ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 92 පාඩම 214 පි.-215 පි. 1 ¶
  • යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ගලීල මුහුදු වෙරළේ
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ගලීල මුහුද අසල
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • බිය සැක දුරු කරගන්න වෙර දැරූ කෙනෙක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 92 පාඩම 214 පි.-215 පි. 1 ¶
යේසුස් ගෝලයන්ට කතා කරමින්

92වෙනි පාඩම

යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි

ටික දවසකට පස්සේ පේතෘස් ගලීල මුහුදේ මාළු අල්ලන්න ගියා. තෝමස්, යාකොබ්, යොහන් එක්ක තව ගෝලයෝ ටිකදෙනෙකුත් පේතෘස් එක්ක ගියා. මුළු රෑම දැල එලාගෙන හිටියත් එයාලට මාළු අහු වුණේ නැහැ.

පහුවෙනිදා උදෙන්ම එයාලා දැක්කා කෙනෙක් වෙරළේ ඉන්නවා. ඒ කෙනා එයාලාගෙන් ඇහුවා ‘ඔයාලා මාළු ඇල්ලුවාද’ කියලා. “නැහැ” කියලා ගෝලයෝ කිව්වාම ඒ කෙනා කිව්වා “බෝට්ටුවේ දකුණු පැත්තෙන් දැල දාන්න” කියලා. එහෙම කළාම එයාලට දැල ඇදගන්නත් බැරි තරමටම මාළු අහු වුණා. “ඒ අපේ ස්වාමීන්” කියලා යොහන් කිව්වාම පේතෘස් වතුරට පැනලා වෙරළට පීනගෙන ගියා. අනිත් අය බෝට්ටුවේම ආවා.

වෙරළට ආවාම එයාලා දැක්කා රත් කරපු අඟුරු උඩ මාළුත් ඒ ළඟම රොටිත් තියෙනවා. යේසුස් එයාලට කිව්වා අල්ලපු මාළු ටිකකුත් අරගෙන එන්න කියලා. ඊටපස්සේ කෑම කන්න එන්න කියලා එයාලට කතා කළා.

පේතෘස් යේසුස් ළඟට දුවගෙන යද්දී අනිත් ගෝලයන් ඒ පැත්තට බෝට්ටුවෙන් එමින්

කෑවාට පස්සේ යේසුස් පේතෘස්ගෙන් ඇහුවා ‘මාළු අල්ලන එකට වඩා ඔයා මට ආදරෙයිද’ කියලා. එතකොට පේතෘස් කිව්වා ‘ඔව් ස්වාමීනි, ඔයා ඒක දන්නවානේ’ කියලා. “මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න” කියලා යේසුස් කිව්වා. යේසුස් ආයෙත් ‘ඔයා මට ආදරෙයිද’ කියලා පේතෘස්ගෙන් ඇහුවාම ‘ඔව් ස්වාමීනි, මං ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවානේ’ කියලා එයා කිව්වා. එතකොට යේසුස් කිව්වා “මගේ බැටළු පැටව් ටික බලාගන්න” කියලා. තුන්වෙනි පාරත් ඒකම ඇහුවාම පේතෘස්ට ගොඩක් දුක හිතුණා. ‘ස්වාමීනි, මගේ හිතේ ඔයා ගැන කොයි තරම් ආදරයක් තියෙනවාද කියලා ඔයා දන්නවානේ’ කියලා පේතෘස් කිව්වාම යේසුස් මෙහෙම කිව්වා. ‘මගේ බැටළු පැටව් ටික පෝෂණය කරන්න. දිගටම මාව අනුගමනය කරන්න.’

“යේසුස් එයාලට මෙහෙම කිව්වා. ‘මගේ පිටිපස්සෙන් එන්න. මම ඔයාලව මිනිසුන් අල්ලන්නන් කරනවා.’ එයාලා ඒ වෙලාවෙම දැල් පැත්තකින් තියලා ඔහුගේ පිටිපස්සෙන් ගියා.”—මතෙව් 4:19, 20

ප්‍රශ්න: මාළු අල්ලපු අය වෙනුවෙන් යේසුස් කරපු ආශ්චර්යය මොකක්ද? ‘ඔයා මට ආදරෙයිද’ කියලා යේසුස් තුන් පාරක්ම පේතෘස්ගෙන් අහන්න ඇත්තේ ඇයි?

යොහන් 21:1-19, 25; ක්‍රියා 1:1-3

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න