ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 23 පරි. 60 පි.-61 පි. 5 ¶
  • යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • කපර්ණවුමේදී තවත් ප්‍රාතිහාර්යයන්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සිනගෝගය කියන්නේ කුමක්ද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 23 පරි. 60 පි.-61 පි. 5 ¶
පේතෘස්ගේ ගෙදර රැස්ව සිටි රෝගීන්ව යේසුස්ව සුව කරයි

23වෙනි පරිච්ඡේදය

යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි

මතෙව් 8:14-17 මාක් 1:21-34 ලූක් 4:31-41

  • යේසුස් භූතයෙක්ව දුරු කරයි

  • පේතෘස්ගේ නැන්දම්මාව සුව කරයි

මසුන් අල්ලනවා වෙනුවට මිනිසුන්ව අල්ලන්න එන්න කියලා යේසුස් මේ වෙනකොටත් පේතෘස්ට, අන්දෘට, යාකොබ්ට සහ යොහන්ට ආරාධනා කරලයි තියෙන්නේ. සබත් දවසේදී මේ හැමෝම කපර්ණවුමේ තියෙන සිනගෝගයකට යනවා. එහෙදී යේසුස් උගන්වන දේවල් අහගෙන ඉන්න මිනිසුන් ඔහු උගන්වන විදිහ ගැන බලන් ඉන්නේ මහත් පුදුමයකින්. මොකද නීතිය පිටපත් කරන්නන්ට වඩා වෙනස්ව ඔහු දෙවියන් මත රඳා සිටිමින් උගන්වනවා.

භූතයෙකුගේ ග්‍රහණයට හසු වෙලා ඉන්න කෙනෙක් එකපාරටම සිනගෝගයේ ඉඳන් මෙහෙම කෑගහනවා. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්, ඔබ අපට කරදර කරන්නේ ඇයි? ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා. දෙවිගේ ශුද්ධ තැනැත්තා ඔබයි.” ඒ අවස්ථාවේදී භූතයාට තදින් කතා කරන යේසුස් “නිහඬ වී, ඔහුගෙන් පිට වෙන්න” කියා අණ කරනවා.—මාක් 1:24, 25.

ඒ නිසා මිනිසාව බිම වට්ටවන භූතයා ඔහුව තදින් වෙවුලන්නත් යටිගිරියෙන් කෑගහන්නත් සලස්වලා ‘ඔහුට කිසිම හානියක් කරන්නේ නැතුව’ පිට වෙලා යනවා. (ලූක් 4:35) ඒක දකින මිනිසුන් පුදුමයෙන් මෙහෙම කියනවා. ‘මොකක්ද මේ සිදු වුණේ? ඔහුට මොන තරම් බලයක් තිබෙනවාද! ඔහු අණ කරන විට භූතයන් පවා ඔහුට කීකරු වෙනවා.’ (මාක් 1:27) මේ ආරංචිය මුළු ගලීලය පුරාම පැතිරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.

සිනගෝගයෙන් පිට වෙන යේසුස් සහ ඔහුගේ ගෝලයන් දැන් ගමන් කරන්නේ සීමොන් පේතෘස්ගේ නිවස වෙතටයි. මේ වෙද්දී පේතෘස්ගේ නැන්දම්මා ඉන්නේ අසනීපයෙන්. ඇයට තද උණක් වැලඳිලා. ඇයව සුව කරන්න කියලා හැමෝම යේසුස්ගෙන් ඉල්ලද්දී යේසුස් ඇය ඉන්න තැනට ගිහින් ඇගේ අතින් අල්ලලා නැඟිටින්න උදව් කරනවා. ඒ මොහොතෙම ඇය සුව වෙනවා. ඇය ඉක්මනින්ම යේසුස්ට සහ ඔහුගේ ගෝලයන්ට සංග්‍රහ කරන්න පටන්ගන්නවා. සමහරවිට ඇය ඔවුන්ට කෑම වේලක් පිළියෙල කරන්න ඇති.

හිරු බැහැගෙන යද්දී “තමන් ළඟ සිටි රෝගීන්ව” අරගෙන හුඟක් අය පේතෘස්ගේ ගෙදරට එනවා. පෙනෙන විදිහට ඒ නුවරේ හැමෝම වගේ පේතෘස්ගේ දොරකඩ ළඟට ඇවිත්. ඔවුන් ඇවිත් ඉන්නේ යේසුස්ට කියලා අසනීප සුව කරගන්න. ඒ නිසා තමයි ‘විවිධ රෝග වැලඳී සිටි ඒ සෑම කෙනෙකු පිටම තම අත් තබමින් ඔහු ඔවුන්ව සුව කරන්නේ.’ (ලූක් 4:40) අනාවැකියක සඳහන් වෙලා තියෙන විදිහට යේසුස් බරපතළ අසනීපයන් පවා සුව කරනවා. (යෙසායා 53:4) භූතයන් ආවේශ වුණු අයව සුව කරද්දී “ඔබ දෙවිගේ පුත්‍රයායි” කියා කෑ මොර ගසමින් භූතයන් පිටතට එනවා. (ලූක් 4:41) ක්‍රිස්තුස් කවුද කියලා හඳුනාගෙන ඉන්න භූතයන්ට තදින් කතා කරන යේසුස් ඔවුන්ව නිහඬ කරනවා. යේසුස් එහෙම කරන්නේ භූතයන් සැබෑ දෙවිට සේවය කරනවා කියලා අඟවනවාටවත් ඔහු කැමති නැති නිසයි.

භූතයන් ආවේශ වීම

යම් පුද්ගලයෙක්ට එක භූතයෙක් හරි භූතයන් කිහිපදෙනෙක් හරි ආවේශ වුණොත් ඒ පුද්ගලයාට ඔවුන් හුඟක් වධ දෙනවා. (මතෙව් 17:14-18) හැබැයි භූතයන්ව පුද්ගලයෙක්ගෙන් දුරු කළාම ආයෙත් ඒ පුද්ගලයා යථා තත්වයට පත් වෙනවා. දෙවිගේ බලයේ උපකාරයෙන් භූතයන්ව දුරු කරන්න තමන්ට බලය තියෙනවා කියලා යේසුස් කිහිප වතාවකදීම පෙන්වලා තියෙනවා.—ලූක් 8:39; 11:20.

  • සබත් දවසේ කපර්ණවුමේ සිනගෝගයේදී සිද්ධ වුණේ මොනවාද?

  • සිනගෝගයේ ඉඳන් යේසුස් ගියේ කොහෙටද? එහෙදී ඔහු කළේ මොනවාද?

  • යේසුස් කරපු දේ ආරංචි වුණාම මිනිසුන් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න