ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 22 පරි. 58 පි.-59 පි. 6 ¶
  • යේසුස් ගෝලයන් හතරදෙනෙක්ට ආරාධනා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් ගෝලයන් හතරදෙනෙක්ට ආරාධනා කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ගෝලයන් සතරදෙනෙකුව කැඳවීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 22 පරි. 58 පි.-59 පි. 6 ¶
ගලීල මුහුදු වෙරළේදී පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් එක්ක යේසුස් කතා කරයි

22වෙනි පරිච්ඡේදය

යේසුස් ගෝලයන් හතරදෙනෙක්ට ආරාධනා කරයි

මතෙව් 4:13-22 මාක් 1:16-20 ලූක් 5:1-11

  • දිගටම තමන් පසුපස එන්න කියලා යේසුස් ගෝලයන්ට කියයි

  • මසුන් අල්ලන්නන් මිනිසුන් අල්ලන්නන් වෙයි

නාසරෙත්වල මිනිසුන් යේසුස්ව මරන්න හදපු සිද්ධියෙන් පස්සේ යේසුස් ගලීල මුහුද ඒ කියන්නේ “ගෙනසරෙත් විල” ළඟ පිහිටි කපර්ණවුමට යනවා. (ලූක් 5:1) යේසුස් මේ පළාතට යන නිසා ගලීල දේශයේ අය මහත් ආලෝකයක් දකිනවා කියලා යෙසායා කියපු අනාවැකිය ඉටු වෙනවා.—යෙසායා 9:1, 2.

යේසුස් ගලීලයෙත් දේශනා කරන්නේ “ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියන පණිවිඩයයි. (මතෙව් 4:17) මෙහෙදී යේසුස්ට ගෝලයන් හතරදෙනෙක්ව මුණගැහෙනවා. ඒ අය කලින් යේසුස් එක්ක හිටියත්, යුදයේ ඉඳලා ගලීලයට ආවාට පස්සේ ඔවුන් ආපහු තමන්ගේ සුපුරුදු රැකියාවල නියැලුණා. (යොහන් 1:35-42) හැබැයි දැන් ඔවුන් යේසුස් එක්ක ඉන්න ඕන කාලය ඇවිත්. මොකද යේසුස්ගෙන් පස්සේ ශුභාරංචිය දේශනා කරන කාර්යය භාරගන්න ඉන්නේ ඔවුන් නිසා ඒක කරන්න ඔවුන්ට යේසුස්ගෙන් පුහුණුවක් ඕනේ.

යේසුස් වෙරළ දිගේ ඇවිදගෙන යද්දී සීමොන් පේතෘස්, ඔහුගේ සහෝදරයා වුණු අන්දෘ සහ තවත් අය ඔවුන්ගේ දැල් පිරිසිදු කරමින් ඉන්නවා යේසුස් දකිනවා. ඒ වෙනකොට එතැන විශාල සෙනඟක් එක් රොක් වෙලයි ඉන්නේ. ඒ නිසා පේතෘස්ගේ ඔරුවට නඟින යේසුස් ඒ ඔරුව ගොඩින් ටිකක් ඈතට ගෙනියන්න කියලා පවසනවා. ඊටපස්සේ ඔහු ඔරුවේ ඉඳගෙන, ඇවිත් ඉන්න සෙනඟට දෙවිගේ රාජ්‍යය ගැන උගන්වන්න පටන්ගන්නවා.

සෙනඟට උගන්වලා ඉවර වුණාට පස්සේ “දැන් දියඹට ගොස් දැල් හෙළන්න” කියලා ඔහු පේතෘස්ට කියනවා. එතකොට පේතෘස් කියන්නේ මෙහෙමයි. “ගුරුතුමනි, රෑ තිස්සේම මාළු අල්ලන්න ගිය අපට එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වුණා. ඒත් ඔබ කියන නිසා මම දැල් හෙළන්නම්.”—ලූක් 5:4, 5.

අන්දෘ, යාකොබ් සහ යොහන් දැල් බෝට්ටුවට ගන්න වෙහෙසෙයි; පේතෘස් යේසුස් ඉදිරියේ වැඳ වැටෙයි

ඒ අය දැල් හෙළුවාම දැල් ඉරෙන තරමටම මසුන් රාශියක් අහු වෙනවා. ඒ නිසා තමයි ඔවුන් අනිත් ඔරුවේ හිටපු හවුල්කරුවන්ගෙනුත් උදව් ඉල්ලන්නේ. ඔරු දෙක මසුන්ගෙන් පිරෙව්වාම මසුන්ගේ බරට ඔරු දෙකම ගිලෙන්න පටන්ගන්නවා. ඒ වෙලාවේ පේතෘස්, යේසුස් ඉදිරියේ වැටිලා “ස්වාමීනි, මම පව්කාරයෙක්. ඔබ ළඟ සිටින්න තරම්වත් මම වටින කෙනෙක් නෙවෙයි” කියා පවසනවා. ඒත් යේසුස් ඔහුට කියන්නේ “භය වෙන්න එපා. මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්ව” කියායි.—ලූක් 5:8, 10.

පේතෘස්ටයි අන්දෘටයි යේසුස් මෙහෙම කියනවා. “මා පසුපස එන්න. මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරනවා.” (මතෙව් 4:19) සෙබදීගේ පුතුන් දෙදෙනා වන යාකොබ්ටත් යොහන්ටත් යේසුස් කතා කළාම ඒ දෙන්නත් ඒ මොහොතේම යේසුස් එක්ක එකතු වෙනවා. මේ හතරදෙනාම තමන්ගේ ධීවර රැකියාව අත්හැරලා දිගටම යේසුස්ගේ ගෝලයන් විදිහට කටයුතු කරන්න පටන්ගන්නවා.

  • දිගටම තමන්ගේ ගෝලයන් විදිහට කටයුතු කරන්න යේසුස් තෝරගත්තේ මොන වගේ අයවද? ඒ අය කවුද?

  • පේතෘස් බය වුණේ යේසුස් කරපු මොන ආශ්චර්යය දැකලාද?

  • යේසුස්ගේ ගෝලයන් හතරදෙනා මසුන් අල්ලනවා වෙනුවට පටන්ගත්තේ මොනවා කරන්නද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න