ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 7 කොටස 18-19 පි.
  • අනාගතවක්තෘවරුන් මගින් පැවසූ දේවල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනාගතවක්තෘවරුන් මගින් පැවසූ දේවල්
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • සමාන තොරතුරු
  • මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සර්පයාගේ වංශය—අනාවරණය වන්නේ කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ අනාවැකිමය වදන් කෙරෙහි ඇදහිල්ල තබන්න!
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ උදාර තේමාව
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 7 කොටස 18-19 පි.

7වන කොටස

අනාගතවක්තෘවරුන් මගින් පැවසූ දේවල්

පුරාණයේ හිටපු දෙවියන්ගේ අනාගතවක්තෘවරුන් දෙවියන් දුන් පොරොන්දු විශ්වාස කළා. අපි දැන් එයින් එකක් බලමු.

මේ පොරොන්දුව දෙවියන් දුන්නේ ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණු අවස්ථාවේදී. ඔවුන් අකීකරු වුණේ සාතන් ඔවුන්ව පෙලඹවූ නිසයි. සාතන් ඔවුන්ට කෙළින්ම කතා කළේ නැහැ. ඔහු ඒ සඳහා සර්පයෙක්ව යොදාගත්තා. බයිබලයේ සාතන්ව එනම් යක්ෂයාව ‘මුල් සර්පයා’ ලෙස හඳුන්වලා තියෙන්නේ ඒ නිසයි. ආදම්, ඒව දෙවියන්ට අකීකරු වුණාට පස්සේ ‘සර්පයාගේ’ හිස පොඩි කරන්න කෙනෙක්ව එවන බවට දෙවියන් පොරොන්දු වුණා. (උත්පත්ති 3:14,15; එළිදරව් 12:9,12) දෙවියන් එවන්න පොරොන්දු වුණේ කාවද?

ඒ පොරොන්දුව දීලා අවුරුදු 2,000කට විතර පස්සේ, පොරොන්දු වූ තැනැත්තා එනම් පැමිණීමට නියමිත තැනැත්තා පැවතෙන්නේ ආබ්‍රහම්ගෙන් කියලා දෙවියන් ආබ්‍රහම්ට කිව්වා. “ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.”—උත්පත්ති 22:18.

පැමිණීමට නියමිත තැනැත්තා ගැන ක්‍රිස්තු පූර්ව 1473දී දෙවියන්, මෝසෙස්ට දැනුම් දුන්නා. මෝසෙස් ඒ ගැන ඊශ්‍රායෙල් පරම්පරාවෙන් පැවතෙන අයට මෙහෙම කිව්වා. “ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.” (ද්විතීය කතාව 18:15) පැමිණීමට නියමිත තැනැත්තා මෝසෙස් වගේ අනාගතවක්තෘ කෙනෙක්. ඔහු පැමිණෙන්නේත් ආබ්‍රහම්ගෙන්.

එම තැනැත්තා දාවිත්ගෙන් පැවතෙන බවත් ඔහු උතුම් පාලකයෙක් වෙන බවත් දැනුම් දුන් දෙවියන්, දාවිත්ට කිව්වේ මෙහෙමයි. ‘ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.’ (2 සාමුවෙල් 7:12, 13) ඒ තැනැත්තාව “සමාදානයේ කුමාරයා” ලෙස හඳුන්වන බවත් දැනුම් දුන් දෙවියන් මෙහෙම කිව්වා. “ඔහු දාවිත්ගේ සිංහාසනය මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි. ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද යුක්තියෙන්ද රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත. ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.” (යෙසායා 9:6, 7) ඒ ධර්මිෂ්ඨ පාලකයා අනාගතයේදී පොළොව පාලනය කරද්දී සාමයත් යුක්තියත් සදහටම පවතින බවට සැකයක් නැහැ.

ආබ්‍රහම්, මෝසෙස්, දාවිත්, යේසුස්, පොරොන්දු වුණ ගැලවුම්කරු සර්පයාගේ හිස පොඩි කරනවා

පොරොන්දු වූ තැනැත්තා . . . ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙක් මෝසෙස් වගේ අනාගතවක්තෘ කෙනෙක් දාවිත්ගේ පෙළපතින් පැමිණෙන කෙනෙක් පැමිණෙන්නේ ක්‍රි.ව. 29දී සර්පයාගේ හිස පොඩි කරයි

ඔහු එන්නේ කවදාද? ඒ ගැන දෙවියන් දානියෙල්ට මෙහෙම කිව්වා. “යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ [එනම් පොරොන්දු වූ කෙනාගේ] පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.” (දානියෙල් 9:25) ඒ හැම සතියකටම ඇතුළත් වුණේ දවස් හතක් නෙවෙයි, අවුරුදු හතක්. ඒ නිසා සති 69ට අවුරුදු 483ක් ඇතුළත් වෙනවා. (69 x 7) යෙරුසලම නැවත පිහිටුවන්න නියෝගයක් ලැබුණු දවසේ එනම් ක්‍රි.පූ. 455 ඉඳලා අවුරුදු 483ක් ගණන් කළාම එන්නේ ක්‍රිස්තු වර්ෂ 29ට.a

දෙවියන්, දානියෙල් මාර්ගයෙන් කියපු විදිහට හරියටම ක්‍රි.ව. 29දී පොරොන්දු වූ කෙනා ආවාද? අපි ඒ ගැන ඊළඟ කොටසින් බලමු.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ පොතක් වන ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 255වෙනි පිටුවේ තියෙන අමතර සටහන 2 බලන්න.

උත්තර දෙන්න පුළුවන්ද?

  • ආබ්‍රහම්ගෙන් පැවතෙන බවට පොරොන්දු වූ තැනැත්තා සාතන්ට කරන්නේ මොකක්ද?

  • දෙවියන්, මෝසෙස් මාර්ගයෙන් දැනුම් දුන්නේ මොකක්ද?

  • පොරොන්දු වූ තැනැත්තා ගැන දාවිත් දැනගත්තේ මොනවාද?

  • ඔහු එන දවස ගැන දෙවියන්, දානියෙල්ට කිව්වේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න