ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bhs 6 පරි. 62-70 පි.
  • මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැරුණාට පස්සේ මොකද වෙන්නේ?
  • බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • කියවන්න බයිබලයේ ඉගැන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මැරුණාට පස්සේ මොකද වෙන්නේ?
  • යේසුස් කිව්වේ මොනවාද?
  • අපි මැරෙන්නේ ඇයි?
  • බොරුවෙන් නිදහසක්
  • අපි වයසට ගිහින් මැරෙන්නේ ඇයි?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • 2වන ප්‍රශ්නය: මැරුණට පස්සේ වෙන්නේ මොනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාතන්ට සවන් දීමෙන් සිදු වුණේ කුමක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • මිය ගිය අය නැවත ජීවත් වෙයිද?
    මියගිය ප්‍රේමණීයයන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද?
තව තොරතුරු
බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
bhs 6 පරි. 62-70 පි.

6වෙනි පරිච්ඡේදය

මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

1-3. මරණය ගැන හුඟක් අය අහන්නේ මොන වගේ ප්‍රශ්නද? සමහර ආගම්වලින් ඒවාට දීලා තියෙන උත්තර මොනවාද?

‘මරණය තවත් නොවන්නේය’ කියලා බයිබලයේ පොරොන්දු වෙනවා. (එළිදරව් 21:4) යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා කියලා අපි ඉගෙනගත්තා. ඒත් තාමත් මිනිස්සු මැරෙනවා. (දේශනාකාරයා 9:5) ඒ නිසා හුඟදෙනෙක් අහනවා මැරුණාට පස්සේ මොකද වෙන්නේ කියලා.

2 අපි ආදරය කරපු කෙනෙක් මැරුණාම ඒ ගැන අපි හුඟක් හිතනවා. ‘එයා දැන් කොහේ ඇද්ද, එයා අපි දිහා බලන් ඉන්නවාද, එයාට පුළුවන්ද අපිට උදව් කරන්න, කවදා හරි එයාව දකින්න ලැබෙයිද’ වගේ දහසකුත් ප්‍රශ්න අපේ හිතේ ඇති වෙන්න පුළුවන්.

3 එක එක ආගම්වල ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ එක එක විදිහට. සමහරු කියනවා හොඳ අය මැරුණාම ස්වර්ගයට යනවා, නරක අය අපායට යනවා කියලා. ඒ වගේම මැරෙන්න කලින් කරපු හොඳ නරක අනුව මිනිසෙක් විදිහට හරි සතෙක් විදිහට හරි ආයෙත් ඉපදෙනවා කියලා කියන අයත් ඉන්නවා.

4. මැරුණාට පස්සේ වෙන දේ ගැන හැම ආගමකින්ම වගේ විශ්වාස කරන පොදු දේ මොකක්ද?

4 මැරුණාට පස්සේ වෙන දේ ගැන ආගම්වලින් විවිධ දේවල් ඉගැන්නුවත් ඒ හැම ආගමකම වගේ විශ්වාස කරන පොදු දෙයක් තියෙනවා. ඒ, කෙනෙක් මැරුණාම එයාගෙන් වෙන් වෙලා යන නොමැරී පවතින දෙයක් තියෙනවා කියන දේ. ඒක ඇත්තක්ද?

මැරුණාට පස්සේ මොකද වෙන්නේ?

5, 6. මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ?

5 අපි මැරුණාම අපිට මොකද වෙන්නේ කියලා හරියටම දන්නේ යෙහෝවා දෙවියන්. කෙනෙක් මැරුණාම ඒ කෙනාගේ ජීවිතය එතනින් ඉවර වෙනවා කියලා දෙවියන් කියලා තියෙනවා. එයාගෙන් වෙන් වෙලා යන නොමැරී පවතින කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.a ඒ නිසා මැරුණු කෙනෙක්ට කිසිම දෙයක් පේන්නෙවත් ඇහෙන්නෙවත් නැහැ. කිසිම දෙයක් ගැන හිතන්නවත් බැහැ.

6 බයිබලයේ කියනවා ‘මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ’ කියලා. ආදරය කරන්නවත් වෛර කරන්නවත් ‘කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් මැරුණු කෙනෙකුට බැහැ. කිසි දැනුමක්වත් ප්‍රඥාවක්වත් නැහැ.’ (දේශනාකාරයා 9:5, 6, 10 කියවන්න.) ගීතාවලිය 146:4 කියනවා කෙනෙක් මැරුණාම එයාගේ ‘කල්පනාව නැති වෙනවා’ කියලා.

