ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 42 පරි. 217-221 පි.
  • අපි වැඩ කරන්න ඕන ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි වැඩ කරන්න ඕන ඇයි?
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • වැඩවලින් සතුටක් ලබන්න
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • වඩු කාර්මිකයෙක් වූ යේසුස්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තෘප්තියක් ලබමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 42 පරි. 217-221 පි.

42වෙනි පරිච්ඡේදය

අපි වැඩ කරන්න ඕන ඇයි?

ඔයා වැඩියෙන්ම ආස වැඩ කරන්නද නැත්නම් සෙල්ලම් කරන්නද?— සෙල්ලම් කරන එක වැරදි නැහැ. යෙරුසලමේ ‘මංසන්ධි පුරා දුවලා පැනලා සෙල්ලම් කරන දරුදැරියන්’ ගැන බයිබලයේ තියෙනවා.—සෙකරියා 8:5.

සෙල්ලම් කරන දරුවන් දිහා යේසුස් ආසාවෙන් බලන් හිටියා. පොළොවට එන්න කලින් ගත කරපු ජීවිතය ගැන යේසුස් මෙහෙම කිව්වා. ‘මම දෙවි ළඟින්ම ඉඳන් ඔහුගේ ප්‍රධාන සේවකයා වුණා. මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් හිටියා.’ දැක්කාද යේසුස් ස්වර්ගයේ ඉද්දී යෙහෝවා දෙවිත් එක්ක වැඩ කරලා තියෙනවා. එහේ ඉද්දී යේසුස් ‘මනුෂ්‍යයන්ට හුඟක් ආසා වුණා’ කියලා එයාම කියලා තියෙනවා. අපි කලින් ඉගෙනගත්ත විදිහට යේසුස් දරුවන් ඇතුළු හැමෝම ගැන හුඟක් සැලකිලිමත්.—හිතෝපදේශ 8:30, 31.

මිනිස්සු එකට එකතු වෙලා ගොයම් කපනවා

පොළොවට එන්න කලින් යේසුස් සතුටු වුණේ මොනවා ගැනද?

යේසුස් පොඩි කාලේ සෙල්ලම් කරන්න ඇද්ද?— එයා සෙල්ලම් කරන්න ඇති. ස්වර්ගයේදී එයා ‘ප්‍රධාන සේවකයා’ විදිහට වැඩ කරපු නිසා පොළොවට ආවාට පස්සෙත් වැඩ කරන්න ඇද්ද?— යේසුස්ව ‘වඩුවාගේ පුතා’ විදිහටත් ‘වඩුවා’ විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒකෙන් තේරෙන්නේ මොකක්ද?— යේසුස්ව හදා වඩා ගත්ත යෝසෙප් එයාට වඩු වැඩ කියලා දෙන්න ඇති. ඉතිං යේසුත් වඩුවෙක් වුණා.—මතෙව් 13:55; මාක් 6:3.

යේසුස් මොන වගේ වඩුවෙක් වෙන්න ඇද්ද?— ස්වර්ගයේදී ප්‍රධාන සේවකයා විදිහට වැඩ කරලා තියෙන නිසා එයා වඩු වැඩත් දක්ෂ විදිහට කරන්න ඇති නේද?— ඒ කාලේ වඩුවෙක්ට කොච්චර මහන්සි වෙන්න වුණාද කියලා ටිකකට හිතන්න. ගහක් කපලා ඒක ලෑලීවලට ඉරලා ඒවා ගෙදරට අරන් එන්න යේසුස්ට සිද්ධ වෙන්න ඇති. ඊටපස්සේ ඒ ලෑලි යතුගාලා ඒවාවලින් මේස, බංකු වගේ දේවල් හදන්න ඇති.

යේසුස් ඒ වැඩවලින් සතුටක් ලබන්න ඇද්ද?— දක්ෂ විදිහට මේස, පුටු වගේ දේවල් හදන්න ඔයාට පුළුවන් වුණා නම් ඔයා ඒ දේවල් සතුටින් කරයිද?— බයිබලයේ කියන්නේ ‘තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක’ හොඳයි කියලයි. වැඩක් කළාම අපිට දැනෙන සතුට කවදාවත් සෙල්ලම් කරලා ලබාගන්න බැහැ.—දේශනාකාරයා 3:22.

