ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 136 පරි. 308 පි.-309 පි. 10 ¶
  • ගලීල මුහුදු වෙරළේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගලීල මුහුදු වෙරළේ
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ගලීල මුහුද අසල
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් මුහුදු වෙරළේදී ගෝලයන්ව හම්බ වෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • බිය සැක දුරු කරගැනීමට වෑයම් දැරූ කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 136 පරි. 308 පි.-309 පි. 10 ¶
පේතෘස් වෙරළේ සිටින යේසුස් ළඟට එන අතරේ අනිත් නියෝජිතයන් මදක් පිටුපසින් ඔරුව පදවාගෙන වෙරළට එයි

136වෙනි පරිච්ඡේදය

ගලීල මුහුදු වෙරළේ

යොහන් 21:1-25

  • ගලීල මුහුදු වෙරළේදී යේසුස්ව හමු වෙයි

  • බැටළුවන්ව පෝෂණය කරන්න කියා පවසයි

යේසුස් මිය යන්න කලින් නියෝජිතයන් එක්ක හිටිය අන්තිම දවසේදී කිව්වා “මාව මරණයෙන් නැඟිටුවනු ලැබූ පසු ඔබට කලින් මම ගලීලයට යනවා” කියලා. (මතෙව් 26:32; 28:7, 10) ඒ නිසා අනුගාමිකයන් හුඟදෙනෙක් දැන් ගලීලයට යනවා. ඔවුන් ගිහින් මොනවා කරයිද?

“මම යනවා මාළු අල්ලන්න” කියලා පේතෘස් නියෝජිතයන් හයදෙනෙක්ට කිව්වාම “අපිත් ඔබ සමඟ එනවා” කියලා ඔවුන් කියනවා. (යොහන් 21:3) මුළු රැයක්ම වෙහෙසුණත් ඔවුන්ට එක මාළුවෙක්වත් අහු වෙන්නේ නැහැ. එළිය වැටීගෙන එද්දී යේසුස් මුහුදු වෙරළට එනවා. හැබැයි ඔවුන් යේසුස්ව හඳුනාගන්නේ නැහැ. “දරුවෙනි, ඔබට කන්න මුකුත් නැහැ නේද” කියලා ඔහු අහද්දී “නැහැ” කියලයි ඔවුන් කියන්නේ. ඒ නිසා යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න. එවිට ඔබට මාළු ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි.” (යොහන් 21:5, 6) එහෙම කළාම දැල ඇදගන්න බැරි තරමටම මාළු අහු වෙනවා.

ඒ වෙලාවේ යොහන් පේතෘස්ට කියනවා “ඒ අපේ ස්වාමීන්” කියලා. (යොහන් 21:7) එතකොටම සිරුර වැහෙන්න ඇඳුමක් දාගන්න පේතෘස් වතුරට පැනලා මීටර් 90ක් විතර දුරක් පීනගෙන යේසුස් ළඟට යනවා. අනිත් අය මාළු දැලත් ඇදගෙන ඔරුවෙන් එනවා.

වෙරළට ආවාම දැල්වෙන අඟුරු උඩ තියෙන මාළු සහ රොටි ඔවුන් දකිනවා. යේසුස් කියන්නේ “ඔබ දැන් ඇල්ලූ මාළුන් කිහිපදෙනෙක්ව රැගෙන එන්න” කියලයි. ඒ නිසා පේතෘස් මාළු 153ක් ඉන්න දැල ගොඩට අදිනවා. යේසුස් ඔවුන්ට කියනවා “කෑම ටිකක් කමු” කියලා. මේ යේසුස් කියලා දන්න නිසා “ඔබ කවුද” කියලා අහන්න ගෝලයන්ට ධෛර්යයක් නැහැ. (යොහන් 21:9-12) ගෝලයන් කණ්ඩායමක් විදිහට ඉද්දී යේසුස් ඔවුන් ඉදිරියට ආපු තුන්වෙනි වතාව මේකයි.

