ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 26 කොටස 30 පි.
  • පොළොව නැවතත් පාරාදීසයක් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පොළොව නැවතත් පාරාදීසයක් වෙයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • එළිදරව් පොතේ අර්ථය මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • එළිදරව් පොතෙන් “ශුභාරංචි”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එළිදරව් පොත කියවීමෙන් සන්තෝෂය අත් කරගන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේ දී ගැලවීම
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 26 කොටස 30 පි.
යේසුස් ස්වර්ගයේ රජ වෙලා ඉන්නවා

26වන පාඩම

පොළොව නැවතත් පාරාදීසයක් වෙයි

යෙහෝවා දෙවි තම නාමයට ඇති වී තිබෙන කැළැල ක්‍රිස්තුස්ගේ පාලනය තුළින් ඉවත් කරන අතර විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා තමා බව තහවුරු කරයි. දෙවි දුෂ්ටකමත් සම්පූර්ණයෙන්ම තුරන් කරයි

බයිබලයේ අවසන් පොත වන එළිදරව් පොතේ සඳහන් දේවලින් මිනිස් වර්ගයාට බලාපොරොත්තුවක් ලැබෙනවා. එහි යොහන් දුටු දර්ශන ඇතුළත් වන අතර ඒවායින් යෙහෝවා දෙවිගේ අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු වන ආකාරය පෙන්වා දෙනවා.

යොහන් දුටු පළමු දර්ශනයට නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ඒ කාලයේ පැවති සභා කිහිපයකට කළ ප්‍රශංසා හා දුන් උපදෙස් ඇතුළත් වුණා. ඊළඟ දර්ශනයෙන් ඔහු ස්වර්ගයේ තිබෙන යෙහෝවා දෙවිගේ සිංහාසනයද ස්වර්ගයේ සිටින ජීවීන් දෙවිට ප්‍රශංසා කරන ආකාරයද දුටුවා.

තවත් දර්ශනයකින් යොහන් දුටුවේ බැටළු පැටවා වන යේසුස්ට දෙවිගෙන් මුද්‍රා හතක් සහිත ලියවිල්ලක් ලැබෙන ආකාරයයි. එහි පළමු මුද්‍රා හතර විවෘත කරන විට අසරුවන් හතරදෙනෙක් පිටත්ව ආවා. පළමුවෙන් පිටත්ව ආ සුදු අශ්වයා පිට ඔටුන්නක් පැළඳී රජෙක් සිටියා. ඔහු යේසුස්. ඊළඟට වර්ණ තුනකින් අශ්වයන් තුන්දෙනෙක් පැමිණියා. උන් පිට සිටි අසරුවන්ගෙන් යුද්ධ, සාගත හා වසංගත පිළිවෙළින් නියෝජනය කළා. ඒ සෑම දෙයක්ම සිදු වන්නේ මේ දුෂ්ට සමාජයේ අවසන් කාලයේදීයි. ලියවිල්ලේ හත්වෙනි මුද්‍රාව විවෘත කරන විට හොරණෑ හතක් පිඹිනු ලැබුවා. ඒ හොරණෑවලින් දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීම නියෝජනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි තම උදහස ආකාර හතකින් ප්‍රකාශ කළා. ඒවා එළිදරව් පොතේ දක්වා තිබෙන්නේ පීඩා හතක් ලෙසයි.

දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවීම ගැන යොහන් තවත් දර්ශනයකින් දුටුවා. එහිදී අලුත උපන් පිරිමි දරුවෙකුගෙන් දෙවිගේ රාජ්‍යය නියෝජනය කළා. ඉන් අනතුරුව ස්වර්ගයේ යුද්ධයක් ඇති වී සාතන්ව සහ ඔහුගේ භූතයන්ව පොළොවට හෙළුවා. එවිට, ‘පොළොවට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද’ කියා පවසන හඬක් යොහන්ට ඇසුණා. මන්ද තමාට ඉතුරු වී ඇත්තේ තව කෙටි කාලයක් බව දන්නා සාතන්, මහත් කෝපයෙන් ක්‍රියා කරන බව බයිබලයේ පවසනවා.—එළිදරව් 12:12.

මිනිසුන් අතරින් තෝරාගත් 1,44,000දෙනෙක් බැටළු පැටවෙකු සමඟ සිටිනවා යොහන් තවත් දර්ශනයකින් දුටුවා. එම බැටළු පැටවාගෙන් නියෝජනය කළේ යේසුස්වයි. එතැන සිටි 1,44,000දෙනා, ‘ක්‍රිස්තුස් සමඟ රජකම් කරන’ අය බව එම දර්ශනයෙන් එළිදරව් කළා.—එළිදරව් 14:1; 20:6.

පොළොවේ සියලු පාලකයන්, “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය සඳහා” රැස් වන බව එළිදරව් පොතේ පවසනවා. එම යුද්ධය හඳුන්වන්නේ හර්–මගෙදොන් ලෙසයි. එහිදී සුදු අශ්වයෙකු පිට නැඟී ස්වර්ගයේ සේනාවේ පෙරමුණ ගෙන පැමිණෙන යේසුස් සමඟ පොළොවේ පාලකයන් යුද්ධ කළත් ඔවුන්ට අත් වන්නේ සම්පූර්ණ විනාශයක්. ඉන්පසු සාතන්ව බැඳ තබන අතර යේසුස් සහ 1,44,000දෙනා, “අවුරුදු දහසක්” මේ පොළොව පාලනය කරනවා. අවුරුදු දහස අවසානයේදී සාතන්ව සහමුලින්ම විනාශ කර දමනවා.—එළිදරව් 16:14; 20:4.

දහස් අවුරුදු පාලනය තුළදී කීකරු මිනිසුන්ට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? යොහන් ඒ ගැන පැවසුවේ මෙසේයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” (එළිදරව් 21:4) ඉන්පසු පොළොව නැවතත් පාරාදීසයක් වෙයි.

එළිදරව් පොතේ සඳහන් දේවලින් බයිබලයේ පණිවිඩය සම්පූර්ණ වෙනවා. යෙහෝවා දෙවි තම නාමයට ඇති වී තිබෙන කැළැල ක්‍රිස්තුස්ගේ පාලනය තුළින් ඉවත් කරන අතර විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා තමා බව සදහටම තහවුරු කරනවා.

—එළිදරව් පොත.

  • පිටත්ව ආ අසරුවන් හතරදෙනාගෙන් නියෝජනය වන්නේ මොනවාද?

  • දෙවිගේ අරමුණට එකඟව සිදු වන පුදුමසහගත දේවල් මොනවාද?

  • හර්–මගෙදොන් යනු කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

“මහ බැබිලෝනිය”

එළිදරව් පොතේ සැබෑ දෙවිට විරුද්ධව ක්‍රියා කරන සෑම ආගමක්ම හඳුන්වා තිබෙන්නේ ‘ගණිකාවක්’ ලෙසයි. ඇයට, “මහ බැබිලෝනිය” යන නාමය දී තිබෙනවා. ඇය ගණිකාවක් මෙන් මේ ලෝකයේ පාලකයන් සමඟ අනාචාරයේ යෙදෙනවා. නමුත් යෙහෝවා දෙවි නියම කරන අවස්ථාවකදී ලෝක පාලකයන් එකතු වී ඇයව සහමුලින්ම විනාශ කර දමන බව එළිදරව් පොතේ පවසා තිබෙනවා.—එළිදරව් 17:1-5, 16, 17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න