යේසුස් කිව්වේ මොනවාද?

සැමියායි බිරිඳයි උද්‍යානයක ඉඳගෙන මලක් දිහා බලමින්

යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න

7. මැරුණාට පස්සේ වෙන දේ ගැන යේසුස් කිව්වේ මොනවාද?

7 යේසුස්ට හිටියා ලාසරුස් කියලා යාළුවෙක්. ලාසරුස් මැරුණාම යේසුස් ගෝලයන්ට කිව්වේ “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි” කියලයි. යේසුස් ඒකෙන් අදහස් කළේ ලාසරුස් විවේක ගන්න නිදාගෙන ඉන්නවා කියලා නෙවෙයි. මොකද ඔහු කිව්වා “ලාසරුස් ඇත්තටම මැරිලා” කියලා. (යොහන් 11:11-14) යේසුස් මරණය සමාන කළේ නින්දකට. ලාසරුස් ස්වර්ගයට ගියා කියලවත් අපායක දුක් විඳිනවා කියලවත් වෙන මිනිසෙක් විදිහට හරි සතෙක් විදිහට හරි වෙන තැනක ඉපදිලා කියලවත් යේසුස් කිව්වේ නැහැ. ඒ වෙනුවට ඔහු ලාසරුස්ගේ තත්වය තද නින්දකට සමානයි කියලා පෙන්නුවා. තව අවස්ථාවකදීත් යේසුස් මරණය නින්දකට සමාන කළා. ඔහු යායිරස්ගේ දුවව නැවත නැඟිටුවන්න ගිය වෙලාවේ කිව්වේ ‘දැරිය නිදාගෙනයි ඉන්නේ’ කියලා.—ලූක් 8:52, 53.

8. දෙවියන් මිනිසුන්ව හැදුවේ මැරෙන්න නෙවෙයි කියන්නේ ඇයි?

8 යෙහෝවා දෙවියන් ආදම්වයි ඒවවයි නිර්මාණය කළේ කාලෙකට පස්සේ මැරිලා යන්නද? නැහැ. දෙවියන් එයාලව නිර්මාණය කළේ සතුටින්, නිරෝගීව හැමදාම ජීවත් වෙන්න. ඒ වගේම දෙවියන් එයාලව නිර්මාණය කළේ සදාකාලයටම ජීවත් වෙන්න තියෙන ආශාවත් එක්කයි. (දේශනාකාරයා 3:11) දරුවන් වයසට ගිහින් මැරෙනවාට දෙමාපියන් කැමති නැහැ. අපේ තාත්තා වන යෙහෝවා දෙවියනුත් කැමති නැහැ අපි මැරෙනවාට. ඒත් දෙවියන් අපිව හැදුවේ සදාකාලයටම ජීවත් වෙන්න නම් ඇයි අපි මැරෙන්නේ?

අපි මැරෙන්නේ ඇයි?

9. දෙවියන් ආදම්ටයි ඒවටයි දීපු නීතිය කීකරු වෙන්න අමාරු, අසාධාරණ එකක් නෙවෙයි කියන්නේ ඇයි?

9 ඒදන් උයනේදී දෙවියන් ආදම්ට මෙහෙම කිව්වා. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන්. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්පත්ති 2:9, 16, 17) ඒක කීකරු වෙන්න අමාරු නීතියක් නෙවෙයි. ඒ වගේම එයාලව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් නිසා හොඳ මොකක්ද නරක මොකක්ද කියලා එයාලට කියන්නත් දෙවියන්ට අයිතිය තිබුණා. යෙහෝවා දෙවියන්ට කීකරු වුණා නම් විශ්වයේ පාලකයා විදිහට දෙවියන්ව ගෞරවයෙන් පිළිගන්නවා කියලා පෙන්වන්න එයාලට අවස්ථාව තිබුණා. ඒ වගේම කිසි අඩුවක් නැතුව හැම දේම දීපු එක ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා කියලත් එයාලට පෙන්වන්න තිබුණා.

10, 11. (අ) සාතන් ආදම්වයි ඒවවයි රැවැට්ටුවේ කොහොමද? (ආ) ආදම්, ඒව කළේ බරපතළ වරදක් කියන්නේ ඇයි?

