ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 48 පරි. 120 පි.-121 පි. 8 ¶
  • නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යායිරස්ගේ නිවසේ සිට යළි නාසරෙත් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • නාසරෙත්වල සිනගෝගයේදී
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 48 පරි. 120 පි.-121 පි. 8 ¶
යේසුස් යායිරස්ගේ නිවසෙන් පිටත් වෙද්දී සෙනඟ ඔහු පසුපසින් යයි

48වෙනි පරිච්ඡේදය

නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි

මතෙව් 9:27-34; 13:54-58 මාක් 6:1-6

  • යේසුස් අන්ධ අයවත් බිහිරි අයවත් සුව කරයි

  • නාසරෙත්වල මිනිසුන් යේසුස්ව පිළි නොගනියි

දෙකපොලිසයේ ඉඳන් ආපු යේසුස් ගත කරන්නේ කාර්යබහුල දවසක්. ලේ ගලන රෝගයක් වැලඳී තිබුණු ස්ත්‍රියක්ව ඔහු සුව කළා. යායිරස්ගේ දුවව නැවත නැඟිටෙව්වා. දැන් ඔහු යායිරස්ගේ නිවසෙන් පිට වෙලා යද්දී අන්ධ මිනිසුන් දෙන්නෙක් ඔහු පසුපසින් ඇවිත් “දාවිත්ගේ පුත්‍රය, අපට අනුකම්පා කරන්න” කියා මොරගසනවා.—මතෙව් 9:27.

ඒ මිනිසුන් යේසුස්ව “දාවිත්ගේ පුත්‍රය” කියා අමතන්නේ යේසුස් දාවිත්ගේ සිංහාසනයට උරුමකම් කියන මෙසියස් කියලා ඔවුන් දන්න නිසයි. ඒත් ඔවුන් මොරගසමින් යේසුස් පසුපසින් එද්දී ඔහු ඒක ඇහුණේ නැති ගානට ඉන්නවා. ඔහු එහෙම කරන්නේ ඔවුන් උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම එයිද කියලා දැනගන්න වෙන්න ඇති. යේසුස් නිවසකට ඇතුල් වෙද්දී ඒ දෙන්නාත් නිවසට ඇතුල් වෙනවා. “මට මේ දේ කළ හැකි බව ඔබට විශ්වාසද” කියා යේසුස් අහද්දී ඔවුන් ලොකු නිසැකකමකින් පවසන්නේ “ඔව්, ස්වාමීනි” කියලයි. ඒ නිසා යේසුස් ඔවුන්ගේ ඇස් ස්පර්ශ කරලා “ඔබේ විශ්වාසය නිසා ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු වෙයි” කියා පවසනවා.—මතෙව් 9:28, 29.

ඒ මොහොතේම ඔවුන්ට පෙනීම ලැබෙනවා. සුවය ලබපු විදිහ ගැන අනිත් අයට කියන්න එපා කියලා යේසුස් මේ දෙන්නාටත් කියනවා. ඒත් ඔවුන් ඒ ආරංචිය මුළු පළාත පුරාම පතුරුවනවා.

දැන් මිනිසුන්, භූතයෙක් ආවේශ වුණු ගොළු මිනිසෙක්ව යේසුස් ළඟට අරන් එනවා. යේසුස් භූතයාව දුරු කළාම ඒ මිනිසා කතා කරන්න පටන්ගන්නවා. ඒ ගැන පුදුම වෙන මිනිසුන් “කිසිම දවසක ඊශ්‍රායෙලයේ මේ වගේ දෙයක් නම් දැක තිබුණේ නැහැ” කියා කතා වෙනවා. එතැන ඉන්න පරිසිවරුනුත් ඒ ආශ්චර්යය දකිනවා. ඒක පිළි නොගන්න ඔවුන්ට කිසිම හේතුවක් නැහැ. ඒ නිසා තමයි ඔවුන් මේ වතාවෙත් යේසුස්ට චෝදනා කරමින් “ඔහු භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා ඔහුට උදව් කරන නිසයි” කියා පවසන්නේ.—මතෙව් 9:33, 34.

ඒ සිද්ධියෙන් පස්සේ යේසුස් ආපහු ඔහු හැදී වැඩුණු නාසරෙත් නුවරට යනවා. ඔහු යන්නේ ගෝලයන් එක්ක. මීට අවුරුද්දකට විතර කලිනුත් යේසුස් නාසරෙත්වල සිනගෝගයේ උගන්වලා තිබුණා. ඒ වතාවේදී යේසුස් උගන්වපු දේවල් ගැන මිනිසුන් හුඟක් පුදුම වුණත් ඔහු කියපු සමහර දේවල් ගැන කෝප වුණු අය ඔහුව මරන්න හැදුවා. යේසුස් මේ වතාවෙත් එහෙට යන්නේ මිනිසුන්ට උදව් කරන්නයි.

සබත් දවසේදී ඔහු සිනගෝගයට යනවා. එහෙදී ඔහු උගන්වන දේවල් ගැන සමහර අය මොන තරම් පුදුම වෙනවාද කියනවා නම් ඔවුන් මෙහෙම කතා වෙනවා. “මේ මිනිසාට මෙතරම් ප්‍රඥාවක් හා බලවත් ක්‍රියා කිරීමට තරම් බලයක් ලැබුණේ කොහෙන්ද? ඔහු වඩුවෙක්ගේ පුතෙක් නේද? ඔහුගේ මව මරියා නේද? ඔහුගේ සහෝදරයන් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නේද? ඔහුගේ සියලු සහෝදරියන්ද අප සමඟ සිටිනවා නේද? එසේනම් මේ මිනිසාට මේ සියල්ල ලැබුණේ කොහෙන්ද?”—මතෙව් 13:54-56.

මිනිසුන් හිතන්නේ යේසුස් සාමාන්‍ය මිනිසෙක් කියලයි. ‘කොලුගැටයා කාලේ ඉඳලා අපි දන්න මොහු කොහොමද මෙසියස් වෙන්නේ’ කියා ඔවුන් කතා වෙනවා. යේසුස්ට මොන තරම් ප්‍රඥාවක් සහ බලයක් තියෙනවාද කියලා පැහැදිලිව දකින්න තියෙද්දීත් ඔවුන් යේසුස්ව පිළිගන්නේ නැහැ. කුඩා කාලයේ ඉඳන් යේසුස්ව දැනගෙන හිටිය පවුලේ අයවත් ඔහුව පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි “අනාගතවක්තෘවරයෙකුට ගෞරවය නොලැබෙන්නේ තමාගේම ගමේදීත් තමාගේම ගෙදරදීත් පමණයි” කියලා යේසුස් කියන්නේ.—මතෙව් 13:57.

ඔවුන් තුළ විශ්වාසයක් නැති එක ගැන යේසුස් පුදුම වෙනවා. ‘ලෙඩින් සිටි කිහිපදෙනෙකු මත තම අත් තබා ඔවුන්ව සුව කළත්’ ඊට අමතරව ඔහු වෙන කිසිම බලවත් ක්‍රියාවක් එහෙදී කරන්නේ නැහැ.—මාක් 6:5, 6.

  • අන්ධ මිනිසුන් යේසුස්ට “දාවිත්ගේ පුත්‍රය” කියලා කිව්වේ ඇයි?

  • යේසුස් කරන ආශ්චර්යයන් ගැන පරිසිවරුන් ආයෙත් වතාවක් චෝදනා කළේ මොනවා කියලද?

  • නාසරෙත්වලදී යේසුස්ට ලැබුණේ මොන වගේ පිළිගැනීමක්ද? ඒ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න