ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 12/1 30-31 පි.
  • නොසැඟවිය යුතු රහසක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොසැඟවිය යුතු රහසක්
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පටුන
    2018 පිබිදෙව්!
  • දැනගන්න ආසාවෙන් හිටපු රහසක්
    දූපුතුන්ට කියා දෙන්න
  • ක්‍රිස්තියානීන් සඟවා නොගත යුතු රහසක්!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පරිශුද්ධ රහසක් තුළ වූ දෙවිගේ ප්‍රඥාව”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 12/1 30-31 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

නොසැඟවිය යුතු රහසක්

කවදා හරි දවසක කවුරු හරි කෙනෙක් ඔයාට රහසක් කියලා තියෙනවාද?—a අපි හැමෝම දැනගන්න ඕන රහසක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. බොහෝ කාලයක් තිස්සේ ‘සඟවා තිබූ’ ඒ රහස හඳුන්වන්නේ “පරිශුද්ධ රහස” කියලයි. (රෝම 16:25) මුලින්ම ඒ “පරිශුද්ධ රහස” ගැන දැනගෙන හිටියේ යෙහෝවා දෙවි විතරයි. ඒත් කාලයත් එක්කම දෙවි ඒ රහස අනික් අයටත් දැනගන්න සැලැස්වූවා. ඒක වුණේ කොහොමද කියලා අපි දැන් බලමු.

“පරිශුද්ධ” කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද?— පිරිසිදුයි සහ විශේෂයි යන අදහස් ඒ වචනයට ඇතුළත් වෙනවා. බයිබලයේ සඳහන් වෙන රහස පරිශුද්ධ රහසක් විදිහට හඳුන්වලා තියෙන්නේ ඒක ශුද්ධ දෙවි වන යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන දෙයක් නිසයි. මේ පරිශුද්ධ රහස ගැන දැනගන්න හුඟක් ආශාවෙන් හිටියේ කවුද කියලා ඔයා දන්නවාද?— ඒ තමයි දේවදූතයන්. බයිබලයේ සඳහන් වෙන්නේ ඒ ගැන දැනගන්න දේවදූතයන් ‘බොහෝ සෙයින් උනන්දු වුණා’ කියලයි.—1 පේතෘස් 1:12.

යේසුස් මේ පොළොවට ආවම පරිශුද්ධ රහස කියන්නේ මොකක්ද කියලා අනික් අයට කියලා දුන්නා. යේසුස් කිව්වේ, “දෙවිගේ රාජ්‍යය පිළිබඳ පරිශුද්ධ රහස තේරුම්ගන්න ඔබට අවස්ථාව ලබා දී” තියෙනවා කියලයි. (මාක් 4:11) පරිශුද්ධ රහස කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාට පැහැදිලි වුණාද?— ඒ තමයි දෙවිගේ රාජ්‍යය. යේසුස් අපට යාච්ඤා කරන්න කියලා කිව්වෙත් ඒ රාජ්‍යය ගැනයි.—මතෙව් 6:9, 10.

ඔයා හිතන විදිහට දේවදූතයන් දැනගන්න ආශාවෙන් ඉන්නේ මොකක් ගැනද?

යේසුස් මේ පොළොවට එන්න කලින් දෙවිගේ රාජ්‍යය ‘බොහෝ කාලයක් තිස්සේ’ පරිශුද්ධ රහසක්ව තිබුණා. මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ නිසා දෙවි ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා. නමුත් මේ පොළොව පාරාදීසයක් කරන්න දෙවිට තිබුණු අරමුණ දෙවි වෙනස් කරගෙන නැහැ කියලා පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් දැනගත්තා. (උත්පත්ති 1:26-28; 2:8, 9; යෙසායා 45:18) ඒ නිසා මේ පොළොව පාරාදීසයක් වූ දාට මිනිසුන් මොන තරම් සන්තෝෂයක් ලබයිද කියලා ඔවුන් බයිබලයේ වාර්තා කළා.—ගීතාවලිය 37:11, 29; යෙසායා 11:6-9; 25:8; 33:24; 65:21-24.

දෙවිගේ රාජ්‍යයේ රජ කවුද කියලා ඔයා දන්නවාද?— ඒ තමයි “සමාදානයේ කුමාරයා” වන යේසුස්. බයිබලයේ සඳහන් වෙන්නේ යේසුස්ට ‘රාජ්‍ය බලය භාර දෙනවා’ කියලයි. (යෙසායා 9:6, 7) ඒ නිසා අපි හැමෝම දෙවිගේ පරිශුද්ධ රහසට සම්බන්ධ “ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම” හුඟක් වැදගත්. (කොලොස්සි 2:2) ස්වර්ගයේ බලවත් දේවදූතයෙක් විදිහට හිටිය යේසුස්ව යෙහෝවා දෙවි මනුෂ්‍යයෙක් විදිහට මේ පොළොවට එව්වා. අපට සදාකාලයටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නේ යේසුස් පොළොවට ඇවිත් ඔහුගේ ජීවිතය පූජා කළ නිසයි.—මතෙව් 20:28; යොහන් 3:16; 17:3.

පරිශුද්ධ රහසට අදාළ තවත් දේවල් තියෙනවා. එක දෙයක් තමයි දෙවිගේ රාජ්‍යයේ හවුල් පාලකයන් විදිහට තවත් පුරුෂයන් සහ ස්ත්‍රීන්ව තෝරාගන්නා බව. ඔවුන් යේසුස් සමඟ එකතු වී පාලකයන් ලෙස කටයුතු කිරීමට නියමිතයි කියලා බයිබලයේ සඳහන් වෙනවා.—එෆීස 1:8-12.

දැන් අපි ඒ අය ගැන ටිකක් හොයලා බලමු. යේසුස් මේ පොළොවේ ඉන්න කොට ඔහුගේ ගෝලයන්ට කිව්වා ඔහු ස්වර්ගයට ගියාම ඔවුන් වෙනුවෙන් ස්ථානයක් පිළියෙල කරනවා කියලා. (යොහන් 14:2, 3) ස්වර්ගයට ගිහින් යේසුස් එක්ක රජකම් කරන්න යන කිහිපදෙනෙක් ගැන දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු.—මතෙව් 10:2-4; මාක් 15:39-41; යොහන් 19:25.

යේසුස් එක්ක රජකම් කරන්න යන්නේ කීදෙනෙක්ද කියලා හුඟක් කල් යන තුරු කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි අපිට නම් ඒක දැනගන්න පුළුවන්. ඔයා දන්නවාද කීදෙනෙක් ස්වර්ගයට යනවද කියලා?—ඒ සඳහා 1,44,000දෙනෙකුව තෝරගන්නවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒක පරිශුද්ධ රහසේ කොටසක්.—එළිදරව් 14:1, 4.

“දෙවිගේ රාජ්‍යය පිළිබඳ පරිශුද්ධ රහස” හැම කෙනෙක්ම දැනගන්න ඕනෙ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?— එහෙනම් අපි මුලින්ම ඒ ගැන හොඳින් ඉගෙනගෙන අනික් අයටත් ඒ ගැන කියලා දෙමු.

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න:

  • අපි සලකා බැලූ රහස හඳුන්වලා තියෙන්නේ කොහොමද? එහෙම හඳුන්වන්න හේතුව මොකක්ද?

  • ඒ රහස මොකක්ද? මුලින්ම ඒ ගැන මිනිසුන්ට කියලා දුන්නේ කවුද?

  • ඒ රහසට ඇතුළත් වෙන්නේ මොනවාද?

  • පරිශුද්ධ රහස ගැන ඔයා යාළුවන්ට කියලා දෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න