10 ආදම්, ඒව තෝරාගත්තේ දෙවියන්ට අකීකරු වෙන්න. ඒක වුණේ මෙහෙමයි. සාතන් සර්පයෙක් කතා කරනවා වගේ පෙන්නලා ඒවගෙන් ඇහුවා “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද” කියලා. ඒව මෙහෙම කිව්වා. ‘උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. ඒත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. “ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා” කියලා දෙවි අපිට කිව්වා.’—උත්පත්ති 3:1-3.

11 එතකොට සාතන් මෙහෙම කිව්වා. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නවා.” (උත්පත්ති 3:4-6) සාතන්ට ඕන වුණේ හොඳ නරක තීරණය කරන්න ඒවට පුළුවන් කියලා ඒව හිතනවාටයි. දෙවියන්ට අකීකරු වුණාට ඒව මැරෙන්නේ නැහැ කියලත් සාතන් බොරු කිව්වා. ඉතින් ඒව ඒ පලතුර කාලා ආදම්ටත් දුන්නා. ඒ දෙන්නාම දැනගෙන හිටියා දෙවියන් ඒ ගහෙන් කන්න එපා කිව්වා කියලා. ඒත් දෙවියන් දීපු ඒ සාධාරණ, පැහැදිලි අණට එයාලා හිතාමතාම අකීකරු වුණා. තමන්ගේ ආදරණීය තාත්තා ගැන එයාලගේ හිතේ කිසිම ගෞරවයක් තිබුණේ නැහැ. එයාලා කරපු ඒ බරපතළ වරද ගැන නිදහසට කරුණු කියන්න එයාලට කොහොමටවත් බැහැ.

12. ආදම්, ඒව කරපු වරද ගැන දෙවියන්ට ලොකු වේදනාවක් දැනුණේ ඇයි?

12 තමන්ව නිර්මාණය කරපු දෙවියන්ට අකීකරු වෙලා අපේ මුල් දෙමාපියන් දෙවියන්ට කළේ මොන තරම් අගෞරවයක්ද? ඒකෙන් දෙවියන්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද? ආදරෙන් හදා වඩා ගත්ත ඔයාගේ දුව, පුතා ඔයාට අකීකරු වෙලා එයාලට ඕන ඕන විදිහට වැඩ කරනවා නම් ඔයාට කොච්චර වේදනාවක් දැනෙයිද? යෙහෝවා දෙවියන්ට දැනුණෙත් ඒ වගේ වේදනාවක්.

ආදම්ව නිර්මාණය කරපු අවස්ථාව

දූවිල්ලෙන් නිර්මාණය කරපු ආදම් මැරුණාට පස්සේ දූවිල්ලටම හැරුණා

13. ‘ඔබ දූවිල්ලටම හැරී යනවා’ කියලා කියපු එකෙන් දෙවියන් අදහස් කළේ මොකක්ද?

13 දෙවියන්ට අකීකරු වුණු නිසා හැමදාටම ජීවත් වෙන්න තිබුණු අවස්ථාව ආදම්, ඒව නැති කරගත්තා. යෙහෝවා දෙවියන් ආදම්ට මෙහෙම කිව්වා. “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19 කියවන්න.) දෙවියන් ආදම්ව හැදුවේ දූවිල්ලෙන්. ඊට කලින් එයා කොහේවත් ජීවත් වුණේ නැහැ. ඒ නිසා දූවිල්ලටම හැරිලා යනවා කියන එකෙන් අදහස් කළේ එයා ආයෙත් ඒ තත්වයටම පත් වෙනවා කියන එකයි. (උත්පත්ති 2:7) ආදම් පව් කරපු නිසා එයා මැරුණා. එයාගේ පැවැත්ම එතනින් ඉවර වුණා.

14. අපි මැරෙන්නේ ඇයි?

14 ආදම්, ඒව දෙවියන්ට කීකරුව හිටියා නම් එයාලා අදටත් ජීවත් වෙනවා. ඒත් පව් කරපු නිසා එයාලා මැරුණා. මාරාන්තික ලෙඩක් පරම්පරාවෙන් දරුවන්ට උරුම වෙනවා වගේ අපේ මුල් දෙමාපියන්ගෙන් අපිටත් පාපය උරුම වුණා. අපි ඉපදෙන්නෙම ඒ පාපය උරුම කරගෙන. පාපය නිසයි අපි මැරෙන්නේ. (රෝම 5:12) ඒත් දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ටික කාලෙකින් මැරෙන්න නෙවෙයි. බයිබලයේ කියන්නේ මරණය ‘සතුරෙක්’ කියලයි.—1 කොරින්ති 15:26.

