ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 21 පරි. 56 පි.-57 පි. 6 ¶
  • නාසරෙත්වල සිනගෝගයේදී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නාසරෙත්වල සිනගෝගයේදී
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ ගමේ සිනගෝගයේදී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යායිරස්ගේ නිවසේ සිට යළි නාසරෙත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සිනගෝගය කියන්නේ කුමක්ද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 21 පරි. 56 පි.-57 පි. 6 ¶
යේසුස් සිනගෝගයේ සිටගෙන යෙසායාගේ ලියවිල්ල කියවයි

21වෙනි පරිච්ඡේදය

නාසරෙත්වල සිනගෝගයේදී

ලූක් 4:16-31

  • යේසුස් යෙසායාගේ ලියවිල්ලෙන් කියවයි

  • නාසරෙත්වල මිනිසුන් යේසුස්ව මරන්න උත්සාහ කරයි

අවුරුද්දකට විතර කලින් යේසුස් බව්තීස්ම වෙන්න යොහන් ළඟට යන්න කලින් නාසරෙත්වල අය ඔහුව දැනගෙන හිටියේ වඩුවෙක් විදිහට. ඒත් දැන් මිනිසුන් ඔහුව හඳුන්වන්නේ බලවත් ක්‍රියා කරන කෙනෙක් විදිහට. ඒ නිසා නාසරෙත්වලට ඇවිත් ඉන්න යේසුස් බලවත් ක්‍රියාවන් කරන කල් හැමෝම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.

සුපුරුදු විදිහට යේසුස් සිනගෝගයට ඇතුල් වෙද්දී ඔහුගේ බලවත් ක්‍රියාවන් දකින්න මිනිසුන්ට තියෙන ආශාව තවත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ‘සිනගෝගවල හැම සබත් දවසකම’ සිද්ධ වෙන නමස්කාර වැඩසටහනට යාච්ඤාවක් සහ මෝසෙස් ලියපු පොත්වලින් හරි අනාවැකි පොත්වලින් හරි කොටසක් කියවන එක ඇතුළත් වෙනවා. (ක්‍රියා 15:21) යේසුස් ශුද්ධ ලියවිල්ලෙන් කොටසක් කියවන්න නැඟිටිද්දී එතැනට ඇවිත් ඉන්න දන්නා හඳුනන හුඟදෙනෙක්ව ඔහු දකින්න ඇති. අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ඔහු අතට දුන්නාම ඔහු එය දිගහැර දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා ගැන සඳහන් කොටස හොයාගන්නවා. ඒ කොටස යෙසායා 61:1, 2 පදවල දැකගන්න පුළුවන්.

වහලුන්ට නිදහස ප්‍රකාශ කරන්නත් සිරකරුවන්ගේ ඇස් පාදන්නත් යෙහෝවා දෙවියන් කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්නත් අභිෂේක ලැබූ කෙනාට තියෙන කාර්යභාරය ගැන යේසුස් කියවනවා. ඊටපස්සේ ඔහු ශුද්ධ ලියවිල්ල නැවතත් භාර දීලා ඉඳගන්නවා. රැස් වෙලා ඉන්න හැමෝම දැන් යේසුස් දිහා බලන් ඉන්නේ පුදුම උනන්දුවකින්. ඔවුන් එක්ක ටිකක් කතා කරන යේසුස් “ශුද්ධ ලියවිල්ලෙන් ඔබට ඇහෙන්න කියෙවූ එම කොටස ඔබේ ඇස් ඉදිරිපිටම දැන් ඉටු වෙනවා” කියා පවසනවා.—ලූක් 4:21.