වැඩ කරන එක අපේ ශරීරයට වගේම මනසටත් හොඳයි. හුඟක් දරුවන් කැමති ටීවී බලන්න නැත්නම් වීඩියෝ ගේම්ස් ගහන්න. ඒ වගේ දරුවන් තරබාරු වෙනවා. දුර්වල වෙනවා. එයාලාට ලොකු සතුටක් දැනෙන්නෙත් නැහැ. එයාලා අනිත් අයව සතුටු කරන්නෙත් නැහැ. සතුටක් ලබන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?—

අපි 17වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා අනිත් අයට උදව් කරන එකෙන් සතුටක් ලබන්න පුළුවන් කියලා. (ක්‍රියා 20:35) බයිබලයේ යෙහෝවා දෙවිව හඳුන්වලා තියෙන්නේ ‘ප්‍රීතිමත් දෙවි’ විදිහට. (1 තිමෝති 1:11) හිතෝපදේශ පොතේ කියන්නේ යේසුස් ‘නිතරම දෙවි ඉදිරියේ සතුටින් හිටියා’ කියලයි. ඒ ඇයි?— ඒකට එක හේතුවක් යේසුස් කියපු මේ දෙයින් පැහැදිලි වෙනවා. ‘මගේ තාත්තා මේ වෙන කල්ම වැඩ කරමින් ඉන්නවා. මමත් දිගටම වැඩ කරනවා.’—යොහන් 5:17.

යේසුස් පොළොවේ හිටිය කාලය පුරාම වඩුවෙක් විදිහට වැඩ කළේ නැහැ. යෙහෝවා දෙවි යේසුස්ට විශේෂ වැඩක් භාර දීලා තිබුණා. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— යේසුස් මෙහෙම කිව්වා. ‘දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙන නුවරවලත් දේශනා කරන්න ඕනේ. මාව එවලා තියෙන්නේ ඒකටයි.’ (ලූක් 4:43) සමහර අවස්ථාවලදී යේසුස් කියපු දේවල් පිළිගත්ත අය ඒ ගැන අනිත් අයටත් කිව්වා. පින්තූරේ ඉන්න සමරිතානු ස්ත්‍රිය ඒ අතරින් කෙනෙක්.—යොහන් 4:7-15, 27-30.

සමරිතානු ස්ත්‍රිය එක්ක යේසුස් කතා කරමින්; වඩුවෙක් විදිහට යේසුස් වැඩ කරමින්

යේසුස් පොළොවේ ඉද්දී කරපු වැඩ දෙක මොකක්ද?

තමන්ට පැවරුණු ඒ වැඩේ යේසුස් සතුටින් කරන්න ඇද්ද?— යේසුස් මෙහෙම කිව්වා. ‘මාව එවපු තැනැත්තාගේ කැමැත්ත ඉටු කරන එකත් ඔහු මට දීපු කාර්යය සම්පූර්ණ කරන එකත් මං සලකන්නේ මගේ කෑම විදිහටයි.’ (යොහන් 4:34) ඔයා වැඩියෙන්ම ආස කෑම ජාතිය කන්න ඔයා කොච්චර ආසද?— දෙවි තමන්ට දීපු වැඩේ ඉටු කරන එක ගැන යේසුස්ට හිතුණෙත් ඒ විදිහටමයි.

දෙවි අපිව හදලා තියෙන්නේ වැඩ කරලා සතුටක් ලබන්න පුළුවන් විදිහට. දෙවි කියන්නේ ‘වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා සතුටක් ලබන එක’ දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයක් කියලයි. ඉතිං පොඩි කාලේ ඉඳලාම ඔයා වැඩ කරන්න ඉගෙනගන්නවා නම් මුළු ජීවිත කාලයම සතුටින් ඉන්න පුළුවන් වෙනවා.—දේශනාකාරයා 5:19.

වැඩිහිටි අය කරන වැඩ දරුවන්ට කරන්න පුළුවන් කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. හැබැයි අපි හැමෝටම සමහර වැඩ කරන්න පුළුවන්. පවුලේ අයට ඕන කරන දේවල් දෙන්න ඔයාගේ දෙමාපියන් වැඩට යනවා ඇති. ඒ නිසා ගෙදර පිරිසිදුව, පිළිවෙළකට තියාගන්න කරන්න වැඩ හුඟක් තියෙනවා.

