ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 3 පරි. 14 පි.-15 පි. 2 ¶
  • මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • මාර්ගය පිළියෙළ කරන්නාගේ උපත
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • නිර්දෝෂීව ගමන් කිරීම නිසා ඔවුහු විපාක ලැබූහ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 3 පරි. 14 පි.-15 පි. 2 ¶
එලිසබෙත් තම ඉපදුණු දරුවාව අනිත් අයට පෙන්වයි

3වෙනි පරිච්ඡේදය

මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි

ලූක් 1:57-79

  • ඉපදුණු දරුවාට යොහන් බව්තීස්ත කියා නම තබයි

  • යොහන්ගේ පැවරුම ගැන සෙකරියා අනාවැකි පවසයි

එලිසබෙත්ගේ දරුවා ඉපදෙන කාලය දැන් ළඟටම ඇවිත්. මාස තුනක් ඇයත් සමඟ සිටි මරියා නාසරෙත් නුවරේ තමන්ගේ නිවසට යන්න සූදානම් වෙනවා. මරියාට ඇගේ දරුවාව බිහි කරන්න තියෙන්නේ තව මාස හයක පමණ කාලයක් විතරයි.

මරියා පිටත් වෙලා වැඩි දවසක් යන්න කලින් එලිසබෙත්ගේ දරුවා ඉපදෙනවා. කිසිම කරදරයක් නැතුව ඇයට නිරෝගී දරුවෙක් බිහි කරන්න ලැබුණු එක මොන තරම් සතුටක්ද! අලුත උපන් කිරිකැටියාව නෑදෑයන්ටත් අසල්වැසියන්ටත් පෙන්වද්දී ඔවුනුත් සතුටින් ඉපිල යනවා.

දෙවියන් දීපු නීතියට අනුව පිරිමි දරුවෙක් ඉපදිලා අටවෙනි දවසේදී ඔහුව චර්මච්ඡේදනය කරන්න ඕනේ. (ලෙවී කතාව 12:2, 3) ඒ දවසෙම තමයි පිරිමි දරුවෙකුට නමක් දැම්මේ. එලිසබෙත්ගේ දරුවාව චර්මච්ඡේදනය කරන අවස්ථාවට පැමිණ සිටින අය උත්සාහ කරන්නේ දරුවාට පියාගේ නම දාන්න. ඒකට අකමැති වෙන එලිසබෙත් “එහෙම කරන්න එපා! ඔහුට යොහන් යන නම තබන්න” කියා පවසනවා. (ලූක් 1:60) ඇය එසේ පවසන්නේ දරුවාට යොහන් කියන නම දාන්න කියා ගාබ්‍රියෙල් දේවදූතයා දැනුම් දී තිබුණු නිසයි.

ඒ නම දමනවාට අකමැති නෑදෑයන් සහ අසල්වැසියන් “ඔබේ නෑදෑයන් අතරවත් ඒ වගේ නමක් තිබෙන කෙනෙක් නැහැනේ” කියා පවසනවා. (ලූක් 1:61) දරුවාට දාන්න ඕන නම මොකක්ද කියලා දැනගන්න ඔවුන් සංඥා යොදාගෙන සෙකරියාගෙන් ඒ ගැන අසනවා. ලෑල්ලක් ඉල්ලාගන්නා සෙකරියා “දරුවාගේ නම යොහන්” කියා ලියා පෙන්වනවා.—ලූක් 1:63.

සෙකරියා ලෑල්ලක ලියයි; නැවත කතා කරන්න පුළුවන් වුණු සෙකරියා අනාවැකි පවසයි

ඒ මොහොතේදීම සෙකරියාට කතා කරන්න පුළුවන් වෙනවා. ඔහුට කතා කරන්න බැරුව ගියේ එලිසබෙත් දරුවෙක් බිහි කරනවා කියා දේවදූතයා දැනුම් දුන් අවස්ථාවේදී ඔහු එය විශ්වාස කළේ නැති නිසයි. දැන් ඔහු නැවතත් කතා කරද්දී පුදුම වෙන මිනිසුන් “මේ කුඩා දරුවා මොන වගේ කෙනෙක් වේවිද” කියා කල්පනා කරනවා. (ලූක් 1:66) දරුවාට යොහන් යන නම දීලා තියෙන්නේ දෙවියන් විසින්මයි කියා ඔවුන් තේරුම්ගන්නවා.

ඒ අවස්ථාවේදී සෙකරියා තුළ දෙවිගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වෙන නිසා ඔහු මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා. ඔහු තම සේවකයා වූ දාවිත්ගේ පෙළපතින්, අප වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක් පත් කර තිබෙනවා.” (ලූක් 1:68, 69) “ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්” විදිහට හඳුන්වලා තියෙන්නේ ඉපදෙන්න නියමිතව සිටි යේසුස්ව. දෙවියන් ඔහු මාර්ගයෙන් කරන්න යන දේ ගැන සෙකරියා මෙහෙම කියනවා. “අපේ සතුරන් අතින් අපව මුදාගත් පසු ඒ පොරොන්දුවට එකඟව කිසිම බියක් සැකක් නැතුව ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනැමීමේ වරප්‍රසාදය ඔහු අපට ලබා දෙයි. එවිට අපට දිවි ඇති තුරා ඔහු ඉදිරියේ ධර්මිෂ්ඨව හා විශ්වාසවන්තකමින් ඒ සේවය ඉටු කරන්න හැකි වෙයි.”—ලූක් 1:74, 75.

තමන්ගේ පුතා ගැන සෙකරියා මෙහෙම කියනවා. “මගේ කුඩා දරුව! ඔබව හඳුන්වන්නේ මහෝත්තම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙසයි. මන්ද යෙහෝවා දෙවි වෙනුවෙන් මාර්ගය කලින්ම සූදානම් කරන්නේ ඔබයි. එසේ කරමින් ගැලවීම ලැබිය හැක්කේ පව්වලට සමාව ලබාගැනීමෙන් බව ඔබ ඔහුගේ ජනයාට අවබෝධ කර දෙයි. ඔවුන්ට සමාව ලබාගත හැක්කේ අපේ දෙවිගේ අතිමහත් දයානුකම්පාව නිසයි. දෙවිගෙන් ලැබෙන මේ දයානුකම්පාව අලුත් දිනක් උදා වන විට හිරුගෙන් නැඟෙන ආලෝකය වගෙයි. ප්‍රතිඵලයක් ලෙස අන්ධකාරයෙහි හා මරණ සෙවණෙහි සිටින අය එළිය දකියි. එලෙසම අපටත් සමාදානය නමැති මඟ දිගේ ඉදිරියටම ගමන් කිරීමට අවස්ථාව උදා වෙයි.” (ලූක් 1:76-79) සෙකරියා පැවසූ ඒ අනාවැකිය මොන තරම් දිරිගැන්වීමක්ද!

මේ වෙද්දී මරියා ඉන්නේ නාසරෙත්වල ඇගේ නිවසේ. තවමත් විවාහ වෙලා නැති ඇය ගැබ්ගෙන තියෙනවා කියලා වැඩි දවසක් යන්න කලින් අනිත් අයට දැනගන්න ලැබෙයි.

  • යොහන් සහ යේසුස් අතර වයස් පරතරය කීයද?

  • යොහන් ඉපදිලා අටවෙනි දවසේදී සිද්ධ වුණේ මොනවාද?

  • යොහන්ට දෙවිගෙන් ලැබෙන්නේ මොන වගේ පැවරුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න