බොරුවෙන් නිදහසක්

15. මරණය ගැන ඇත්ත දැනගත්තාම අපි නිදහස් වෙන්නේ මොකකින්ද?

15 මැරුණාම වෙන දේ ගැන ඇත්ත දැනගත්තාම ඒ ගැන තියෙන වැරදි මතවලින් නිදහස් වෙන්න අපිට පුළුවන්. බයිබලයේ කියන්නේ මැරුණු අයට දුක, වේදනාව දැනෙන්නේ නැහැ කියලා. අපිට එයාලා එක්කවත් එයාලට අපි එක්කවත් කතා කරන්න බැහැ. අපිට උදව් කරන්න එයාලට බැහැ වගේම එයාලට උදව් කරන්න අපිටත් බැහැ. අපිට හානියක් කරන්නවත් එයාලට බැහැ. ඒ නිසා අපි එයාලට බය වෙන්න ඕනෙ නැහැ. ඒත් හුඟක් ආගම්වලින් උගන්වන්නේ මැරුණු අය කොහේ හරි ජීවත් වෙනවා කියලයි. ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කියලයි හුඟක් ආගමික නායකයන් කියන්නේ. ඒක විශ්වාස කරන අය ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරනවා. ඒත් ඇත්ත දැනගත්තාම ඒ වගේ බොරුවලට අපි රැවටෙන්නේ නැහැ.

16. මැරුණු අය ගැන හුඟක් ආගම්වලින් උගන්වන බොරුව මොකක්ද?

16 සාතන් අසත්‍යය උගන්වන ආගම් අතකොළුවක් කරගෙන මැරුණු අය ජීවත් වෙනවා කියලා හිතන්න මිනිසුන්ව පොලඹවනවා. සමහර ආගම්වල උගන්වන්නේ කෙනෙක් මැරුණාම එයාගේ ශරීරයෙන් යම් දෙයක් පිට වෙලා ගිහින් වෙන තැනක ජීවත් වෙනවා කියලයි. ඔයාගේ ආගමේ උගන්වන්නෙත් එහෙමද? නැත්නම් කෙනෙක් මැරුණාට පස්සේ වෙන දේ ගැන බයිබලයේ කියන දේ ඔයාගේ ආගමෙන් උගන්වනවාද? මිනිසුන්ව යෙහෝවා දෙවියන්ගෙන් ඈත් කරන්න සාතන් හුඟක් බොරු යොදාගන්නවා.

17. මිනිසුන්ව අපායක පුච්චනවා කියන අදහස යෙහෝවා දෙවියන්ට කරන අපහාසයක් වෙන්නේ ඇයි?

17 සමහර ආගම්වල උගන්වනවා නරක අය අපායක දුක් විඳිනවා කියලා. ඒක බොරුවක්. ඒ වගේම ඒක දෙවියන්ට කරන අපහාසයක්. දෙවියන් කවදාවත් මිනිසුන්ට ඒ වගේ කුරිරු දඬුවමක් දෙන්නේ නැහැ. (1 යොහන් 4:8 කියවන්න.) දරුවෙක් වරදක් කළාම දඬුවමක් විදිහට ඒ දරුවාගේ අත පුච්චන එක ගැන ඔයාට කොහොමද හැඟෙන්නේ? ඒ වගේ කුරිරු කෙනෙක්ව ඔයා යාළුවෙක් කරගනියිද? සාතන්ට ඕනෙත් යෙහෝවා දෙවියන් කුරිරු කෙනෙක් කියලා ඔයා හිතනවාටයි.

18. මැරුණු අයට අපි බය වෙන්න ඕන නැත්තේ ඇයි?

18 සමහර ආගම්වල කියන්නේ කෙනෙක් මැරුණාම එයා ආත්මයක් විදිහට ජීවත් වෙනවා කියලා. අපිට උදව් කරන්න, කරදර කරන්න ඒ ආත්මවලට පුළුවන් කියලත් ඒ නිසා අපි ඒ ආත්මවලට ගරු කරන්න ඕනෙ කියලත් ඒ ආගම්වල උගන්වනවා. ඒ ගැන බයෙන් ඉන්න හුඟක් අය යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැතුව මැරුණු අයට ගරුබුහුමන් කරනවා. හැබැයි අපි බයිබලයෙන් දැනගත්තා මැරුණු අයට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි එයාලට බය වෙන්න ඕනෙ නැහැ. අපිව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන්. අපි නමස්කාර කරන්න ඕනෙ සැබෑ දෙවියන් වන ඔහුට විතරයි.—එළිදරව් 4:11.

