ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bh 210 පි.-211 පි. 2 ¶
  • මිනිසුන් තුළ ආත්මයක් තිබේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසුන් තුළ ආත්මයක් තිබේද?
  • බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • සමාන තොරතුරු
  • මරණින් පසු ජීවිතයක්—බයිබලය පවසන්නේ කුමක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැරුණාට පස්සේ මොනවද වෙන්නේ?
    2015 පිබිදෙව්!
  • කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
bh 210 පි.-211 පි. 2 ¶

උපග්‍රන්ථය

මිනිසුන් තුළ ආත්මයක් තිබේද?

බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ මිනිසුන් තුළ ආත්මයක් තිබෙන බවයි. මරණයේදී එම ආත්මය ශරීරයෙන් පිට වී යන බවත් එය අමරණීය දෙයක් බවත් ඔවුන් විශ්වාස කරනවා. නමුත් එවැනි ඉගැන්වීමකට පදනමක් සපයන කිසිම දෙයක් බයිබලයේ සඳහන් වී නැහැ.

කෙසේවෙතත් සමහර බයිබල් පරිවර්තනවල “ආත්මය” යන වචනය දක්නට තිබෙනවා. රුවා යන හෙබ්‍රෙව් වචනය සහ නියුමා යන ග්‍රීක වචනය පරිවර්තකයන් නිවැරදිව වටහා නොගැනීම ඊට හේතුවයි. උදාහරණයකට සමහර පරිවර්තනවල යාකොබ් 2:26හි සඳහන් වන්නේ ‘ආත්මය නැති ශරීරය මැරී තිබෙන’ බවයි. ඒ නිසා බොහෝදෙනෙකු සිතන්නේ මිනිසුන් තුළ ආත්මයක් තිබෙන බවයි. නමුත් එම පදයෙහි නිවැරදි පරිවර්තනය වන්නේ “පණ නැති ශරීරයක් මැරුණු ශරීරයකි” යන්නයි. (නව අනුවාදයද බලන්න.) යාකොබ් 2:26හි නියුමා යන වචනය “ආත්මය” ලෙස වැරදි ආකාරයට ඔවුන් පරිවර්තනය කළත් තවත් ස්ථානවල නියුමා හා රුවා, “පණ ඇති” “හුස්ම” හා “ජීවන හුස්ම” ලෙස ඔවුන් නිවැරදිව පරිවර්තනය කර තිබෙනවා. (උත්පත්ති 6:17; 7:15, 22; ගීතාවලිය 104:29) ඒ අනුව එම වචන දෙකේම නිවැරදි අර්ථය වන්නේ කෙනෙකුව ජීවත් කරවන හෝ කෙනෙකුට පණ දෙන “ජීව බලයයි.”

රේඩියෝ එකක් ක්‍රියා කරන්නේ විදුලි බලය සම්බන්ධ කෙරුවමයි

ජීව බලය යනු කුමක්ද කියා පැහැදිලි කරගැනීමට මේ උදාහරණය සලකා බලමු. කුඩා රේඩියෝ යන්ත්‍රයක් ගැන සිතන්න. එය ක්‍රියාත්මක වන්නේ විදුලි බලයට සම්බන්ධ කළ විටයි. නමුත් විදුලි බලය විසන්ධි කළ විට එය ක්‍රියා විරහිත වෙනවා. අපේ ශරීරයත් ඒ හා සමානයි. අපව ජීවත් කරවීමට ජීව බලය අත්‍යවශ්‍යයි. එය නොමැතිව අපට ජීවත් විය නොහැකියි. විදුලි බලය හා සමානව එය නිකම්ම බලයක් පමණයි. එයට හැඟීම් දැනීම් නැහැ. කෙනෙකු තම අවසන් හුස්ම හෙළන විට එනම් ජීව බලය ක්‍රියා විරහිත වන විට ගීතිකාකරු පැවසූ ලෙස ඔහු ‘මිය යන’ අතර ඔහුගේ ශරීරය “දූවිල්ලටම” එකතු වෙනවා.

එසේනම් දේශනාකාරයා 12:7හි සඳහන් වන දෙයින් අදහස් වන්නේ කුමක්ද? මිනිසුන් මරණයට පත් වන විට සිදු වන දේ විස්තර කරමින් එහි සඳහන් වන්නේ මෙසේයි. “පොළොවෙන් ගන්නා ලද දූවිල්ල නැවත පොළොවටම එකතු වන්නේය. ජීව බලය එය දුන් සැබෑ දෙවි වෙතටම හැරී යන්නේය.” එහි පවසන්නේ කෙනෙකු මිය යන විට ජීව බලය දෙවි වෙතට හැරී යන බවයි. ඉන් අදහස් කරන්නේ ජීව බලය අභ්‍යවකාශය හරහා දෙවි වෙතට ගමන් කරන බවද? නැහැ. ඇත්තෙන්ම එහි භාවිත කර තිබෙන්නේ උපමාලංකාරයක්. මිය ගිය කෙනෙකුව නැවත ජීවත් කරවීමට බලය තිබෙන එකම පුද්ගලයා යෙහෝවා දෙවි බව ඉන් අදහස් කරනවා.—යෝබ් 34:14, 15; ගීතාවලිය 36:9.

මිය ගොස් ඇති සියලුදෙනා වෙනුවෙන් යෙහෝවා දෙවි අනාගතයේදී සිදු කරන දේ ගැන දැනගැනීම අපට මොන තරම් සැනසිල්ලක්ද! (යොහන් 5:28, 29) යෙහෝවා දෙවි මරණය නමැති නින්දෙහි සැතපී සිටින අයට ඔවුන්ගේ කලින් පෙනුම ඇතුව අලුත් ශරීර සාදා ඒවාට ජීව බලය එනම් පණ ලබා දී ඔවුන්ව පාරාදීස පොළොවේදී නැවත නැඟිටුවයි. එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වේවිද!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න