ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 36 පරි. 92 පි.-93 පි. 7 ¶
  • හමුදා නිලධාරියාගේ විශ්වාසය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හමුදා නිලධාරියාගේ විශ්වාසය
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • හමුදා නිලධාරියෙකුගේ මහත් ඇදහිල්ල
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • බයිබලයේ තියෙන අදහස් ගැටෙනවාද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ දැන සිටියාද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කරුණාවන්ත රෝම ශතාධිපතියා
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 36 පරි. 92 පි.-93 පි. 7 ¶
මරණාසන්නව ඉන්න තම සේවකයා දිහා බලන් ඉන්න හමුදා නිලධාරියෙක්; යුදෙව් වැඩිමහල්ලන් යේසුස් එක්ක කතා කරමින්

36වෙනි පරිච්ඡේදය

හමුදා නිලධාරියාගේ විශ්වාසය

මතෙව් 8:5-13 ලූක් 7:1-10

  • හමුදා නිලධාරියෙකුගේ මෙහෙකරුවාව සුව කරයි

  • සැබෑ විශ්වාසයක් ඇති අයට ලැබෙන ආශීර්වාද ගැන කියයි

යුදෙව් වැඩිමහල්ලන් යේසුස් එක්ක කතා කරයි

කන්ද උඩ දේශනයෙන් පස්සේ යේසුස් යන්නේ කපර්ණවුමට. එහේ ඉද්දී යුදෙව් වැඩිමහල්ලන් කිහිපදෙනෙක් යේසුස්ව මුණගැහෙන්න එනවා. ඒ අයව එවලා තියෙන්නේ රෝම හමුදාවේ සියයකින් යුත් කණ්ඩායමක් භාරව ඉන්න නිලධාරියෙක්. ඔහු යුදෙව්වෙක් නම් නෙවෙයි.

ඒ නිලධාරියා හුඟක් ආදරේ කරන සේවකයා අසනීප වෙලා මරණාසන්නවයි ඉන්නේ. ඒ නිසා ඒ නිලධාරියා යේසුස්ගෙන් උදව්වක් ඉල්ලනවා. යේසුස්ව මුණගැහෙන්න එන යුදෙව් වැඩිමහල්ලන්, නිලධාරියාගේ “මෙහෙකරුවා අංශභාග රෝගය නිසා ඔත්පළ වෙලා මහත් සේ දුක් විඳිනවා” කියා යේසුස්ට දැනුම් දෙනවා. (මතෙව් 8:6) ඒ නිලධාරියා ඇත්තටම යේසුස්ගේ කරුණාව ලබන්න වටිනවා කියලා කියන වැඩිමහල්ලන් ඔහු ගැන මෙහෙමත් කියනවා. “ඔහු අපේ ජාතියටත් හුඟක් ආදරෙයි. ඔහු අපිට සිනගෝගයකුත් සාදා දුන්නා.”—ලූක් 7:4, 5.

යේසුස් හමුදා නිලධාරියාගේ නිවස ළඟට යද්දී හමුදා නිලධාරියාගේ සේවකයන් ඇවිත් යේසුස් එක්ක කතා කරයි

යේසුස් දැන් ඒ වැඩිමහල්ලන් එක්ක හමුදා නිලධාරියාගේ නිවසට යනවා. හැබැයි ඔවුන් නිවසට ටිකක් දුරින් ඉද්දී නිලධාරියා ඔහුගේ මිතුරන් මාර්ගයෙන් යේසුස්ට මෙහෙම කියනවා. “මහත්මයාණෙනි, මගේ නිවසටම එන්න කරදර වෙන්න එපා. මන්ද ඔබ වගේ කෙනෙක් මගේ වහල යටට එන්න තරම් මම වටින කෙනෙක් නෙවෙයි. මා ඔබව හමු වෙන්න ආවේ නැත්තෙත් ඒ හේතුව නිසයි.” (ලූක් 7:6, 7) අනිත් අයට අණ දෙන කෙනෙක් වුණත් ඒ නිලධාරියා මොන තරම් නිහතමානීද! මිනිසුන්ට සැරපරුෂ විදිහට සලකන රෝම නිලධාරීන්ට වඩා ඔහු හාත්පසින්ම වෙනස්.—මතෙව් 8:9.

සාමාන්‍යයෙන් යුදෙව්වන් වෙනත් ජාතීන්වල අයත් එක්ක කතාබහ කරන්නේ නැහැ කියලා ඒ නිලධාරියා දැනගෙන ඉන්න ඇති. (ක්‍රියා 10:28) “ඔබ එක වචනයක් කිව්වත් ඇති. එයින්ම මගේ දාසයා සුව වෙයි” කියලා ඔහු තම මිතුරන් අතේ යේසුස්ට පැවසුවේ ඒ නිසා වෙන්න ඇති.—ලූක් 7:7.

ඒ දේ අහලා පුදුම වෙන යේසුස් “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඊශ්‍රායෙල් ජාතියේ කිසිවෙකු තුළවත් මෙතරම් විශ්වාසයක් මා දුටුවේ නැති බවයි” කියා පවසනවා. (ලූක් 7:9) නිලධාරියාගේ මිතුරන් ආපහු නිවසට ගියාම ඔවුන් දකින්නේ අසනීපයෙන් හිටිය සේවකයා සුව වී සිටින ආකාරයයි.

යේසුස් ඒ සේවකයාව සුව කළාට පස්සේ සැබෑ විශ්වාසයක් තියෙන යුදෙව් නොවන අයටත් ලැබෙන්න යන ආශීර්වාද ගැන මෙහෙම කියනවා. “බොහෝ පිරිසක් නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද ඇවිත් ස්වර්ග රාජ්‍යයෙහි ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ එකම මේසයෙහි ඉඳගනියි.” ඒත් සැබෑ විශ්වාසයක් නැති යුදෙව්වන් ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ අයව “පිටත අන්ධකාරයට හෙළාදමනු ලබයි. එහිදී ඔවුන්ට සිදු වන්නේ අඬමින් හා දත්මිටි කමින් කල් ගෙවන්නයි” කියා යේසුස් පවසනවා.—මතෙව් 8:11, 12.

ක්‍රිස්තුස් එක්ක දේවරාජ්‍යයේ පාලකයන් වෙන්න මුලින්ම අවස්ථාව ලැබුණේ යුදෙව්වන්ට. ඒත් ඔවුන් ඒ අවස්ථාව පිළිගන්නේ නැති නිසා ක්‍රිස්තුස් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තමයි ‘ස්වර්ග රාජ්‍යයට’ ඇතුල් වෙලා ක්‍රිස්තුස් එක්ක එකම මේසයේ ඉඳගන්න වෙනත් ජාතීන්ටත් අවස්ථාව ලැබෙන්නේ.

  • හමුදා නිලධාරියාගේ සේවකයාව සුව කරන්න කියලා යුදෙව්වන් ඉල්ලුවේ ඇයි?

  • හමුදා නිලධාරියා යේසුස්ව තමන්ගේ නිවසට ගෙන්වා නොගත්තේ මොන හේතුව නිසා වෙන්න ඇද්ද?

  • යේසුස් සඳහන් කළේ වෙනත් ජාතීන්ට ලැබෙන මොන ආශීර්වාදය ගැනද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න