරයි. ඒත් වැරදි දේවල් කරන්න අපිට මොන වගේ පෙලඹවීම් ආවත් යේසුස් වගේ දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න උත්සාහ කරන එක කොයි තරම් නැණවත්ද! යක්ෂයා යේසුස්ගෙන් අහක්ව ගියේ “තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්” විතරයි කියලා අමතක කරන්න එපා. (ලූක් 4:13) යක්ෂයා අපිටත් ඒ දේම කරයි. ඒ නිසා ඔහුට හසු නොවී ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.

  • පාළුකරයේ හිටිය දවස් 40දී යේසුස් මොන වගේ දේවල් ගැන කල්පනා කරන්න ඇද්ද?

  • යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළේ කොහොමද?

  • යේසුස්ව වරදට පොලඹවන්න හදපු එකෙන් සහ ඔහු ඒ අවස්ථාවලදී කටයුතු කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න