ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 1 පාඩම 4-5 පි.
  • දැනගන්න ආසාවෙන් හිටපු රහසක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනගන්න ආසාවෙන් හිටපු රහසක්
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • නොසැඟවිය යුතු රහසක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2018 පිබිදෙව්!
  • ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පරිශුද්ධ රහසක් තුළ වූ දෙවිගේ ප්‍රඥාව”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 1 පාඩම 4-5 පි.
දේවරාජ්යය ගැන යේසුස් මිනිස්සුන්ට කියා දෙද්දී දේවදූතයන් අහගෙන ඉන්නවා

1වෙනි පාඩම

දැනගන්න ආසාවෙන් හිටපු රහසක්

ඔයාට කවුරු හරි රහසක් කියලා තියෙනවද?—a බයිබලයෙත් රහසක් ගැන කතා කරනවා. ඒක හුඟක් වැදගත් රහසක්. ඒක කිව්වේ දෙවි. ඒ නිසා ඒකට “පරිශුද්ධ රහස” කියලා කියනවා. ඒ රහස ගැන හුඟක් අය දැනගෙන හිටියේ නැහැ. දේවදූතයනුත් ආසාවෙන් හිටියා ඒ ගැන දැනගන්න. ඒ රහස මොකක්ද කියලා දැනගන්න ඔයාත් කැමතිද?—

දේවදූතයෝ මේ ආසාවෙන් අහගෙන ඉන්නේ මොනවා ගැන කියලද ඔයා හිතන්නේ?

හුඟක් ඉස්සර කාලෙක දෙවි ආදම්වයි ඒවවයි හදලා ඒදන් කියන ලස්සන උයනේ පදිංචි කළා. ඒ දෙන්නා දෙවි කියන දේ අහලා වැඩ කළා නම් ඒගොල්ලන්ගේ දරුවොත් එක්ක මේ පොළොව පුරාම පදිංචි වෙලා මුළු පොළොවම ඒ උයන වගේ ලස්සන තැනක් කරන්න තිබුණා. හැමෝටම මැරෙන්නේ නැතුව හැමදාම ජීවත් වෙන්න පුළුවන්කමත් තිබුණා. ඒත් ආදම් සහ ඒව මොනවද කළේ කියලා ඔයාට මතකද?—

ඒ දෙන්නා දෙවි කියපු දේ ඇහුවේ නැහැ. ඒ නිසා තමයි අද මේ පොළොව ඒදන් උයන වගේ ලස්සන තැනක් වෙලා නැත්තේ. ඒත් මේ පොළොව හැමෝටම හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලස්සන උයනක් කරනවා කියලා දෙවි පොරොන්දු වුණා. දෙවි ඒක කරන්නේ කොහොමද? හුඟක් කාලයක් යනකම් මිනිසුන් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මොකද ඒක රහසක්.

යේසුස් පොළොවට ඇවිත් ඒ රහස ගැන කියලා දුන්නා. ඒ රහස තමයි දෙවි මේ පොළොව උයනක් වගේ ලස්සන තැනක් කරන්නේ දෙවිගේ රාජ්‍යයෙන් කියන එක. දෙවිගේ ඒ පාලනය මේ පොළොවට ගේන්න කියලා දෙවිට යාච්ඤා කරන්නත් යේසුස් ඉගැන්නුවා.

ඒ රහස ගැන දැනගත්ත නිසා ඔයාට සතුටුයිද?— යෙහෝවා දෙවි කියන දේ අහන අයට විතරයි ඒ ලස්සන පාරාදීසයේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. යෙහෝවා දෙවිට කීකරු වුණු හුඟක් අය ගැන විස්තර බයිබලයේ තියෙනවා. ඔයාත් කැමතිද ඒ අය ගැන දැනගන්න?— ඒ අයගෙන් ටිකදෙනෙක් ගැනත් ඒ අය වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

බයිබලයෙන් කියවන්න

  • මාක් 4:11

  • 1 පේතෘස් 1:12

  • උත්පත්ති 1:26-28; 2:8, 9; 3:6, 23

  • මතෙව් 6:9, 10

  • ගීතාවලිය 37:11, 29

a මේ පොතේ සමහර ප්‍රශ්න ළඟ (—) සලකුණ තියෙනවා. ඒ තැන්වල ටිකක් නැවතිලා දරුවගේ හිතේ තියෙන දේ කියන්න එයාට ඉඩ දෙන්න.

ප්‍රශ්න:

  • බයිබලයේ තියෙන වැදගත් රහසට කියන්නේ මොකක්ද?

  • දැන් මේ පොළොව ඒදන් උයන වගේ ලස්සන නැත්තේ ඇයි?

  • ඒ රහස ගැන යේසුස් කියලා දුන්නේ මොනවද?

  • පාරාදීසයේ ජීවත් වෙන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න