“ඔහු පැවසූ සිත්ගන්නා දේවල් ගැන” පුදුම වෙන මිනිසුන් “මොහු යෝසෙප්ගේ පුතෙක් නේද” කියා එකිනෙකා අතරේ කතා වෙනවා. කොහොමවුණත් තමන් බලවත් ක්‍රියාවක් කරනවා දකින්න මිනිසුන් ආශාවෙන් ඉන්න බව තේරුම්ගන්නා යේසුස් ඔවුන්ට පවසන්නේ මෙයයි. “‘වෛද්‍යතුමනි, ඔබවම සුව කරගන්න’ යන කියමන ඔබත් අසා ඇති. සමහරවිට ඔබ එය මට අදාළ කර, ‘කපර්ණවුමෙහි ඔබ කළා කියා අපට ආරංචි වූ දේවල් ඇයි ඔබේම ගම් පළාතෙත් කරන්නේ නැත්තේ’ කියා ඔබ සිතනවා ඇති.” (ලූක් 4:22, 23) තමන් හැදී වැඩුණු ගමේ අයගේ යහපත ගැන හිතලා යේසුස්ට මුලින්ම ඒ අයව සුව කරන්න තිබුණා කියලා ගමේ ඉන්න අය හිතන්න ඇති. යේසුස් එහෙම කරපු නැති එක තමන්ට කරපු මදිපුංචිකමක් කියලත් ඔවුන් හිතන්න ඇති.

ඒ අය හිතන විදිහ තේරුම්ගන්නා යේසුස් අතීතයේදී ඊශ්‍රායෙල් දේශයේ වුණු සිද්ධීන් කිහිපයක් ගැන මතක් කරනවා. ඊශ්‍රායෙල් දේශයේ වැන්දඹුවන් බොහෝදෙනෙක් හිටියත් එලියා ගියේ සීදොන් දේශයේ සාරෆෙත් නුවරේ හිටිය වැන්දඹුවගේ නිවසට කියලා ඔහු පැවසුවා. එහෙදී එලියා බලවත් ක්‍රියාවක් කරපු නිසා ඒ අයගේ ජීවිත ගැලවුණා. (1 රාජාවලිය 17:8-16) ඒ වගේම ඊශ්‍රායෙල් දේශයේ ඕන තරම් ලාදුරු රෝගීන් හිටියත් එලිෂා සුව කළේ සිරියාවේ හිටිය නාමන්ව විතරයි කියලත් ඔහු පැවසුවා.—2 රාජාවලිය 5:1, 8-14.

සිනගෝගයේ හිටිය අය කන්දේ කෙළවරට යේසුස්ව අරන් යනවා

යේසුස්ගේ ගමේ හිටිය අයට ඒ දේවල් ඇහුණාම කොහොම හැඟෙන්න ඇද්ද! ඔහු ඒ දේවල් මතක් කරන්නේ තමන් ආත්මාර්ථකාමී, විශ්වාසයක් නැති සෙනඟක් හැටියට හඳුන්වන්නයි කියලා ඔවුන්ට හිතෙන්න ඇති. ඒ වෙලාවේ සිනගෝගයේ හිටපු හැමෝටම කේන්ති යනවා. ඔවුන් ඉක්මනින්ම යේසුස්ව නුවරින් පිටතට අරන් ගිහින් ඒ නුවර ගොඩනඟලා තිබුණු කන්දේ කෙළවරින් ඔහුව පහතට තල්ලු කරන්න හදන්නේ ඒ නිසයි. ඒත් යේසුස් කොහොමහරි සෙනඟ අතරින් බේරිලා යනවා. ඔහු දැන් යන්නේ ගලීල මුහුදේ වයඹ වෙරළ තීරයට ආසන්නයේ පිහිටි කපර්ණවුම දෙසට.

  • යේසුස් තමන් හැදී වැඩුණු නාසරෙත්වලට එද්දී හැමෝම නොඉවසිල්ලෙන් හිටියේ ඇයි?

  • යේසුස් පවසපු දේවල් ගැන සිනගෝගයේ ඉන්න අයට හැඟුණේ කොහොමද? ඔවුන්ට කේන්ති ගියේ ඇයි?

  • නාසරෙත්වල ඉන්න අය යේසුස්ට කරන්න හැදුවේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න