ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 24 පරි. 62 පි.-63 පි. 7 ¶
  • ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් පොළොවට පැමිණි හේතුව
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • A7-C යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (1 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • යෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ගැලවුම්කරු මාර්ගයෙන් ඉටු වුණු අනාවැකි
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 24 පරි. 62 පි.-63 පි. 7 ¶
පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් යේසුස්ව සොයාගනියි

24වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි

මතෙව් 4:23-25 මාක් 1:35-39 ලූක් 4:42, 43

  • යේසුස් ගෝලයන් හතරදෙනා එක්ක ගලීලයේ සංචාරය කරයි

  • යේසුස් දේශනා කරන පණිවිඩය සහ ඔහු කරන බලවත් ක්‍රියාවන් ගැන හැමෝම දැනගනියි

ගෝලයන් හතරදෙනා එක්ක කපර්ණවුමට ආව යේසුස්ට ගෙවන්න වුණේ හරිම කාර්යබහුල දවසක්. හැන්දෑ වෙද්දී මිනිසුන් අසනීප අයව සුව කරගන්න හිතාගෙන ඔවුන්ව යේසුස් ළඟට අරන් ආවා. යේසුස්ට ඒ හැටි නිදහසක්වත් ලැබුණේ නැහැ.

හිමිදිරියේ එළිය වැටෙන්නත් කලින් අවදි වෙන යේසුස් පාළු තැනකට යන්නේ පියාණන් එක්ක තනිවම කතා කරන්න හිතාගෙනයි. ඒත් වැඩි වෙලාවක් ඔහුට තනිවම ඉන්න ලැබෙන්නේ නැහැ. යේසුස් තමන් අතරේ නැහැ කියලා “සීමොන් සහ ඔහු සමඟ සිටි අය” තේරුම්ගන්න නිසා ඔවුන් ඉක්මනින්ම යේසුස්ව හොයාගෙන එනවා. යේසුස් නතර වෙලා ඉන්නේ සීමොන්ගේ ඒ කියන්නේ පේතෘස්ගේ නිවසේ නිසා යේසුස්ව හොයන්න ඔහු මුල් වෙන්න ඇති.—මාක් 1:36; ලූක් 4:38.

ඔවුන්ට යේසුස්ව හමු වුණාම “සියලුදෙනාම ඔබව සොයනවා” කියා පේතෘස් පවසනවා. (මාක් 1:37) යේසුස් කරපු දේවල් කපර්ණවුමේ ඉන්න මිනිසුන් හුඟක් අගය කරන නිසා යේසුස් ඔවුන්ගෙන් වෙන් වෙලා යනවාට ඔවුන් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් “ඔහුව නවත්වාගැනීමට උත්සාහ” කරන්නේ. (ලූක් 4:42) ඒත් යේසුස් මේ පොළොවට ආවේ ආශ්චර්යවත් විදිහට රෝගීන්ව සුව කරන්න විතරද? ඔහු තම සේවය මේ පළාතට විතරක් සීමා කරයිද?

පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් එක්ක කතා කරන ගමන් යේසුස් අසල ඇති නුවරක් පෙන්වයි

යේසුස් ගෝලයන්ට කියන මේ දෙයින් ඒ ප්‍රශ්නවලට උත්තර පැහැදිලි වෙනවා. “අපි වෙන තැනකට යමු. අනික් ගම්බද පළාත්වල ඇති නුවරවලත් මට දේශනා කරන්න අවශ්‍යයි. මම ආවේ ඒ කාර්යය සඳහායි.” ඒ විතරක් නෙවෙයි තමන්ව නතර කරගන්න උත්සාහ කරන මිනිසුන්ටත් ඔහු මෙහෙම කියනවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.”—මාක් 1:38; ලූක් 4:43.

යේසුස් එහෙම කියන්නේ ඔහු මේ පොළොවට ආපු මූලිකම හේතු අතරට දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන එකත් ඇතුළත් වුණ නිසයි. ඒ රාජ්‍යයෙන් තමයි ඔහුගේ පියාණන්ගේ නමට වෙලා තියෙන කැළැල ඉවත් කරලා ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම තුරන් කරන්නේ. යේසුස් ආශ්චර්යවත් විදිහට අසනීප සුව කරද්දී ඔහුව එවලා තියෙන්නේ දෙවියන් විසින්මයි කියන එක පැහැදිලි වෙනවා. සියවස් ගණනාවකට කලිනුත් ඒ වගේම දෙයක් වුණා. ඒ කාලයේ ජීවත් වුණු මෝසෙස් බලවත් ක්‍රියා කළෙත් තමන්ව එවලා තියෙන්නේ දෙවියන් විසින්මයි කියන එක ඔප්පු කරන්නයි.—නික්මයාම 4:1-9, 30, 31.

කපර්ණවුමේ හිටිය යේසුස් වෙනත් නුවරවලත් දේශනා කරන්න පිටත් වෙනවා. ඔහු යද්දී පේතෘස් සහ ඔහුගේ සහෝදරයා වුණු අන්දෘ වගේම යොහන් සහ ඔහුගේ සහෝදරයා වුණු යාකොබ් ඔහුත් එක්ක යනවා. ඒ ගෝලයන් හතරදෙනාට තමන්ගේ අනුගාමිකයන් වෙන්න කියලා යේසුස් ආරාධනා කරලා දැන් සතියක්ම ගෙවිලා ඉවරයි.

යේසුස් සහ ඔහුගේ ගෝලයන් හතරදෙනා ගලීලයේ දේශනා කරද්දී හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ‘ඔහු ගැන ආරංචිය මුළු සිරියාව පුරාමත්’ නුවරවල් දහය යන තේරුම ඇති දෙකපොලිසයෙත් යොර්දාන් ගඟ එගොඩ පළාත්වලත් පැතිරෙනවා. (මතෙව් 4:24, 25) ඒ පළාත්වලිනුත් යුදයෙනුත් මහත් ජන සමූහයක් යේසුස් සහ ඔහුගේ ගෝලයන් පසුපස එනවා. හුඟක් අය රෝගීන්ව යේසුස් ළඟට අරන් එන්නේ ඔවුන්ව සුව කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ හැමෝටම කාරුණිකව සලකන යේසුස් අසනීප අයවත් භූතයන් ආවේශ වෙලා ඉන්න අයවත් සුව කරනවා.

  • යේසුස් කපර්ණවුමේ ගත කරපු කාර්යබහුල දවසට පස්සේ දවසේ පාන්දරම සිද්ධ වුණේ මොනවාද?

  • යේසුස් පොළොවට ආවේ ඇයි? ඔහු ආශ්චර්යයන් කළේ ඇයි?

  • යේසුස් ගලීලයට යද්දී ඔහුත් එක්ක එකතු වුණේ කවුද? ගලීලයේදී යේසුස් කරන සේවයට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න