යේසුස් හැමෝටම රොටි සහ මාළු දෙනවා. ඔහු දැන් පේතෘස්ගෙන් අහනවා “යොහන්ගේ පුත් සීමොන්, මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද” කියලා. සමහරවිට යේසුස් ඒ දේ ඇහුවේ දැලේ ඉන්න මාළු දිහා බලලා වෙන්න ඇති. යේසුස් පවරපු වැඩේට වඩා පේතෘස් මාළු අල්ලන වැඩේට ඇලුම් කරනවා ඇද්ද? පේතෘස් පිළිතුරු දෙන්නේ “ඔව් ස්වාමීනි! මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තිබෙනවාද කියා ඔබ දන්නවා” කියලයි. එතකොට යේසුස් කියනවා “මගේ බැටළු පැටවුන්ව පෝෂණය කරන්න” කියලා.—යොහන් 21:15.

යේසුස් ආපහු අහනවා “යොහන්ගේ පුත් සීමොන්, ඔබ මට ප්‍රේම කරනවාද” කියලා. “ඔව් ස්වාමීනි! මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තිබෙනවාද කියා ඔබ දන්නවා” කියලා ඔහු කියනවා. යේසුස් ආයෙත් කියන්නේ “මගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න” කියලයි.—යොහන් 21:16.

“යොහන්ගේ පුත් සීමොන්, ඔබට මා ගැන ආදරයක් තිබෙනවාද” කියලා තුන්වෙනි වතාවටත් යේසුස් අහනවා. පේතෘස්ට හිතෙන්න ඇති තමන්ට යේසුස් ගැන තියෙන ආදරය ඔහු සැක කරනවාද කියලා. ඔහු දුකින් කියන්නේ “ස්වාමීනි, ඔබ සෑම දෙයක්ම දන්නවා. මගේ හිතේ ඔබ ගැන කොයි තරම් ආදරයක් තිබෙනවාද කියාත් ඔබ දන්නවා” කියලයි. “මගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න” කියලා යේසුස් ආයෙත් කියනවා. (යොහන් 21:17) ඔව්, පෙරමුණ අරන් වැඩ කරන අය දෙවිගේ රැළට එකතු වෙන අය වෙනුවෙන් සේවය කරන්න ඕනේ.

දෙවියන් පවරපු කාර්යය ඉටු කරපු යේසුස්ට අන්තිමේදී මරණය අද්දකින්න සිද්ධ වුණා. පේතෘස්ටත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වෙනවා කියලා යේසුස් මෙහෙම පැහැදිලි කරනවා. “ඔබ තරුණයෙක්ව සිටියදී ඔබ කැමති ආකාරයට ඇඳුම් ඇඳගෙන ඔබ කැමති තැන්වල ඇවිදින්න ගියා. නමුත් ඔබ මහලු වන විට වෙන කෙනෙක් ඔබට අත් දිගහරින්න කියා පවසමින් ඔබට ඇඳුම් අන්දවා ඔබ යන්න කැමති නැති තැනකට ඔබව ගෙන යයි.” ඒත් යේසුස් ඔහුව දිරිගන්වන්නේ “දිගටම මාව අනුගමනය කරන්න” කියලයි.—යොහන් 21:18, 19.

පේතෘස් යොහන්ව දැක්කාම “ස්වාමීනි, මේ මිනිසාට මොනව වෙයිද” කියලා අහනවා. යේසුස් කියන්නේ “ඔබ ඒ ගැන කරදර වෙන්න එපා. සමහරවිට මා එන තුරු ඔහුට ඉන්න සිදු වෙයි” කියලයි. (යොහන් 21:21-23) අනිත් අයට වෙන දේ ගැන හිතනවා වෙනුවට පේතෘස් කරන්න ඕනෙ දිගටම යේසුස්ව අනුගමනය කරන එකයි. යේසුස් කියන්නේ අනිත් නියෝජිතයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබෙන යොහන්ට යේසුස් රජ වෙලා ඉන්න විදිහ දර්ශනයකින් දැකගන්න ලැබෙනවා කියලයි.

ඇත්තටම යේසුස් කරපු තවත් හුඟක් දේවල් තියෙනවා. හැබැයි ඒවා ලියවිලිවල වාර්තා කරලා ඉවර කරන්න බැහැ.

  • ගලීලයට ගිහින් කරන්න ඕන දේ ගැන ගෝලයන් හරියටම දැනගෙන හිටියේ නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?

  • ගලීල මුහුදේදී නියෝජිතයන් යේසුස්ව හඳුනාගත්තේ කොහොමද?

  • පෙරමුණ අරන් වැඩ කරන අය කරන්න ඕනෙ මොනවාද?

  • පේතෘස් මිය යන විදිහ ගැන යේසුස් කිව්වේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න