19. මැරුණාට පස්සේ වෙන දේ ගැන ඇත්ත දැනගන්න එක අපිට උදව් වෙන්නේ කොහොමද?

19 මැරුණාට පස්සේ වෙන දේ ගැන ඇත්ත දැනගත්තාම හුඟක් ආගම් උගන්වන බොරුවලින් නිදහස් වෙන්න අපිට පුළුවන්. ඒ වගේම අනාගතයේදී දෙවියන් අපි වෙනුවෙන් කරන්න පොරොන්දු වෙලා තියෙන පුදුමාකාර දේවල් තේරුම් අරන් ඒ ගැන ස්ථිර බලාපොරොත්තුවකින් ඉන්නත් ඒක අපිට උදව් වෙනවා.

20. ඊළඟ පරිච්ඡේදයෙන් අපි ඉගෙනගන්නේ මොනවා ගැනද?

20 ධර්මිෂ්ඨ මිනිසෙක් වුණු යෝබ් ඇහුවා “මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද” කියලා. (යෝබ් 14:14) ඇත්තටම මැරුණු කෙනෙක්ව ආයෙත් ජීවත් කරවන්න පුළුවන්ද? ඒ ගැන දෙවියන් කියලා තියෙන දේ ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

a වැඩි විස්තර දැනගන්න 17වෙනි අමතර සටහන බලන්න.

සාරාංශය

1වෙනි ඉගැන්වීම: කෙනෙක් මැරුණාම එයාගේ ජීවිතය එතැනින් ඉවරයි

“මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”—දේශනාකාරයා 9:5

මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ?

  • ගීතාවලිය 146:3, 4; දේශනාකාරයා 9:6, 10

    අපි මැරුණාම අපිට පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. හිතන්න බැහැ.

  • යොහන් 11:11-14

    මරණය හරියට නින්දක් වගේ කියලා යේසුස් කිව්වා.

2වෙනි ඉගැන්වීම: යෙහෝවා දෙවියන් මිනිසුන්ව හැදුවේ මැරෙන්න නෙවෙයි

“‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”—උත්පත්ති 2:17

අපි මැරෙන්නේ ඇයි?

  • උත්පත්ති 3:1-6

    දෙවියන්ට අකීකරු වුණොත් මැරෙන්නේ නැහැ කියලා සාතන් ඒවට බොරු කිව්වා. ආදම්, ඒව දෙවියන්ට අකීකරු වෙලා කළේ පාපයක්. අන්තිමේදී එයාලා මැරුණා.

  • උත්පත්ති 3:19

    ආදම් මැරුණාට පස්සේ එයාගේ ජීවිතය එතැනින් ඉවර වුණා.

  • රෝම 5:12

    පාපය හරියට මුල් දෙමාපියන්ගෙන් අපිට උරුම වුණු මාරාන්තික ලෙඩක් වගෙයි. අපි හැමෝම ඉපදෙන්නේ පාපය උරුම කරගෙන. අපි මැරෙන්නේ ඒ නිසයි.

  • 1 කොරින්ති 15:26

    බයිබලයේ කියන්නේ මරණය සතුරෙක් කියලා.

3වෙනි ඉගැන්වීම: මැරුණාට පස්සේ ඇත්තටම වෙන දේ දැනගත්තාම ලොකු සහනයක් දැනෙනවා

‘මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද? මාව නිදහස් කරන තුරු මම බලා සිටින්නෙමි.’—යෝබ් 14:14

මැරුණාට පස්සේ ඇත්තටම වෙන දේ දැනගත්තාම බොරු ඉගැන්වීම්වලින් අපි නිදහස් වෙන්නේ කොහොමද?

  • 1 යොහන් 4:8

    අපායක්, නිරයක් තියෙනවා කියලා උගන්වන එක යෙහෝවා දෙවියන්ට කරන අපහාසයක්. ඔහු කවදාවත් මිනිසුන්ට ඒ වගේ දඬුවමක් දෙන්නේ නැහැ.

  • එළිදරව් 4:11

    හුඟක් අය මැරුණු අයට බයයි. ඒ නිසා එයාලා මැරුණු අයට ගරුබුහුමන් කරනවා. යෙහෝවා දෙවියන් තමයි එකම සැබෑ දෙවියන්. අපි නමස්කාර කරන්න ඕනෙ ඔහුට විතරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න