ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 37 පාඩම 90 පි.-91 පි. 1 ¶
  • යෙහෝවා සාමුවෙල්ට කතා කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා සාමුවෙල්ට කතා කරයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • සාමුවෙල් දිගටම හරි දේ කළා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණා’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිගටම හරි දේ කරපු සාමුවෙල්
    දූපුතුන්ට කියා දෙන්න
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 37 පාඩම 90 පි.-91 පි. 1 ¶
සාමුවෙල් ශුද්ධ කූඩාරමේ දොරවල් අරිමින්

37වෙනි පාඩම

යෙහෝවා සාමුවෙල්ට කතා කරයි

උත්තම පූජක ඒලීට හොප්නී සහ පිනෙහාස් කියලා පුත්තු දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාම ශුද්ධ කූඩාරමේ සේවය කරපු පූජකයන්. එයාලා දෙවියන්ගේ නීතියට කීකරු වුණේ නැහැ. ඊශ්‍රායෙල්වරු යෙහෝවාට පූජා ඔප්පු කරන්න ආවාම හොඳම මස් ටික එයාලා ගත්තා. ඒලීට ඒ දෙන්නා කරන දේවල් ආරංචි වුණත් එයා මුකුත්ම කළේ නැහැ.

හොප්නීටයි පිනෙහාස්ටයි වඩා සාමුවෙල් හුඟක් බාල වුණත් සාමුවෙල් එයාලා වගේ වැඩ කළේ නැහැ. ඒ නිසා යෙහෝවා එයා ගැන සතුටු වුණා. දවසක් සාමුවෙල් නිදාගෙන ඉද්දී එයාට ඇහුණා කවුද එයාගේ නම කියනවා. එයා නැඟිටලා ඒලී ළඟට දුවගෙන ගිහින් “මට කතා කළාද” කියලා ඇහුවා. ඒලී කිව්වා ‘මං කතා කළේ නෑ. ගිහින් නිදාගන්න’ කියලා. සාමුවෙල් නිදාගෙන ඉද්දී ආයෙත් ඒ දේම වුණා. ඔය විදිහට සාමුවෙල් තුන් පාරක්ම ඒලී ළඟට ගියාම ඒලී තේරුම්ගත්තා සාමුවෙල්ට කතා කරන්නේ යෙහෝවා කියලා. ඒ නිසා එයා සාමුවෙල්ට කිව්වා ආයෙත් කතා කරනවා ඇහුණොත් ‘යෙහෝවා දෙවියනි, මං අහගෙනයි ඉන්නේ’ කියන්න කියලා.

යෙහෝවා කියපු දේ සාමුවෙල් ඒලීට කියමින්

සාමුවෙල් ආයෙත් නිදාගන්න ගියා. ටික වෙලාවකින් ආයෙත් එයාගේ නම කියනවා ඇහුණාම එයා කිව්වා ‘ඔයාගේ සේවකයා අහගෙනයි ඉන්නේ’ කියලා. යෙහෝවා එයාට මෙහෙම කිව්වා. ‘ඒලීට කියන්න මං එයාටයි පවුලේ අයටයි දඬුවම් කරනවා කියලා. පුතාලා කරන වැරදි ගැන දැනගෙනත් එයා මුකුත් කරන්නෑ.’ පහුවෙනිදා උදේ සාමුවෙල් වෙනදා වගේම ශුද්ධ කූඩාරමේ දොරවල් ඇරියා. යෙහෝවා කියපු දේ ඒලීට කියන්න එයා බයෙන් හිටියේ. ඒත් ඒලී කිව්වා ‘පුතේ, යෙහෝවා කියපු දේ මට කියන්න’ කියලා. ඊටපස්සේ සාමුවෙල් හැම දේම ඒලීට කිව්වා.

සාමුවෙල් ලොකු වුණාමත් යෙහෝවා එයා එක්ක හිටියා. යෙහෝවා සාමුවෙල්ව අනාගතවක්තෘවරයෙක් විදිහටයි විනිශ්චයකරුවෙක් විදිහටයි තෝරගෙන තියෙනවා කියලා ඊශ්‍රායෙල්වරු හැමෝම දැනගත්තා.

“තරුණයෙනි, තරුණ කාලේදී ඔයාගේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘව සිහි කරන්න.”—දේශනාකාරයා 12:1

ප්‍රශ්න: සාමුවෙල් හොප්නීටයි පිනෙහාස්ටයි වඩා වෙනස් වුණේ කොහොමද? යෙහෝවා සාමුවෙල්ට දුන්න පණිවිඩය මොකක්ද?

1 සාමුවෙල් 2:12-17, 22-26; 3:1-21; 7:6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න