පවුලේ අයගේ යහපත වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොන වගේ වැඩද?— කෑම මේසේ සූදානම් කරන එක, පිඟන් සෝදන එක, කුණු එළියට දාන එක, ඔයාගේ කාමරේ අස් කරන එක, සෙල්ලම් බඩු හරි තැනින් තියන එක වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. දැනටමත් ඔයා ඒ වගේ දේවල් කරනවා ඇති. ඒක පවුලේ හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා.

අම්මා කෙනෙක් බිම තියෙන සෙල්ලම් බඩු නිසා වැටෙන්න යනවා

සෙල්ලම් බඩු හරි තැනින් තියන එක වැදගත් වෙන්නේ ඇයි?

ඒ කොහොමද කියලා දැන් බලමු. ඔයා සෙල්ලම් කළාට පස්සේ සෙල්ලම් බඩු හරි තැනින් තියන එක වැදගත් ඇයි?— ගේ පිළිවෙළකට තියාගන්නත් අනතුරු වළක්වාගන්නත් ඒක උදව් වෙනවා. ඔයා ඒවා හරි තැනින් තිබ්බේ නැත්නම් සමහරවිට අම්මා බඩු මල්ලක් උස්සන් එද්දී ඒවාවල පැටලිලා වැටෙයි. ඉස්පිරිතාලෙට යන්නත් වෙයි. එහෙම වුණොත් හුඟක් දුක හිතෙයි නේද?— ඒ නිසා ඔයා සෙල්ලම් බඩු හරි තැනින් තියන එක හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා.

දරුවන්ට කරන්න පුළුවන් තවත් වැඩ තියෙනවා. ඉස්කෝලේ දෙන ගෙදර වැඩ ඒ අතරින් එකක්. ඉස්කෝලේදී ඔයා පොත් කියවන්න පුරුදු වෙනවා. සමහර ළමයි නම් ඒකට ආසයි. හැබැයි තවත් ළමයින්ට ඒක අමාරුයි. අමාරුවෙන් හරි අකුරු කියවන්න ඉගෙනගත්තොත් ඔයාට සතුටු හිතෙයි. තව හුඟක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් වෙයි. දෙවියන් දීපු බයිබලය කියවන්නත් ඔයාට පුළුවන් වෙයි. ඉතිං ඔයා ඉස්කෝලේ වැඩ හොඳට කරද්දී ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා නේද?—

සමහර අය ආස නැහැ වැඩ කරන්න. ඒ වගේ අයව ඔයා දන්නවත් ඇති. දෙවි අපිව හදලා තියෙන්නේ වැඩ කරන්න නිසා ඒක සතුටින් කරන්න පුළුවන් විදිහ අපි ඉගෙනගන්න ඕනේ. තමන්ට පැවරුණු වැඩේ කරන එකෙන් යේසුස් කොච්චර සතුටු වුණාද?— එයා ඒක සැලකුවේ එයා ආසම කෑමක් කනවා වගෙයි. එයා කතා කළේ මොන වැඩේ ගැනද?— යෙහෝවා දෙවි ගැන සහ සදාකාල ජීවිතය ලබාගන්න පුළුවන් විදිහ අනිත් අයට කියන එක ගැන.

මොනවා හරි වැඩක් කරන්න කලින් ‘මේ වැඩේ කරන්න ඕනෙ ඇයි’ කියලා ඔයාගෙන්ම අහන්න. දෙයක් කරන්න ඕන ඇයි කියලා තේරුම්ගත්තාම ඒ දේ සතුටින් කරන්න ලේසි වෙනවා. ඔයාට ලොකු වැඩක් ලැබුණත් පොඩි වැඩක් ලැබුණත් ඒක හොඳට කරන්න. එහෙම කරද්දී යේසුස් වගේ ඔයාටත් පුළුවන් ඔයා කරන වැඩවලින් සතුටක් ලබන්න.

හොඳින් වැඩ කරන්න උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. හිතෝපදේශ 10:4; 22:29; දේශනාකාරයා 3:12, 13; කොලොස්සි 3:23.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න